4. දුතියධම්මවිහාරී සූත්ර වර්ණනාව
සිවුවැන්නෙහි උත්තරිඤ්චස්ස පඤ්ඤාය අත්ථං නප්පජානාති යනු ඒ පර්ය්යාප්තියෙන් මත්තෙහි විදර්ශනා සහගත මාර්ග ප්රඥාවෙන් යුක්තවූ ඒ ධර්මයාගේ අර්ත්ථයක් නොදනියි, සිවුසස් නොදකියි, අවබෝධ නොකෙරේයයි අර්ත්ථයයි, සෙසු වාරයන්හි ද මේ ක්රමයමයි, මෙසේ මේ සූත්ර දෙකෙහිම බහුශ්රැත භික්ෂුව. විදර්ශනාවෙහි යෙදෙන්නා, සෝවාන් තැනැත්තා සකෘදාගාමියා අනාගාමියා ක්ෂීණාශ්රවයන් වහන්සේ යන සදෙනා ධම්මවිහාරී නම් වූවාහුයයි දතයුත්තාහ.
5. පඨමයොධාජීවූපම සූත්ර වර්ණනාව
පස්වැන්නෙහි යොධාජිවා යනු යුද්ධයෙන් ජීවත් වන්නාහුයි. රජග්ගං යනු ඇත් අස් ආදීන්ගේ පාපහරින් බිඳුණු බිමෙන් නැඟුණු දුවිලි සමුහයයි, න සන්ථමහති යනු යටපත් කොට සිටීමට නොහැකි වෙයි, සහති රජග්ගං දුවිලි සමුහය දැක ද ඉවසයි, ධජග්ගං යනු ඇත් අසුන්ගේ පිටෙහි හෝ රථයන්හි හෝ නංවනලද කොඩිවල අගය, උස්සාදනං යනු ඇත්-අස් රියවල මෙන්ම බලකායේ ද උස්හඬ, මහහඬයි, සම්පහාරෙ යනු පැමිණි සුළුවූ ද පහරෙහියි, ආහඤ්ඤති යනු දුක්වෙයි, තැවුලට පත්වෙයි, ව්යාපජ්ජති යනු විපතට පැමිණෙයි, ප්රකෘති ස්වභාවය අත් හරියි, සහති සම්පහාරං යනු දෙතුන් පහරකට පැමිණ ද ඉවසයි, උසුලයි, තමෙව සංගාමසීසං යනු ඒ ජය කඳවුරයි, අජ්ඣාවසති යනු දිනසතක් පමණ මැඩ පවත්වා වෙසෙයි, කුමක් හෙයින්දයත්? ලද පහරවල පහර යටපත් කරනු සඳහා මෙන්ම කළකටයුතුවල විශේෂත්වය දැන තනතුරු දීම සඳහා ද අධිපති සැපත විඳිනු සඳහා ද වේ.
දැන් යම් හෙයකින් යුද්ධයෙන් ජීවත් වන්නන්ගෙන් වැඩක් නැත්ද මේ සසුනෙහි එබඳු වූ පුද්ගලයන් පස්දෙනකු දැක්වීමට මේ උපමාව ඉදිරිපත් කරන ලදි. එහෙයින් ශාස්තෲන් වහන්සේ ඒ පුද්ගලයන් දක්වන සේක් “එවමෙව ඛො” යනාදිය කී සේක. එහි සංසීදති යනු මිථ්යා විතර්කයෙහි ගිලෙයි, පිවිසෙයි, න සක්කොති බ්රහ්මචරියං සන්තානෙතුං යනු බ්රහ්මචරියවාසය නොසිඳීමින් රැකීමට නොහැකි වෙයි, සික්ඛාදුබ්බල්යං ආචිකත්වා යනු ශික්ෂාවෙහි දුලබව කියායි, කිමස්ස රජග්ගසමිං යනු ඒ පුද්ගලයාට දූවිලි රැස කුමක් නම් වේදැයි අසයි, අභිරූපා යනු බෙහෙවින් රුවැති වූවාහුයි, දස්සනීයා යනු දැකීමට යොග්ය වූවෝයි, පාසාදිකා යනු දැකීමෙන්ම සිතේ පැහැදීම ඇති කරවන්නාහුයි, පරමාය යනු උතුම්වූයි, වණ්ණපොක්ඛරතාය යනු සිරුරු පැහැයෙන් මෙන්ම ශරීර සටහනෙනි, ඌහසති යනු අපහාස කරයි, උල්ලපති යනු කථා කරයි, උජ්ඣග්ගෙති යනු අත්පැහැර මහහඬින් සිනාසෙයි, උප්පණ්ඩෙති යනු සමච්චල් කථාකරයි, අභිනිසිදති යනු මැඩපවත්වා සමීපයෙහි හෝ එක් අසුනෙහි හෝ හිඳියි, දෙවැනි පදයෙහි ද ක්රමයමයි, අජ්ඣොත්ථරති යනු පැතිරී සිටියි, විනිවෙඨෙත්වා විනිමොවෙත්වා යනු ගත් තැනින් ඔහුගේ අත බැඳුම් හැර මුදායි, මෙහි සෙස්ස පැහැදිලි අරුත් ඇත්තේමය, මේ සූත්රයෙහි සසර හා නිවන කියන ලදි.
6. දුතියයොධාජීවූපම සූත්ර වර්ණනාව
සයවැන්නෙහි අසිචම්මං ගහෙත්වා යනු කඩුව ද සම ද ගෙනයි, ධනුකලාපං සන්නය්හිත්වා දුන්න ද හීතල සමූහය ද සරසාගෙන, වියුළ්හං යනු කඳවුරු බැඳගැනීමෙන් සිටියේයි, සංගාමං ඔතරති යනු මහත් යුද්ධයකට එළඹෙයි, උස්සභති වායමති යනු උත්සාහය ද ව්යායාමය ද කරයි, හනන්ති යනු නසති, පරියාදෙන්ති යනු යටපත් කරති, උපලික්ඛන්ති යනු විදිත්, අපන්නෙති යනු සිය සෙනඟ ගෙනයත්, අපනෙත්වා ඤාතකානං නෙන්ති යනු සිය සෙනඟ රැගෙන ගොස් අනතුරුව ඥාතීන්ගේ සමීපයට පමුණුවත්, නිය්යමානො යනු තමන්ගේ නිවසට හෝ සෙසු ඥාතීන් සමීපයට හෝ පමුණුවන්නහුයි, උපට්ඨහන්ති පරිචරන්ති යනු (කැපුම්) පහර පිරිසුදු කිරීම් තුවාල වෙලීම් ආදිය කරමින් පිළිදැගුම් කරති. පෝෂණය කරති.
අරක්ඛිතෙනෙව කායෙන යනු නොරකින ලද කායද්වාරයෙනි, අරක්ඛිතාය වාචාය නොරකින ලද වාග්ද්වාරයෙනි, අරක්ඛිතෙන චිත්තෙන යනු නොරකින ලද මනොද්වාරයෙනි, අනුපට්ඨිතාය සතියා යනු සිහිය මනාව පිහිටියක් නොකොටයි, අසංවුතෙහි ඉන්ද්රියෙහි යනු නොඉවසනලද නොරක්නාලද මනස සවැනි කොට ඇති ඉඳුරන්ගෙනි, රාගො චිත්තං අනුද්ධංසෙති යනු රාගය උපදිනු ලබන්නේම සමථ විදර්ශනා චිත්තය දුරු කරයි, දුරට යවයි, රාගායිතොම්හි ආවුසො රාගපරෙතො යනු ඇවැත්නි මම රාගයෙන් රත්වූයෙම් රාගයෙන් යුක්තවූයෙම් වෙමියි,