3. භද්දිය සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි උපසඞ්කමි යනු වැළඳූ උදේ අහර ඇත්තේ වී මල්ගඳවිලවුන් ගෙන භාග්‍යවතුන් වහන්සේ වඳිමැයි එළඹියේය, මා අනුස්සවෙන යනාදියෙහි අනුශ්‍රැති වශයෙන් මගේ කථාව නොගනුවයි මේ ක්‍රමයෙන් අර්‍ත්‍ථය දතයුතුය, පසාරම්හො යනු එකටෙක කිරීමේ ලක්ෂණය ඇති තරහවයි, අලොභාදිය ලෝභාදියට ප්‍රතිපක්ෂ වශයෙන් දතයුතුය, කුසලධම්මුපසම්පදාය යනු කුශල ධර්‍මයන් සම්පාදනය කරනු සඳහා, ලබාගැනීම සඳහායි කියන ලද්දේ වෙයි, ඉමෙ ද්වෙපි භද්දිය මහාසාලා යනු ඉදිරියෙහි පිහිටි සල්ගස් දක්වමින් මෙසේ කීය, මෙහි සෙස්ස යට කියන ලද ක්‍රමය ඇති බැවින් ද පැහැදිලි අරුත් ඇති බැවින් ද මනාව වැටහෙන්නේමය, ශාස්තෲන් වහන්සේ දෙසුම පවත්වත්දීම භද්දිය තෙමේ සෝවාන් වූයේය.
4. සාපූගිය සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි සාපූගියා යනු සාපූග නියම්ගම් වැසියෝයි, ව්‍යග්ඝපජ්ජා යනු ඔවුන් අමතමින් මෙසේ කීහ, කොල නගරයේ ඩෙබරගස් ඉවත් කරවා කරවන ලද බැවින් කොලනගර යයි ද, ව්‍යාඝ්‍ර මාර්‍ගයෙහි නිමවනලද බැවින් ව්‍යග්ඝපජ්ජ යයි ද නම් දෙකෙකි, මොවුන්ගේ පූර්‍වපුරුෂයෝ එහි විසූහයි ව්‍යග්ඝපජ්ජයෙහි වැසියන් බැවින් ව්‍යග්ඝපජ්ජයෝයි කියනු ලැබෙත්, එහෙයින් ඔවුන් අමතමින් මෙසේ කීහ. පාරිසුද්ධිපධානියඞ්ගානි යනු පාරිසුද්ධිය සඳහා බවුන් වැඩීමේ උත්සාහයේ අංගයෝයි, බවුන් සඳහා වැඩිය යුතු වීර්යයේ අංගයෝ, කොට්ඨාශයෝයි අර්‍ත්‍ථයි, එය ශීල පාරිශුද්ධිය සපිරීම සඳහා උත්සාහයට අංගයක් වේ යයි “සීලපාරිසුද්ධිපධානයඞ්ගං” නමි, සෙසු තන්හිද මේ ක්‍රමයමයි, තත්‍ථ තත්‍ථ පඤ්ඤාය අනුග්ගහෙස්සාමි යනු ඒ ඒ තැන විදර්‍ශනා ප්‍රඥාවට අනුග්‍රහ කරන්නෙමි, යො තත්‍ථ ඡන්දො යනාදියෙහි ඒ අනුග්‍රහ කිරීමෙහි යම් කත්තුකම්‍යතා ඡන්දයක් වේදැයි මේ ක්‍රමයෙන් අර්‍ත්‍ථය දතයුතුයි, මෙහි සතිසම්පජඤ්ඤය සිහිය නංවා නුවණින් පිරිසිඳ වීර්යය පැවැත්වීම සඳහා කියන ලදි, රජනීයෙසු ධම්මෙසු චිත්තං විරාජෙති යනු රාගයට ප්‍රත්‍යය වූ ඉෂ්ටාරම්මණයන්හි යම්සේ සිත නොඇලෙයිද එසේ කරයි, විමොචනීයෙසු ධම්මෙසු චිත්තං විමුච්වති යනු ඒ අරමුණුවලින් සිත මිදවිය යුතුයි, ඒ අරමුණුවල යම්සේ සිත මිදෙයිද එසේ කරයි, චිරාජෙත්වා යනු මෙහි මාර්‍ගක්‍ෂණයෙහි නොඇලෙයි නමි, ඵලක්‍ෂණයෙහි මිදුනේ නමි වෙයි, දෙවැනි පදයෙහි ද මේ ක්‍රමයමයි, සම්මා විමුත්තිං පුසති යනු හේතුවෙන් ක්‍රමයෙන් අරහත්ත ඵල විමුත්තිය ස්පර්‍ශ කරයි.
5. වප්ප සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි චප්පො යනු තථාගතයන් වහන්සේගේ සුළුපියා වූ ශාක්‍ය රජුයි, නිගණ්ඨසාවකා යනු විශාලා නුවර සීහ සේනාපති වැනි නාලන්දාවෙහි උපාලි ගහපති වැනි නිගණ්ඨනාථ පුත්තයන්ගේ උපස්ථායකයෙකි, කායෙන සංවුතො යනු කායද්වාරය සංවරකළ බැවින් වසන ලද බැවින් කයින් සංවරවූයේ නමි, සෙසු දෙකෙහි ද මේ ක්‍රමයයි, අවිජ්ජාවිරාගා යනු අවිද්‍යාව ක්‍ෂයවීමේ විරාගයෙනි, විජ්ජුප්පාදා යනු මාර්‍ගවිද්‍යාව ඉපදීමෙනි, තං ඨානං යනු ඒ කාරණයයි, අවිපක්කවිපාකං යනු නොලබන ලද විපාකවාරයයි, තතො නිදානං යනු එම හේතුවෙන් එම ප්‍රත්‍යයෙන්ය, දුක්ඛවෙදනීයා ආසවා අස්සවෙය්‍යුං යනු දුක්ඛවේදනාවට ප්‍රත්‍යය වූ ක්ලේශයෝ හටගනිත්, එම පුද්ගලයාට උපදිත් යයි අර්‍ත්‍ථයයි, අභිසම්පරායං යනු දෙවැනි ආත්මභාවයෙහියි, කායසමාරම්භපච්චයා යනු කායකර්‍ම ප්‍රත්‍යයෙනි, ආස්වා යනු කෙලෙස්ය, විඝාතපරිළාහා යන මෙහි විඝාතො යනු දුකයි, පරිළාහො යනු කායික හා චෛතසික දැවිල්ලයි, පුස්ස ඵුස්ස ඛ්‍යංන්ති කරොති යනු ඥානයෙන් නැසියයුතු කර්‍මය ඥාන ස්පර්‍ශයෙන් ස්පර්‍ශ කරමින් විනාශයට යවයි, විපාකයෙන් නැසිය යුතු කර්‍මය විපාක ස්පර්‍ශයෙන් ස්පර්‍ශ කරමින් විනාශයට යවයි, නිජ්ජරා යනු කෙලෙස් දිරවන පිළිවෙතයි, සෙසු දොරටුවල ද මේ ක්‍රමයමැයි, මෙහි සිට මේ භික්ෂුව ක්ෂීණාශ්‍රවයෙක් කළයුතුය, සතර මහා භූතයන් ගෙනහැර චතුස්සත්‍ය විශ්ලේෂණය දක්වා යම්තාක් අරහත්ඵල කමටහන කිවයුතු
දැන් එම ක්ෂීණාශ්‍රවයාට නිරන්තර විහරණය දැක්වීමට මෙසේ “සම්මාවිමුත්තචිත්තස්ස” යනාදිය කීය. සම්මා විමුත්තචිත්තස්ස යනු හේතුවෙන් කාරණයෙන් ක්‍රමයෙන් මනාව මිදුනහුගේයි, සත්තවිහාරා යනු නිත්‍ය විහරණයෝයි, නිරන්තර විහරණයෝයි, නෙව සුමනො හොති යනු ඉටු අරමුණෙනි ඇලීම් වශයෙන් සොම්නස හටගත්තේ නොවෙයි. න දුම්මනො යනු අනිටු අරමුණෙහි ගැටීම් වශයෙන් දොම්නස හටගත්තේ නොවෙයි, උපෙඛතො විහරති සතො සම්පජානො යනු සිහිනුවණින් වෙළනාලද මධ්‍යස්ථාකාර ලක්‍ෂණ ඇති උපෙක්ෂාවෙන් ඒ අරමුණුවල උපෙක්ෂකව මධ්‍යස්ථව වාසය කරයි.
කායපරියන්තිකං යනු ජීවිතය අත්තකොට, දිවි කෙළවර කොටයි, යම්තාක් දිවි පවතීද එතෙක් පැවති මනොද්වාරික වේදනාවය යන අර්‍ත්‍ථයයි, එහි පඤ්චද්වාරික වේදනාව පසුව ඉපිද පළමුව නිරුද්ධ වෙයි, මනොද්වාරික වූ වේදනාව පළමුව ඉපිද පසුව නිරුද්ධ වෙයි, එය පිළිසිඳගන්නා මොහොතෙහි වස්තු රූපයෙහිම පිහිටයි, පඤ්චද්වාරික වේදනාව පංචද්වාර වශයෙන් පවතිමින් පළමු වියවූ විසිවස් කල්හි ඇලීම් කිපීම් මුළාවීම් වශයෙන් අධිකව (වැඩිවී) බලවත් වෙයි, පණස්වස් කල්හි සිටියේ වෙයි, සැටවස් කල්හි සිට පිරිහෙමින් පසු අනුවස් කල්හි මඳ වෙයි, එකල්හි සත්ත්වයෝ බොහෝ කලක් එක්ව හුන්නෙමු, වැදහොත්තෙමුයි කියන කල්හි ද නොදනිමුයි කියති, ඉතා දැඩි වූ රූපාරම්මණයන් ද නොදකිමු, නොඅසුමු ගඳ සුවද හෝ මිහිරි හෝ අමිහිරි, තද හෝ මෙලෙක් යයි නොදනිමුයි කියති, මෙසේ ඔවුන්ගේ පංචද්වාරික වේදනාව බිඳුණේ වෙයි, මනොද්වාරික වේදනාව පවතියි. යම්තාක් එම වේදනාව පවතීද ඒතාක් සත්ත්වයා ජීවත් වේයැයි කියනු ලැබේ. යම් විටෙක නොපවතීද එකල්හි මළේ නිරුද්ධ වූයේයි කියනු ලැබේ.