9. පඨමසෙඛ සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි සෙඛස්ස යනු හික්මෙන්නායි, කිරීමට කටයුතු ඇති තැනැත්තාගේයි, පරිහානාය යනු මතු මතු ගුණයන්ගෙන් පිරිහීම සඳහායි, කම්මාරාමතා යනු නවකම්හි ඇලෙන බවයි, භස්සාරාමතා යනු අල්ලාප සල්ලාපයෙහි ඇලෙන බවයි, සඞ්ගනිකාරාමනා යනු සමූහයා සමඟ එක්ව සිටීමෙහි ඇලෙනසුලු බවයි, යථාවිමුත්තං චිත්තං න පච්චවෙක්ඛති යනු යම්සේ ඔහුගේ සිත මිදුණේ ද යම් දෝෂයෝ ප්‍රහීනවූවාහු ද ගුණයෝ ද ලබන ලද්දෝ ද ඒවා මෙනෙහි කොට මත්තෙහි වූ ගුණ ලැබීම සඳහා උත්සාහ නොකරයි යන අරුත්ය, මෙසේ මේ සූත්‍රයෙහි සත්වැදෑරුම් ශෛක්ෂයන්ගේ මතු මත්තෙහි හානිය ඇතිකිරීම ද දියුණුව ඇති කිරීම ද කියන ලදි, ශෛක්ෂයගේ පරිහානිය ඇති කරන යමක් වේ ද එය පළමුවම කියන ලදි.
10. දුතියසෙඛ සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි ව්‍යත්තො යනු ව්‍යක්තවූයේ දක්ෂවූයේයි, කිං කරණීයෙසු යන කළයුතු දෙයෙහියි, චෙතොසමථං යනු සමාධිකර්‍මස්ථානයයි, අනනුලොමිකෙන යනු සසුනට නොසුදුසු දෙයිනි, අතිකාලෙන යනු ඉතා උදයෙනි, අතිදිවා යනු මධ්‍යයට අයත්වූයේ දිවායි කියනු ලැබේ. එය ඉක්මවායි, ආභිසල්ලෙඛිකා යනු බෙහෙවින් කෙලෙස්, නසන්නාවූයි, චෙතොවිවරණසප්පායා යනු චිත්ත විවරණ සංඛ්‍යාත වූ සමථ විදර්‍ශනාවන්ට යෝග්‍යවූයේයි, අප්පිච්ඡකථා යනු අපිස් වෙහුයි කියන කථාවයි, සන්තුට්ඨිකථා යනු සිවුපසයෙහි තුටු වෙහුයි කියන කථාවයි, පච්චෙකකථා යනු තුන් විවේකයන්ගෙන් විවේක බවට පැමිණෙහුයි කියන කථාවයි, අසංසග්ගකථා යනු පස්වැදෑරුම් ඇසුරු කිරීම්වලින් වෙන්වෙහුයි කියන කථාවයි, විරියාරම්භකථා යනු දෙවැදෑරුම් වීර්යය අරඹහුයි කියන කථාවයි, සීලකථාදියෙහි ද සීලය අරභයා වූ කථාවයි, සමාධිය අරභයා කථාවයි, පඤ්චවිධ සංඥාව අරභයා විමුක්තිය අරභයා එකුස්විසි ප්‍රත්‍යවෙක්ෂණ කථා සංඛ්‍යාත වූ විමුක්තිඥානදර්‍ශනය අරභයා කථාව, විමුත්තිඤාණදස්සනකථා යි, න නිකාමලාහි යනාදියෙහි කැමති කැමති දෙය නොලබන්නාවූ දුකසේ ලබන්නා වූ බොහෝ නොලබන යන අර්‍ත්‍ථයයි, සෙස්ස පැහැදිලිමය.
සිවුවැනි වර්‍ගයයි
5. කකුධ වර්ගය
1-2. පඨමසම්පදා ආදි සූත්‍ර වර්ණනා
පස්වැනි වර්ගයේ පළමු සූත්‍රයෙහි පඤ්චසම්පදාව මිශ්‍රකව කියන ලදි: දෙවැන්නෙහි මුල්සතර මිශ්‍රකව කියන ලදි. පස්වැනි සම්පදාව ලෞකිකමය,
3. අඤ්ඤබ්‍යාකරණ සූත්‍ර වර්ණනාව
තෙවැනි සූත්‍රයෙහි අඤ්ඤාව්‍යාකරණානි යනු රහත් බව පිළිබඳ විවරණයෝයි, මන්දත්තා යනු මද බවෙනි, නොදැන්මෙනි, මොමුහත්තා යනු ඉතා මුළා බැවිනි, අඤ්ඤාං ව්‍යාකරොති යනු රහත් බවට පැමිණියෙමැයි කියයි, ඉච්ඡාපකතො යනු ඉච්ඡාවෙන් (කැමැත්තෙන්) පෙළුනේයි, අධිමානෙන යනු එළැඹි මානයෙනි, සම්මදෙව යනු හෙතුවෙන් නයින්, කාරණයෙනි,
4-5. ඵාසුවිහාර ආදි සූත්‍ර වර්ණනා
සිවුවැන්නෙහි ඵාසුවිහාරො යනු සැප විහරණයෙනි, පස්වැන්නේ අකුප්පං යනු රහත්බවයි,
6. දෙවන අකුප්ප සූත්‍ර වර්ණනාව
සයවැන්නෙහි අප්පට්ඨො යනු අඩු උත්සාහ ඇත්තේයි, අප්පකිච්චො යනු අඩු කටයුතු ඇත්තේයි, සුභරො යනු සුවසේ වැඩිය යුත්තේ, සුවසේ පොෂණය කළ හැක්කේයි, සුසන්තොසො යනු ත්‍රිවිධ සත්තෝෂයෙන් මනාව සතුටු වූයේයි, ජීවිතපරික්ඛාරෙසු යනු ජීවිතයට අවශ්‍ය (අඩුවැඩියෙනි) ද්‍රව්‍යවලිනි, අප්පහාරො යනු අඩු ආහාර ඇත්තේයි, අනොදරිකත්තං යනු දැඩිසේ කුස නොපිරියයුතුබවට, බොහෝ කුසගිනි නැති බවට පැමිණියේයි, අප්පමිද්ධො යනු බොහෝ නිදි නැත්තේයි, සත්වැනි අටවැනි සූත්‍රයෝ පැහැදිලි අරුත් ඇත්තෝය.
9. සීහ සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි සක්කච්චඤ්ඤෙව දෙති නො අසක්කච්චං යනු අවඥාවෙන් විරුද්ධ නොවීම දෙයි, අවඥාවෙන් විරුද්ධ වී නොවේ, මා මෙ යොග්ගපථො නස්ස යනු මා විසින් කරනලද පුහුණුවීමේ මාර්‍ගය මට නොනසව, එක් සිංහයෙක් නැඟිට බළලකුට පහර දෙන්නේ අතපසුවී පහර දුන්නේයයි මෙසේ කියන්නෝ නොවෙත්වායි අරුත්ය. අන්නභාරනෙසාදානං යනු මෙහි අන්න යනු යවතණයි, ඒ බර මොවුන්ටනුයි අන්නභාරා නමි, යවතණට අදාළ කටයුතු කරන්නවුනට මේ නමෙකි, කුරුළු වැද්දෝ නෙසාදායි කියනු ලැබෙත්, මෙසේ යටත් පිරිසෙයින් යවවැඩ කරන්නවුනට හා කුරුළු වැද්දන්ට ද සකස්වම දේශනා කරයි.
10. කකුධ සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි අත්තලාභපටිලාභො යනු ශරීර ප්‍රතිලාභයයි, ද්වෙ වා තීණි වා මාගධකාති ගාමක්ඛෙත්තානි යනු මෙහි මගධයට අයත් කුඩා මධ්‍යම හා මහත් ග්‍රාමක්‍ෂෙත්‍ර ඇත. කුඩා ග්‍රාමක්‍ෂෙත්‍රය මෙයින් සතළිස් ඉස්බකි. මෙයින් සතළිස් ඉස්බකැයි ගව්වක් වෙයි, මධ්‍යම ග්‍රාමක්‍ෂේත්‍රය මෙයින් ගව්වකි මෙයින් ගව්වකැයි අඩයොදුනකි, මහත් ග්‍රාමක්‍ෂෙත්‍රය මෙදෙසින් ගව් එකහමාරකි. මෙදෙසින් ගව් එකහමාරකැයි ගව් තුනක් වෙයි, ඔවුනතුරින් කුඩා ග්‍රාමක්‍ෂේත්‍රයෙන් තුනක් ද කුඩා හා මධ්‍යම ග්‍රාමක්‍ෂේත්‍රයෙන් දෙකක් ද ඔහුගේ ආත්මභාවය වෙයි, ඔහුගේ ශරීරය ගවුතුනෙකි, පරිභරිස්සාමි යනු පිළිදැගුම් කරන්නෙමි, පෝෂණය කරන්නෙමියි, රක්ඛස්සෙතං යනු මොහු රකිත්වායි, මොඝපුරිසො යනු පහත් මිනිසායි, නාස්සස්ස යනු මොහුට නොවේවා! සමුදාචරෙය්‍යාම යනු කියන්නෙමු. සම්මන්නති යනු සම්මානකරයි, යං තුමො කරිස්සති තුමොව තෙන පඤ්ඤායිස්සති යනු මෙතෙම යමක් කරයිද හෙතෙමේම එම ක්‍රියාවෙන් ප්‍රකට වන්නේය, සෙස්ස, සියලු තන්හි පැහැදිලිමය.