7. කුසල සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි පතිසල්ලාණා වුට්ඨිතො යනු හුදෙකලා බවින් ධර්‍මයහි සතුටුවීමෙන්, ඵලසමවත් විසීමෙන් නැඟී සිටියේයි, යථාවිහාරං තම තමන් වසන විහාරයයි, නවා යනු පැවිද්දෙන් නවකයෝයි, ඔවුහු පන්සියයක් පමණ වූවාහුය, කාකච්ඡමානා යනු කාක් හඬ කරන්නාහුයි, දත් (කුරු) කන්නාහුයි, ථෙරා යනු ස්ථිරභාවයට පත්වූවෝයි, තෙන නො යනු එහෙයින් නොවේද? සෙය්‍යසුඛාදිය යට කියන ලද අර්‍ත්‍ථ ඇත්තේමය. රට්ඨිකො යනු රට පරිභොග කරන යමෙකි, පෙත්තණිකො යනු යමෙක් පියා විසින් බුදින ලද දෙය අනුව බුදියිද හෙතෙමේයි, සෙනාපතිකො යනු සෙනාවට දෙටුවූයේයි, ගාමගාමිකො යනු ගාමභොජකයායි, පුග්ගාමණිකො යනු ගණදෙටුවායි, අවිපස්සකො කුසලානං ධම්මානං යනු කුසල් දහම් නොසොයන්නේ සොයා නොබලන්නේවීයි, බොධිපක්ඛියානං ධම්මානං යනු සත්තිස් බෝධිපාක්ෂික ධර්‍මයන්ගේයි.
8. මච්ඡික සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි මච්ඡිකං යනු මසුන් මරන්නාවූයි, ඇතුපිටින් යනුයි හත්‍ථියායී නමි, අන්‍යවූ දෙය ද මේ ක්‍රමයමයි, වජ්ඣෙ යනු නැසිය යුත්තවුන්ය, වධායොපනීතෙ යනු නැසීම සඳහා එළවන ලද්දේ (සමීපයට යොමුකරන ලද්දේ) යි, පාපකෙන මනසා යනු ලාමක වූ නැසීමේ සිතිනි, පෙළෙහි වනාහි වාධායුන්නීතෙයි ලියත්. මාගවිකො යනු මුවන් නසන්නායි, කො පන වාදො මනුස්සභූතං යනු යමෙක් මිනිසකු පවිටු සිතෙන් බලාපොරොත්තු වෙයිද ඔහුගේ පැමිණීම නැතිවිට කුමක් කියයුතුද? මෙය පවිටුකම් කරන්නාගේ අනිටුපල බව දැක්වීමට කියන ලදි. එබදු කර්‍ම කරන්නා වූ යමකුට ද කීර්ති ප්‍රතිලාභයක් වේද ඔවුනට ඒ අකුශලය නිසා කුසලය විපාක දේ යයි දතයුතුය, අකුශලකර්‍මයෙන් බාධාකළ බැවින් ඔහුගේ විපාකය බොහෝකල් නොපවතී යයි මේ සූත්‍රයෙහි අකුශල පක්ෂය කියන ලදි.
9. පඨම මරණසති සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි නාදිකෙ යනු මෙබඳු නම් ඇති ගමෙහියි, ගිඤ්ජකාවසථෙ යනු ගඩොලින් සාදන ලද පහයෙහියි, අමතොගධා යනු නිවන ප්‍රතිෂ්ඨාව කොට නිවන පිහිට කොට ඇත්තේයි, අර්‍ත්‍ථයි, භාවෙථ නො යනු වඩන්නාහු නොවේද? මරණසතිං යනු මරණසති කර්‍මස්ථානයයි, අහොවත යනු ප්‍රාර්‍ත්‍ථනාර්‍ත්‍ථයෙහි නිපාතයකි. බහුවත මෙ කතං අස්ස යනු ඔබවහන්සේගේ සසුනෙහි මගේ කටයුතු බොහෝ කරන ලද්දේ වන්නේය. තදන්තරං යනු ඒ අතර අවස්ථාව අවකාශය යනුයි, අස්සසිත්වා වා පස්සසාමි යනු මෙහි අස්සාස යනු ඇතුළට පිවිසෙන වායුවයි, පස්සාසො යනු පිටතට නික්මෙන වායුවයි, මෙසේ මේ භික්ෂුව ඇතුළට පිවිසි වාතය පිටතට නික්මවයි, පිටට නික්මෙන වාතය ඇතුළට පිවිසුවයි, එතෙක් ජීවිතය පතමින් මෙසේ කීවේය. දන්ධං යනු මඳවූ බර වූ ඉක්මන් පැවතුම් ඇතියි, ආසවානං ඛයාය යනු අරහත්ඵලය සඳහායි, මේ සූත්‍රයෙහි මරණ සතිය අරහත්වයට පමුණුවා කියන ලදි.
10. දුතිය මරණසති සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි පතිහිතාය යනු පිළිපන්නාවූයි, ඉති පටිසඤ්චික්ඛති යනු ප්‍රත්‍යවේක්ෂා කරයි, සො මමස්ස අන්තරයො යනු මෙහි ත්‍රිවිධ අන්තරායෙකි, ජීවිතාන්තරාය, ශ්‍රමණධර්‍මාන්තරාය. පෘථග්ජන කාලක්‍රියාව කරන්නහුගේ ස්වර්‍ගාන්තරාය මෙන්ම මාර්‍ගාන්තරාය යනුවෙනි, ඒ සියල්ලම සඳහා කීවේය, ව්‍යාපජ්ජෙය්‍ය යනු අජීර්ණක ආදී වශයෙන් විපතට පත්වන්නේයි, අධිමත්තො යනු බලවත් වූයි, ඡන්දො යනු කරනු කැමති ඡන්දයයි, වායාමො යනු ප්‍රයෝග වීර්යයි, උස්සාහො යනු ඔසවා තබන වීර්යයයි, උස්සොළ්හී යනු සම්පාදන (ඉටුකිරීමේ) වීර්‍ය්‍යයයි, අප්පටිවානි යනු උකටලී නොවීමයි. ඒකාබද්ධ නොවීමයි, සෙස්ස සියලු තන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.
දෙවැනි වර්‍ගයයි.
3. අනුත්තරිය වර්ගය
1-2. සාමගාමක ආදි සූත්‍ර වර්ණනා
තෙවැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි සාමගාමකෙ යනු සාමකයන් වැඩි බැවින් මෙන්ම එසේ ලබන ලද නම් ඇති ගමෙහියි, පොක්ඛරණියායං යනු පොක්ඛරණියා නමැති විහාරයෙහියි, අභික්කන්තාය රත්තියා යනු රාත්‍රියෙහි පළමු යම ඉක්ම ඇඳුම් යම පැමිණි කල්හියි, අභික්කන්තවණ්ණා යනු ඉතා සිත්ගන්නා බෙහෙවින් සිත්කලු වූයි, කෙවලකප්පං යනු මුළුල්ලම, සම්පූර්‍ණයෙන්ම යනුයි, පොක්ඛරණියං ඔභාසෙත්වා යනු පොක්ඛරණියා නම් වූ මහාවිහාරය තමන්ගේ ආලෝකයෙන් පතුරුවායි, සමනුඤ්ඤො යනු සමසේ අනුදත්තේ, සමාන සිත් ඇත්තේයි, දොවචස්සතා යනු දුර්‍වච (නපුරු වචන ඇති) බවයි, පාපමිත්තතා යනු පවිටු මිතුරන් ඇති බවයි, මේ සූත්‍රයෙහි පිරිහීමට පත්කරන ධර්‍මයෝම කියන ලදහ. දෙවැන්නෙහි පිරිහීම ඇති නොකරන ධර්‍මයෝ ලෝකෝත්තර මිශ්‍රකව කියන ලදහ.