4. ථෙර වර්ගය
1. රජනීය සූත්ර වර්ණනාව
සිවුවැනි වර්ගයෙහි පළමු සූත්රයෙහි රජනීයෙසු යනු රාගයට හේතුවන්නා වූ අරමුණුවලයි, සෙසු තන්හි මේ ක්රමයමැයි,
2. වීතරාග සූත්ර වර්ණනාව
දෙවැන්නෙහි මක්ඛී යනු ගුණමකුවායි, පළාසී යනු විරුද්ධවාදීත්වය ලක්ෂණ කොට ඇති නපුරුකමින් යුක්ත වූයේයි,
3. කුහක සූත්ර වර්ණනාව
තෙවැන්නෙහි කුහකො යනු තෙවැදෑරුම් වංචක වස්තූන්ගෙන් යුක්ත වූයේයි, ලපකො යනු ලාභය ඇසුරු කොට ඇති චාටු කථාවෙන් යුක්තවූයේයි, නෙමිත්තකො යනු නිමිති පිළිබඳව කටයුතු කරන්නායි (නිමිති කියන්නායි) නිප්පෙසිකා යනු ඇස් බැන්දුම් (රැවටිලි සහිත) කථාවෙන් යුක්තවූයේයි, ලාභෙන ලාභං නිජිගිංසිතා යනු ලාභයෙන් ලාභය සොයන්නායි, යහපත් පැත්ත කියන ලද ක්රමයට විරුද්ධ ලෙසින් දතයුතුය, සිවුවැන්න පැහැදිලිමය.
5. අක්ඛම සූත්ර වර්ණනාව
පස්වැන්නෙහි අක්ඛමො හොති රූපානං යනු රූපාරම්මණය නොයිවසන්නේ වෙයි, රාගාදී වූ තදාරම්මණයන්ගෙන් මැඬ සිටියි, සියලු තැන්හි මේ ක්රමයමයි.
6. පටිසම්භිදා සූත්ර වර්ණනාව
සයවැන්නෙහි අත්ථපටිසම්භිදාප්පත්තො යනු පස්වැදෑරුම් අර්ත්ථයන්හි ප්රභේදගත වූ ඥානයට පැමිණියේයි, ධම්මපටිසම්භිදාප්පත්තො යනු සිවුවැදෑරුම් ධර්මයන්හි ප්රභේදගත වූ ඥානයට පැමිණියේයි, නිරුත්තිපටිසම්භිදාප්පත්තො යනු ධර්මනිරුක්තීන්හි ප්රභේදගත වූ ඥානයට පැමිණියෝයි, පටිභානපටිසම්භිදාප්පත්තො යනු තුන්තුන් ආකාර ඥානයන්හි ප්රභේදගත වූ ඥානයට පැමිණියේයි, හෙතෙම වනාහි ඒ තුන් ඥානයන්ම දනියි, ඒ ඥානයන්ගේ කෘත්ය නොකරයි, උච්චාවචානි යනු ලොකු කුඩායි, කිං කරණීයානි යනු මෙසේ කළයුතුයි,
7. සීල සූත්ර වර්ණනාව
සත්වැනි සූත්රය පැහැදිලිමය, මෙහි ශීලය ක්ෂීණාශ්රව ශීලයමයි. බහුශ්රැත බව ද ක්ෂීණාශ්රවයන්ගේ බහුශ්රැතබවමයි, වචනය ද ක්ෂීණාශ්රවයන්ගේ කල්යණ වචනයයි, ධ්යානයෝ ද ක්රියා ධ්යානයෝයි කියන ලදැයි දතයුතුය.
8. ථෙර සූත්ර වර්ණනාව
අටවැන්නෙහි ථෙරො යනු ස්ථිර බවට පැමිණියේයි රත්තඤ්ඤු යනු පැවිදි වූ දිනයෙහි සිට ඉකුත්වූ බොහෝ රාත්රීන් දන්නේයි, ඤාතො යනු දන්නා ලද්දාවූයි, ප්රකටවූයි, යසස්සී යනු කීර්තිය ඇසුරුකොට ඇත්තේයි, මිච්ඡාදිට්ඨිකො යනු නො ඇති සැටියෙන් දකින්නායි, සද්ධම්මා වුට්ඨාපෙත්වා යනු කුශලකර්මපථ ධර්මයෙන් උගුළුවා (ඉවත්කොට) යි, අසද්ධම්මෙ පතිට්ඨාපෙති යනු අකුශල කර්මපථයෙහි පිහිටවිය.
9. පඨමසෙඛ සූත්ර වර්ණනාව
නවවැන්නෙහි සෙඛස්ස යනු හික්මෙන්නායි, කිරීමට කටයුතු ඇති තැනැත්තාගේයි, පරිහානාය යනු මතු මතු ගුණයන්ගෙන් පිරිහීම සඳහායි, කම්මාරාමතා යනු නවකම්හි ඇලෙන බවයි, භස්සාරාමතා යනු අල්ලාප සල්ලාපයෙහි ඇලෙන බවයි, සඞ්ගනිකාරාමනා යනු සමූහයා සමඟ එක්ව සිටීමෙහි ඇලෙනසුලු බවයි, යථාවිමුත්තං චිත්තං න පච්චවෙක්ඛති යනු යම්සේ ඔහුගේ සිත මිදුණේ ද යම් දෝෂයෝ ප්රහීනවූවාහු ද ගුණයෝ ද ලබන ලද්දෝ ද ඒවා මෙනෙහි කොට මත්තෙහි වූ ගුණ ලැබීම සඳහා උත්සාහ නොකරයි යන අරුත්ය, මෙසේ මේ සූත්රයෙහි සත්වැදෑරුම් ශෛක්ෂයන්ගේ මතු මත්තෙහි හානිය ඇතිකිරීම ද දියුණුව ඇති කිරීම ද කියන ලදි, ශෛක්ෂයගේ පරිහානිය ඇති කරන යමක් වේ ද එය පළමුවම කියන ලදි.
10. දුතියසෙඛ සූත්ර වර්ණනාව
දසවැන්නෙහි ව්යත්තො යනු ව්යක්තවූයේ දක්ෂවූයේයි, කිං කරණීයෙසු යන කළයුතු දෙයෙහියි, චෙතොසමථං යනු සමාධිකර්මස්ථානයයි, අනනුලොමිකෙන යනු සසුනට නොසුදුසු දෙයිනි, අතිකාලෙන යනු ඉතා උදයෙනි, අතිදිවා යනු මධ්යයට අයත්වූයේ දිවායි කියනු ලැබේ. එය ඉක්මවායි, ආභිසල්ලෙඛිකා යනු බෙහෙවින් කෙලෙස්, නසන්නාවූයි, චෙතොවිවරණසප්පායා යනු චිත්ත විවරණ සංඛ්යාත වූ සමථ විදර්ශනාවන්ට යෝග්යවූයේයි, අප්පිච්ඡකථා යනු අපිස් වෙහුයි කියන කථාවයි, සන්තුට්ඨිකථා යනු සිවුපසයෙහි තුටු වෙහුයි කියන කථාවයි, පච්චෙකකථා යනු තුන් විවේකයන්ගෙන් විවේක බවට පැමිණෙහුයි කියන කථාවයි, අසංසග්ගකථා යනු පස්වැදෑරුම් ඇසුරු කිරීම්වලින් වෙන්වෙහුයි කියන කථාවයි, විරියාරම්භකථා යනු දෙවැදෑරුම් වීර්යය අරඹහුයි කියන කථාවයි, සීලකථාදියෙහි ද සීලය අරභයා වූ කථාවයි, සමාධිය අරභයා කථාවයි, පඤ්චවිධ සංඥාව අරභයා විමුක්තිය අරභයා එකුස්විසි ප්රත්යවෙක්ෂණ කථා සංඛ්යාත වූ විමුක්තිඥානදර්ශනය අරභයා කථාව, විමුත්තිඤාණදස්සනකථා යි, න නිකාමලාහි යනාදියෙහි කැමති කැමති දෙය නොලබන්නාවූ දුකසේ ලබන්නා වූ බොහෝ නොලබන යන අර්ත්ථයයි, සෙස්ස පැහැදිලිමය.