2. ඨාන සූත්‍ර වර්ණනාව
දෙවැනි සූත්‍රයෙහි ඨානානි යනු කාරණයෝයි, ඨානෙහි යනු කාරණයන්ගෙනි, සොවෙය්‍යං යනු පිරිසුදු බවයි, සංවසමානො යනු එක්ව වසන්නේයි, න සන්තතකාරී යනු නිතර නොකරන්නේයි, න සනත්තවුත්ති සීලෙසු යනු නිතර සියලු කල්හි සිල්වත් දිවියක් නොගෙවයි යන අරුත්ය, සංවොහාරමානො යනු කියන්නේයි, එකෙන එකො වොහරති යනු එකකු සමඟ එක්වී කියයි, චොක්කමති යනු බැසගනියි, පුරිමවොහාරා පච්ඡිමවොහාරං යනු පළමු කථාවෙන් පසු කථාවයි, පළමු කථාවෙන් පසු කථාව ද පසු කථාවෙන් පළමු කථාව ද නොගැලපේයයි අර්‍ත්‍ථයි.
ඤාතිව්‍යසෙන්න යනාදියෙහි ඤාතීන්ට සිදුවන විපත ඤාති ව්‍යසනයයි, ඥාතීන්ගේ විනාශය යනාර්ථයි, දෙවැනි පදයෙහිද මේ ක්‍රමයයි, රොගව්‍යසන යන පදයෙහි අර්ථය වන්නේ රොගයමය, නීරොගී බව නැතිවීමෙන් වන ව්‍යසනය රොගව්‍යාසනං නමි, අනුපරිවත්තන්ති යනු ලුහුබඳිත්: ලාභො ච යනාදියෙහි ලාභය එක් ආත්මභාවයක් ලුහුබඳියි, ආලාභය එක් ආත්මභාවයක් යැයි මෙසේ ක්‍රමයක් එළවිය යුතුයි, සාකච්ඡායමානො යනු ප්‍රශ්න ඇසීම් විසඳීම් වශයෙන් සාකච්ඡා කරන්නේය, යථා යනු යම් අයුරකින් යනුයි, උම්මග්ගො යනු ප්‍රශ්න උත්මාර්‍ගයයි, අභිනීහාරො යනු ප්‍රශ්න සැකසීම් වශයෙන් සිතේ විනිශ්චයයි, සමුදාහාරො යනු ප්‍රශ්න ඇසීමයි, සන්තං යනු විරොධ සන්තාපයෙන් ශාන්තකොට නොකියයි යන අර්‍ත්‍ථයයි, පණීතං යනු අතෘප්තකරවූයි, අතක්කාවචරං යනු යම්සේ තර්‍කයෙන් න්‍යායානුකූලව ගැනීමට හැකිවේද එසේ නොකියයි යන අරුත්ය, නිපුණං යනු සියුම්වූයි, පණ්ඩිතවෙදනීයං යනු පණ්ඩිතයන් විසින් දැනගත යුත්තකි, සෙසු සියලු තන්හි කියන ලද්ද අනුසාරයෙන් දතයුතුය.
3. භද්දිය සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි උපසඞ්කමි යනු වැළඳූ උදේ අහර ඇත්තේ වී මල්ගඳවිලවුන් ගෙන භාග්‍යවතුන් වහන්සේ වඳිමැයි එළඹියේය, මා අනුස්සවෙන යනාදියෙහි අනුශ්‍රැති වශයෙන් මගේ කථාව නොගනුවයි මේ ක්‍රමයෙන් අර්‍ත්‍ථය දතයුතුය, පසාරම්හො යනු එකටෙක කිරීමේ ලක්ෂණය ඇති තරහවයි, අලොභාදිය ලෝභාදියට ප්‍රතිපක්ෂ වශයෙන් දතයුතුය, කුසලධම්මුපසම්පදාය යනු කුශල ධර්‍මයන් සම්පාදනය කරනු සඳහා, ලබාගැනීම සඳහායි කියන ලද්දේ වෙයි, ඉමෙ ද්වෙපි භද්දිය මහාසාලා යනු ඉදිරියෙහි පිහිටි සල්ගස් දක්වමින් මෙසේ කීය, මෙහි සෙස්ස යට කියන ලද ක්‍රමය ඇති බැවින් ද පැහැදිලි අරුත් ඇති බැවින් ද මනාව වැටහෙන්නේමය, ශාස්තෲන් වහන්සේ දෙසුම පවත්වත්දීම භද්දිය තෙමේ සෝවාන් වූයේය.
4. සාපූගිය සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි සාපූගියා යනු සාපූග නියම්ගම් වැසියෝයි, ව්‍යග්ඝපජ්ජා යනු ඔවුන් අමතමින් මෙසේ කීහ, කොල නගරයේ ඩෙබරගස් ඉවත් කරවා කරවන ලද බැවින් කොලනගර යයි ද, ව්‍යාඝ්‍ර මාර්‍ගයෙහි නිමවනලද බැවින් ව්‍යග්ඝපජ්ජ යයි ද නම් දෙකෙකි, මොවුන්ගේ පූර්‍වපුරුෂයෝ එහි විසූහයි ව්‍යග්ඝපජ්ජයෙහි වැසියන් බැවින් ව්‍යග්ඝපජ්ජයෝයි කියනු ලැබෙත්, එහෙයින් ඔවුන් අමතමින් මෙසේ කීහ. පාරිසුද්ධිපධානියඞ්ගානි යනු පාරිසුද්ධිය සඳහා බවුන් වැඩීමේ උත්සාහයේ අංගයෝයි, බවුන් සඳහා වැඩිය යුතු වීර්යයේ අංගයෝ, කොට්ඨාශයෝයි අර්‍ත්‍ථයි, එය ශීල පාරිශුද්ධිය සපිරීම සඳහා උත්සාහයට අංගයක් වේ යයි “සීලපාරිසුද්ධිපධානයඞ්ගං” නමි, සෙසු තන්හිද මේ ක්‍රමයමයි, තත්‍ථ තත්‍ථ පඤ්ඤාය අනුග්ගහෙස්සාමි යනු ඒ ඒ තැන විදර්‍ශනා ප්‍රඥාවට අනුග්‍රහ කරන්නෙමි, යො තත්‍ථ ඡන්දො යනාදියෙහි ඒ අනුග්‍රහ කිරීමෙහි යම් කත්තුකම්‍යතා ඡන්දයක් වේදැයි මේ ක්‍රමයෙන් අර්‍ත්‍ථය දතයුතුයි, මෙහි සතිසම්පජඤ්ඤය සිහිය නංවා නුවණින් පිරිසිඳ වීර්යය පැවැත්වීම සඳහා කියන ලදි, රජනීයෙසු ධම්මෙසු චිත්තං විරාජෙති යනු රාගයට ප්‍රත්‍යය වූ ඉෂ්ටාරම්මණයන්හි යම්සේ සිත නොඇලෙයිද එසේ කරයි, විමොචනීයෙසු ධම්මෙසු චිත්තං විමුච්වති යනු ඒ අරමුණුවලින් සිත මිදවිය යුතුයි, ඒ අරමුණුවල යම්සේ සිත මිදෙයිද එසේ කරයි, චිරාජෙත්වා යනු මෙහි මාර්‍ගක්‍ෂණයෙහි නොඇලෙයි නමි, ඵලක්‍ෂණයෙහි මිදුනේ නමි වෙයි, දෙවැනි පදයෙහි ද මේ ක්‍රමයමයි, සම්මා විමුත්තිං පුසති යනු හේතුවෙන් ක්‍රමයෙන් අරහත්ත ඵල විමුත්තිය ස්පර්‍ශ කරයි.