6. දුතියයොධාජීවූපම සූත්‍ර වර්ණනාව
සයවැන්නෙහි අසිචම්මං ගහෙත්වා යනු කඩුව ද සම ද ගෙනයි, ධනුකලාපං සන්නය්හිත්වා දුන්න ද හීතල සමූහය ද සරසාගෙන, වියුළ්හං යනු කඳවුරු බැඳගැනීමෙන් සිටියේයි, සංගාමං ඔතරති යනු මහත් යුද්ධයකට එළඹෙයි, උස්සභති වායමති යනු උත්සාහය ද ව්‍යායාමය ද කරයි, හනන්ති යනු නසති, පරියාදෙන්ති යනු යටපත් කරති, උපලික්ඛන්ති යනු විදිත්, අපන්නෙති යනු සිය සෙනඟ ගෙනයත්, අපනෙත්වා ඤාතකානං නෙන්ති යනු සිය සෙනඟ රැගෙන ගොස් අනතුරුව ඥාතීන්ගේ සමීපයට පමුණුවත්, නිය්‍යමානො යනු තමන්ගේ නිවසට හෝ සෙසු ඥාතීන් සමීපයට හෝ පමුණුවන්නහුයි, උපට්ඨහන්ති පරිචරන්ති යනු (කැපුම්) පහර පිරිසුදු කිරීම් තුවාල වෙලීම් ආදිය කරමින් පිළිදැගුම් කරති. පෝෂණය කරති.
අරක්ඛිතෙනෙව කායෙන යනු නොරකින ලද කායද්වාරයෙනි, අරක්ඛිතාය වාචාය නොරකින ලද වාග්ද්වාරයෙනි, අරක්ඛිතෙන චිත්තෙන යනු නොරකින ලද මනොද්වාරයෙනි, අනුපට්ඨිතාය සතියා යනු සිහිය මනාව පිහිටියක් නොකොටයි, අසංවුතෙහි ඉන්ද්‍රියෙහි යනු නොඉවසනලද නොරක්නාලද මනස සවැනි කොට ඇති ඉඳුරන්ගෙනි, රාගො චිත්තං අනුද්ධංසෙති යනු රාගය උපදිනු ලබන්නේම සමථ විදර්‍ශනා චිත්තය දුරු කරයි, දුරට යවයි, රාගායිතොම්හි ආවුසො රාගපරෙතො යනු ඇවැත්නි මම රාගයෙන් රත්වූයෙම් රාගයෙන් යුක්තවූයෙම් වෙමියි,
අට්ඨිකඞ්කලූපමා යනාදියෙහි අප්‍රසාද අර්‍ත්‍ථයෙන් ඇටසැකිල්ලකට සමාන වූයේයි, මංසපෙසුපමා යනු බොහෝ සාධාරණර්‍ත්‍ථයෙන් මාංශපේශියකට සමාන වූයේයි, තිණුක්කුපමා යනු තැවීම් ඇතිකරන අර්‍ත්‍ථයෙන් තණ හුලකට සමානය, අඞ්ගාරකාසුපමා යනු මහත් තැවීමක් ඇතිකරන අරුතින් අඟුරු වලකට සමානය, සුපිනකුපමා මදක් පැවතීම් අරුතින් සිහිනයකට සමානය, යාචිතකුපමා යනු තාවකාලිකාර්ථයෙන් ඉල්වාගන්නා ලද්දක් බඳුය, රුක්ඛඵලුපමා යනු සියලු අඟ පසඟ බිඳීයන අරුතින් ගසක සන්ධියක් බඳුය, අසිසුනුපමා යනු පිළිකුල් අරුතින් වධකාගාරයක් බඳුය, සත්තිසුලුපමා යනු විනිවිද යන අරුතින් අවිමුවහතක් බඳුය, සප්පසිරූපමා යනු සැකසහිත බිය සහිත අරුතින් සර්‍ප හිසක් බඳුය, උස්සභිස්සාමි යනු උත්සාහ කරන්නෙමි, ධාරයිස්සාමි යනු මහණ බව දරන්නෙමි, අභිරමිස්සාමි යනු කැමැත්ත උපදවන්නෙමි, උකටලී නොවෙමි, මෙහි සෙස්ස පැහැදිලිමය, මෙම සූත්‍රයෙහි සසර හා නිවන කියන ලදි.
7. පඨමඅනාගතභය සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි ආරඤ්ඤකෙන යනු වනයෙහි වසන්නහු විසිනි, අප්පත්තස්සා යනු නොපැමිණි ධ්‍යාන විදර්‍ශනා මාර්‍ගඵල ප්‍රභේදකොට ඇති විශේෂයකට පැමිණීමෙනි, සෙසු පදයන්හි ද මේ ක්‍රමයමයි, සො මමස්ස අන්තරායො යනු හෙතෙම මගේ ජීවිතයට අනතුරක් ද බඹසරට අනතුරක් ද පෘථග්ජන කාලක්‍රියාව කරන්නාට දෙව්ලොව අනතුරක් ද මාර්‍ගයට අනතුරක් ද වන්නේය, හන්ද යන ඒකාන්තාර්ථයෙහි නිපාතයකි, චිරියං ආරභාමි යනු දෙවැදෑරුම් වූ වීර්යය කරමි, සත්‍ථකා යනු සැතක බඳු සන්ධි බැඳුම් පිඳින වාතයෝයි. වාළෙහි යනු දරණ වූවන්ගෙනි, මාණවෙභි යනු සොරුන්ගෙනි, කතකම්මෙහි වා අකතකම්මෙහි වා මෙහි සොරකම් කිරීමට යන්නෝ අකතම්මා නම් වෙත්. එහි කරන ලද කර්‍ම ඇත්තෝ කර්‍මය සඵල වූ බැවින් සත්ත්වයන්ගේ ගලලෝභිතය ගෙන දෙවිවරුන්ට බිලිකරති, නොකළ කර්‍ම ඇත්තෝ මෙසේ අපගේ සොරකම සඵලවන්නේ යයි මුලදීම කරති. මේ සඳහා “තෙ මං ජීවිතා වොරොපෙය්‍යුං”යි කියන ලදි. වාළා අමනුස්සා යනු දරුණු වූ දුෂ්ඨ වූ යක්ෂාදී වූ අමනුෂ්‍යයෝයි.
8. දුතියඅනාගතභය සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි පුරා මං සො ධම්මො ආගච්ඡති යනු යම්තාක් ඒ ධර්‍මය මා වෙත නොපැමිණෙයි ද ඒතාක් මම කලින්ම වීර්යය පටන් ගනිමැයි අරුත්ය. ඛිරොදකිභූතා යනු කිරි හා දිය මෙන් වූවාහුයි, ඒකත්වයට එළැඹුණාහුයි, පියචක්ඛුහි යනු මෙත් ඇසිනි.
5. 3. 9
නවවැන්නෙහි ධම්මසන්දොසා විනයසන්දොසො යනු ධර්‍ම දූෂණයෙන් විනය දූෂණය වෙයි, කෙසේනම් ධර්‍මය දූෂණය වනවිට විනය දූෂණය වේද? සමථ විදර්‍ශනා ධර්‍මයන් ගැබ් නොගන්නා කල්හි පස්වැදෑරුම් විනය නොවෙයි, මෙසේ ධර්‍මය දූෂණය වනවිට විනය දූෂණය වෙයි, දුශ්ශීලයාට සංවර විනය නැත. එය නොවනවිට සමථ විදර්‍ශනා ගැබ් නොගනියි. මෙසේ විනය දූෂණය වීමෙන් ධර්‍ම දුෂණ ද දතයුතුය. අභිධම්මකථං යනු ශ්‍රේෂ්ඨ ධර්‍මකථාවයි, වෙදල්ලකථං යනු අවබෝධයෙන් යුක්ත වූ ඥානමිශ්‍ර වූ කථාවයි, කණ්හං ධම්මං ඔක්කමමානා යනු සිදුරු (දොස්) සෙවීම නිසා අපවාද සෙවීම් වශයෙන් පාපධර්‍මයට බසින්නාහුයි, තවද දුෂ්ට සිතින් පුද්ගලයා හා ගැටෙන්නාහු ද ඒ පාප ධර්‍මයෙන් තමන් දැවෙන්නාහු ද ලාභසත්කාර සඳහා කියන්නාහු ද පාපධර්‍මයට බැසගන්නාහුමය,