9. සච්ඡිකරණීය සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි කායෙන යනු නාමකායයෙනි, සච්ඡිකරණියා යනු ප්‍රත්‍යක්ෂ කළයුත්තේයි, සතියා යනු පුබ්බේනිවාසානුස්සතියෙනි, චක්ඛුනා යනු දිවැසිනි, පඤ්ඤාය යනු ධ්‍යාන ප්‍රඥාවෙන් විදර්‍ශනා ප්‍රඥාව, ප්‍රත්‍යක්ෂ කළයුතුය, විදර්‍ශනා ප්‍රඥාවෙන් මාර්‍ගප්‍රඥාව, මාර්‍ග ප්‍රඥාවෙන් ඵලප්‍රඥාව, ඵල ප්‍රඥාවෙන් ප්‍රත්‍යවෙක්ෂණ ප්‍රඥාව ප්‍රත්‍යක්‍ෂ කළ යුතුය, පැමිණිය යුතුයයි අර්‍ත්‍ථයි, ආශ්‍රවයන් ක්ෂය කිරීම් සංඛ්‍යාත අරහත්වය ප්‍රත්‍යවෙක්ෂණා වශයෙන් ප්‍රත්‍යවෙක්ෂණ ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්‍ෂ කළයුත්තේ නම් වෙයි.
10. භික්ඛුසඞ්ඝථොමන සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි තුණ්හිභූතං තුණ්හිභූතං යනු යම් යම් ලෙසකින් විමසා බලයිද ඒ ඒ ලෙසින් නිහඬවීය, භික්ඛු ආමන්තෙසි යනු ප්‍රතිපත්තියෙන් යුක්ත වූ භික්‍ෂූන් පසන් ඇසින් බලා උපන් දහම් සතුට ඇත්තේ තුනීකරනු කැමැත්තෙන් ඇමතීය, අපලාපා යනු ප්‍රලාප රහිතවූවෝයි, සෙස ඊටම පර්‍ය්‍යාය වචනයකි. සුද්ධා යන නිර්‍මල වූවෝයි, සාරෙ පතිට්ඨිතා යනු සීලාදී වූ හරයෙහි පිහිටියෝයි, අලං යනු සුදුසුවූයි, යොජනගණා යනු එක් යොදුනක් යොදුනමය, දසයොදුනකුදු යොදුන්මය, එයින් මත්තෙහි යොජනගණ යයි කියනු ලැබේ. මෙහි වනාහි යොදුන් සියයක් වුව ද යොදුන් දහසක් වුව ද අදහස් කරන ලදි, පුටොසෙනාපි යනු මාර්‍ගොපකරණ පුටොසංයි කියනු ලැබේ, මාර්‍ගොපකරණ ගෙන ද එළඹීමට සුදුසුමය යන අර්‍ත්‍ථයි, පුටංසෙන යනු ද පාඨයි, පුටය (ඔලගුව) ඔහුගේ උරයෙහි වේ යනු එහි අර්‍ත්‍ථයයි, අංශයකින් මාර්‍ගොපකරණ ගෙන යන පුටය උසුලන්නහු විසින්දැයි කියන ලද්දේ වෙයි,
දැන් මෙබඳු වූ ගුණයන්ගෙන් යුක්තවූයේ මෙහි භික්ෂූහු ඇතැයි දැක්වීමට “සන්ති භික්ඛවේ” යනාදිය කීවේය, එහි දෙවපත්තා යනු උප්පත්ති දේවත්වය ඇතිකරවන්නා වූ දිව්‍ය විහාරයට ද දිව්‍ය විහාරයෙන් අරහත්වයට ද පත්වූවෝයි, බ්‍රහ්මප්පත්තා යනු නිදොස් අරුතින් බ්‍රහ්මබව ඇතිකරවන බඹ විහරණය ද බඹවිහරණයෙන් රහත්බවට ද පත්වූවෝයි, ආනෙජ්ජප්පත්තා යනු නොසැලෙන බව ඇතිකරවන ආනෙජ්ජයට ද ආනෙජ්ජයෙන් රහත්බවට ද පත් වූවෝයි, අරියප්පත්තා යනු පෘථග්ජනභාවය ඉක්මවා ආර්යභාවයට පත්වූවාහුයි, එවං ඛො භික්ඛවෙ භික්ඛු දෙවප්පත්තො හොති යනාදියෙහි මෙසේ රූපාවචර චතුර්ථධ්‍යානයෙහි සිට සිත හරවා රහත් බවට පැමිණියේ දෙවපත්ත නම් වෙයි, සතර බඹ විහරණයන්හි සිට සිත හරවා රහත්බවට පැමිණියේ බ්‍රහ්මප්පත්ත නමි, සතර අරූපධයානයන්හි සිට සිත හරවා රහත්බවට පැමිණියේ අනෙජ්ජප්පත්ත නමි, ඉදං දුක්ඛං යනාදියෙහි සතර සත්‍යයන්ගෙන් මාර්‍ගසතර ද ඵලතුන ද කියන ලදි, එහෙයින් මෙම ආර්‍යධර්‍මයට පැමිණි භික්ෂුව අරියප්පත්ත නම් වෙයි.
සතර වැනිවූ බ්‍රාහ්මණ වර්‍ගයයි.
5. මහා වර්ගය
1. සොතානුධත සූත්‍ර වර්ණනාව
පස්වැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි සොතානුගථානං යනු පැහැදීමේ කණයොමා නැණකණින් තීරණය කරන්නවුන්ටය, චත්තාරො ආනිසංසා පාටිකඞ්කා යනු ගුණානිසංස සතරක් බලාපොරොත්තු විය යුතුය, මෙය වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් අර්‍ත්‍ථොත්පත්ති වශයෙන් අරඹන ලදි, කවර නම් අර්‍ත්‍ථොත්පත්තියක් වශයෙන්ද යත්, භික්‍ෂූන් ධර්‍ම ශ්‍රවණයට නොපැමිණීමේ අර්‍ත්‍ථාත්පත්ති වශයෙනි, පන්සියයක් බමුණු පැවිද්දෝ “සම්බුදුන් වහන්සේ ලිංග වචන විභක්ති පද ඛ්‍යංජනාදියෙන් කියන සේක් අප විසින් දන්නා දෙයක්ම කියන සේක, නොදත් කුමක් කියන සේක්දැයි ධර්‍ම ශ්‍රවණය කරන තැනට නොයත්, ශාස්තෲන් වහන්සේ එපුවත අසා ඔවුන් කැඳවා කුමක්නිසා මෙසේ කරහුද? ධර්‍මය අසුවූ සකස්ව ධර්‍මය අසන්නවුනට ද සජ්ඣායනය කරන්නවුනට ද මේ මෙපමණ අනුසස් යයි දක්වන සේක් මේ දේශනාව ඇරඹූ සේක.