8. දුතියඅනාගතභය සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි පුරා මං සො ධම්මො ආගච්ඡති යනු යම්තාක් ඒ ධර්‍මය මා වෙත නොපැමිණෙයි ද ඒතාක් මම කලින්ම වීර්යය පටන් ගනිමැයි අරුත්ය. ඛිරොදකිභූතා යනු කිරි හා දිය මෙන් වූවාහුයි, ඒකත්වයට එළැඹුණාහුයි, පියචක්ඛුහි යනු මෙත් ඇසිනි.
5. 3. 9
නවවැන්නෙහි ධම්මසන්දොසා විනයසන්දොසො යනු ධර්‍ම දූෂණයෙන් විනය දූෂණය වෙයි, කෙසේනම් ධර්‍මය දූෂණය වනවිට විනය දූෂණය වේද? සමථ විදර්‍ශනා ධර්‍මයන් ගැබ් නොගන්නා කල්හි පස්වැදෑරුම් විනය නොවෙයි, මෙසේ ධර්‍මය දූෂණය වනවිට විනය දූෂණය වෙයි, දුශ්ශීලයාට සංවර විනය නැත. එය නොවනවිට සමථ විදර්‍ශනා ගැබ් නොගනියි. මෙසේ විනය දූෂණය වීමෙන් ධර්‍ම දුෂණ ද දතයුතුය. අභිධම්මකථං යනු ශ්‍රේෂ්ඨ ධර්‍මකථාවයි, වෙදල්ලකථං යනු අවබෝධයෙන් යුක්ත වූ ඥානමිශ්‍ර වූ කථාවයි, කණ්හං ධම්මං ඔක්කමමානා යනු සිදුරු (දොස්) සෙවීම නිසා අපවාද සෙවීම් වශයෙන් පාපධර්‍මයට බසින්නාහුයි, තවද දුෂ්ට සිතින් පුද්ගලයා හා ගැටෙන්නාහු ද ඒ පාප ධර්‍මයෙන් තමන් දැවෙන්නාහු ද ලාභසත්කාර සඳහා කියන්නාහු ද පාපධර්‍මයට බැසගන්නාහුමය,
ගම්භිරා යනු පෙළෙන් ගැඹුරුවූයි, ගම්භීරත්‍ථා යනු අර්‍ත්‍ථයෙන් ගැඹුරුවූයි, ලොකුත්තරා යනු ලෝකෝත්තර ධර්‍මය ප්‍රකට කරන්නාවූයි, සුඤ්ඤතා පටිසංයුත්තා යනු ස්කන්ධ ධාතු ආයතන ප්‍රත්‍යයාකාරයන්ගෙන් යුක්ත වූයි, න අඤ්ඤාචිත්තං උපට්ඨපෙස්සන්ති දැනීම සඳහා සිත නොතබත්, උග්ගහෙතබ්බං පරියාපුණිතබ්බං යනු උගතයුතු දේත් පිළිපැදිය යුතු දේත්ය, කවිකතා යනු ශෛලාක බන්ධනාදි වශයෙන් කවීන් විසින් කරන ලද කථායි, කාවෙය්‍යා යනු එයටම සමාන වචනයකි, බාහිරකා යනු සසුනෙන් බැහැර සිටියාහුයි, සාචකභාසිතා යනු බාහිර ශ්‍රාවකයන් විසින් කියන ලද්දාවූයි, මෙහි සෙස්ස යට කියන ලද ආකාර ඇති බැවින් ද මනාව දත හැකි බැවින් ද පැහැදිලි අරුත් ඇත්තේමය.
10. චතුත්ථඅනාගතභය සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි කල්‍යාණකාමා යනු යහපත කැමැත්තෝයි, රස්සගානි යනු උතුම් රසයෝයි, සංසට්ඨා විහරිස්සන්ති යනු පස් වැදෑරුම් සංසර්‍ගයෙන් එක්වූවාහු වෙසෙත්, සන්නිධිකාර පරාභොගං යනු සමීපයෙහි තබාගන්නා ලද දෙය පරිභොග කිරීමයි, ඔළාරිකම්පි නිමිත්තං යන මෙහි පොළොව කණින්නේ ද කණවයි අණවන්නේ ද පොළොව ඕළාරික නිමිත්තක් කරයි නමි, තණදඬු අතු කොළ සිඳින්නේ ද සිඳුවයි අණවන්නේ ද ශාකජාතීන් ඔළාරික නිමිත්තක් කරයි නමි. දිවිපැවතුම් සඳහා පිහි ආදිය ගන්වන්නා ද පලවැල රැස් කරන්නා ද ගැන කිවයුත්තක් නැත්තේමය, මේ සූත්‍ර සතරෙහි ශාස්තෲන් වහන්සේ විසින් සසුනෙහි දියුණුව හා පිරිහීම කියන ලදි.
තෙවැනි වර්‍ගයයි.
4. ථෙර වර්ගය
1. රජනීය සූත්‍ර වර්ණනාව
සිවුවැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි රජනීයෙසු යනු රාගයට හේතුවන්නා වූ අරමුණුවලයි, සෙසු තන්හි මේ ක්‍රමයමැයි,
2. වීතරාග සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි මක්ඛී යනු ගුණමකුවායි, පළාසී යනු විරුද්ධවාදීත්වය ලක්‍ෂණ කොට ඇති නපුරුකමින් යුක්ත වූයේයි,
3. කුහක සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි කුහකො යනු තෙවැදෑරුම් වංචක වස්තූන්ගෙන් යුක්ත වූයේයි, ලපකො යනු ලාභය ඇසුරු කොට ඇති චාටු කථාවෙන් යුක්තවූයේයි, නෙමිත්තකො යනු නිමිති පිළිබඳව කටයුතු කරන්නායි (නිමිති කියන්නායි) නිප්පෙසිකා යනු ඇස් බැන්දුම් (රැවටිලි සහිත) කථාවෙන් යුක්තවූයේයි, ලාභෙන ලාභං නිජිගිංසිතා යනු ලාභයෙන් ලාභය සොයන්නායි, යහපත් පැත්ත කියන ලද ක්‍රමයට විරුද්ධ ලෙසින් දතයුතුය, සිවුවැන්න පැහැදිලිමය.
5. අක්ඛම සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි අක්ඛමො හොති රූපානං යනු රූපාරම්මණය නොයිවසන්නේ වෙයි, රාගාදී වූ තදාරම්මණයන්ගෙන් මැඬ සිටියි, සියලු තැන්හි මේ ක්‍රමයමයි.
6. පටිසම්භිදා සූත්‍ර වර්ණනාව
සයවැන්නෙහි අත්‍ථපටිසම්භිදාප්පත්තො යනු පස්වැදෑරුම් අර්‍ත්‍ථයන්හි ප්‍රභේදගත වූ ඥානයට පැමිණියේයි, ධම්මපටිසම්භිදාප්පත්තො යනු සිවුවැදෑරුම් ධර්‍මයන්හි ප්‍රභේදගත වූ ඥානයට පැමිණියේයි, නිරුත්තිපටිසම්භිදාප්පත්තො යනු ධර්‍මනිරුක්තීන්හි ප්‍රභේදගත වූ ඥානයට පැමිණියෝයි, පටිභානපටිසම්භිදාප්පත්තො යනු තුන්තුන් ආකාර ඥානයන්හි ප්‍රභේදගත වූ ඥානයට පැමිණියේයි, හෙතෙම වනාහි ඒ තුන් ඥානයන්ම දනියි, ඒ ඥානයන්ගේ කෘත්‍ය නොකරයි, උච්චාවචානි යනු ලොකු කුඩායි, කිං කරණීයානි යනු මෙසේ කළයුතුයි,