10. භික්ඛුසඞ්ඝථොමන සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි තුණ්හිභූතං තුණ්හිභූතං යනු යම් යම් ලෙසකින් විමසා බලයිද ඒ ඒ ලෙසින් නිහඬවීය, භික්ඛු ආමන්තෙසි යනු ප්‍රතිපත්තියෙන් යුක්ත වූ භික්‍ෂූන් පසන් ඇසින් බලා උපන් දහම් සතුට ඇත්තේ තුනීකරනු කැමැත්තෙන් ඇමතීය, අපලාපා යනු ප්‍රලාප රහිතවූවෝයි, සෙස ඊටම පර්‍ය්‍යාය වචනයකි. සුද්ධා යන නිර්‍මල වූවෝයි, සාරෙ පතිට්ඨිතා යනු සීලාදී වූ හරයෙහි පිහිටියෝයි, අලං යනු සුදුසුවූයි, යොජනගණා යනු එක් යොදුනක් යොදුනමය, දසයොදුනකුදු යොදුන්මය, එයින් මත්තෙහි යොජනගණ යයි කියනු ලැබේ. මෙහි වනාහි යොදුන් සියයක් වුව ද යොදුන් දහසක් වුව ද අදහස් කරන ලදි, පුටොසෙනාපි යනු මාර්‍ගොපකරණ පුටොසංයි කියනු ලැබේ, මාර්‍ගොපකරණ ගෙන ද එළඹීමට සුදුසුමය යන අර්‍ත්‍ථයි, පුටංසෙන යනු ද පාඨයි, පුටය (ඔලගුව) ඔහුගේ උරයෙහි වේ යනු එහි අර්‍ත්‍ථයයි, අංශයකින් මාර්‍ගොපකරණ ගෙන යන පුටය උසුලන්නහු විසින්දැයි කියන ලද්දේ වෙයි,
දැන් මෙබඳු වූ ගුණයන්ගෙන් යුක්තවූයේ මෙහි භික්ෂූහු ඇතැයි දැක්වීමට “සන්ති භික්ඛවේ” යනාදිය කීවේය, එහි දෙවපත්තා යනු උප්පත්ති දේවත්වය ඇතිකරවන්නා වූ දිව්‍ය විහාරයට ද දිව්‍ය විහාරයෙන් අරහත්වයට ද පත්වූවෝයි, බ්‍රහ්මප්පත්තා යනු නිදොස් අරුතින් බ්‍රහ්මබව ඇතිකරවන බඹ විහරණය ද බඹවිහරණයෙන් රහත්බවට ද පත්වූවෝයි, ආනෙජ්ජප්පත්තා යනු නොසැලෙන බව ඇතිකරවන ආනෙජ්ජයට ද ආනෙජ්ජයෙන් රහත්බවට ද පත් වූවෝයි, අරියප්පත්තා යනු පෘථග්ජනභාවය ඉක්මවා ආර්යභාවයට පත්වූවාහුයි, එවං ඛො භික්ඛවෙ භික්ඛු දෙවප්පත්තො හොති යනාදියෙහි මෙසේ රූපාවචර චතුර්ථධ්‍යානයෙහි සිට සිත හරවා රහත් බවට පැමිණියේ දෙවපත්ත නම් වෙයි, සතර බඹ විහරණයන්හි සිට සිත හරවා රහත්බවට පැමිණියේ බ්‍රහ්මප්පත්ත නමි, සතර අරූපධයානයන්හි සිට සිත හරවා රහත්බවට පැමිණියේ අනෙජ්ජප්පත්ත නමි, ඉදං දුක්ඛං යනාදියෙහි සතර සත්‍යයන්ගෙන් මාර්‍ගසතර ද ඵලතුන ද කියන ලදි, එහෙයින් මෙම ආර්‍යධර්‍මයට පැමිණි භික්ෂුව අරියප්පත්ත නම් වෙයි.
සතර වැනිවූ බ්‍රාහ්මණ වර්‍ගයයි.
5. මහා වර්ගය
1. සොතානුධත සූත්‍ර වර්ණනාව
පස්වැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි සොතානුගථානං යනු පැහැදීමේ කණයොමා නැණකණින් තීරණය කරන්නවුන්ටය, චත්තාරො ආනිසංසා පාටිකඞ්කා යනු ගුණානිසංස සතරක් බලාපොරොත්තු විය යුතුය, මෙය වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් අර්‍ත්‍ථොත්පත්ති වශයෙන් අරඹන ලදි, කවර නම් අර්‍ත්‍ථොත්පත්තියක් වශයෙන්ද යත්, භික්‍ෂූන් ධර්‍ම ශ්‍රවණයට නොපැමිණීමේ අර්‍ත්‍ථාත්පත්ති වශයෙනි, පන්සියයක් බමුණු පැවිද්දෝ “සම්බුදුන් වහන්සේ ලිංග වචන විභක්ති පද ඛ්‍යංජනාදියෙන් කියන සේක් අප විසින් දන්නා දෙයක්ම කියන සේක, නොදත් කුමක් කියන සේක්දැයි ධර්‍ම ශ්‍රවණය කරන තැනට නොයත්, ශාස්තෲන් වහන්සේ එපුවත අසා ඔවුන් කැඳවා කුමක්නිසා මෙසේ කරහුද? ධර්‍මය අසුවූ සකස්ව ධර්‍මය අසන්නවුනට ද සජ්ඣායනය කරන්නවුනට ද මේ මෙපමණ අනුසස් යයි දක්වන සේක් මේ දේශනාව ඇරඹූ සේක.
එහි ධම්මං පරියාපුණාති යනු සුත්තගෙය්‍ය ආදී නවාංග සත්ථුසාසනය වූ පෙළදහම උගණියි, සොතානුධතා හොන්ති යනු කණට අනුව පවත්නාහු අනුව පිවිසියාහු වෙත්, මනසානුපෙක්ඛිතා යනු සිතෙන් බැලුවාහුයි, දිට්ඨියා සුප්පටිවිද්ධා යනු අර්‍ත්‍ථයෙන් ද කාරණයෙන් ද ප්‍රඥාවෙන් ද මනාව අවබෝධ කළාහුය, ප්‍රත්‍යක්‍ෂ කළාහුය, මුට්ඨස්සති කාලං කුරුමාණො යන මෙය බුද්ධ වචනය සිහිකිරීමේ සිහිය නැති නිසා නොකියන ලද්දකි, පුහුදුන් අයගේ කළුරිය කිරීම සඳහා කියන ලදි. පෘථග්ජනයා සිහිමුළාවූයේ කළුරිය කරයි නම්, උප්පජ්ජති යනු පිරිසුදු ශීලයෙහි පිහිටියේ දෙව්ලොව උපදියි, ධම්මපදාපි ලපන්ති යනු ශාන්තභාවයෙහි උපන් සුව ඇත්තාට පෙර සජ්ඣායනයෙන් මුළාවට පත්ව වචනයෙන් පිරිහුණු යම් බුද්ධවචන ධර්‍මයෝ වෙත්ද ඒ සියල්ලෝ පැහැපත් කැඩපතක සෙවනැල්ල මෙන් සිහිවෙත්, වැටහෙත්, ප්‍රකටව පැනෙත්. දන්‍ධො භික්ඛවෙ සත්තුප්පාදො යනු බුද්ධ වචනය සිහිකිරීමේ සිහිය ඉපදීමම. අලස බහුල වූයේයි, අථ සො සත්තො ඛිප්පංයෙව විස්සෙගාමී හොති යන නිර්‍වාණගාමී වේ යයි අර්‍ත්‍ථයි,
ඉද්ධිමා චෙතොවසිප්පත්තො යනු සෘද්ධියෙන් යුක්ත වූ සිත් වසඟ බවට පත් ක්‍ෂීණාශ්‍රවයායි, අයං වා සො ධම්මවිනයො යනු මෙහි ප්‍රකට කිරීම් අර්‍ත්‍ථයෙහි ශබ්දයයි, යත්‍ථ යනු යම් ධර්‍මවිනයක යනුයි, බ්‍රහ්මචරියං අචරි යනු බ්‍රහ්මචරිය වාසයෙහි විසීය, මේ බුද්ධ වචනය මවිසින් පෙර පාවිච්චි කරන ලදැයි බුද්ධ වචනය සිහිකිරීම් වශයෙන්ම මෙය කියන ලදි, දෙවප්‍රත්තො යනු පඤ්චාලචණ්ඩ වැනි වූ ද, හත්‍ථක මහාබ්‍රහ්මයා වැනි වූ ද, සතංකුමාර බ්‍රහ්මයා වැනි වූ ද එක් ධර්‍මකථික දිව්‍ය පුත්‍රයෙකි. ඔපපාතිකො ඔප්පාතිකං සාරෙති යනු පළමුව උපන් දෙවිපුත්තෙමේ පසුව උපන්නහු සිහිකරයි. සහපංසුකීළිකා යන මෙයින් ඒවා බොහෝකලක් පුහුණු කරන ලද බව දක්වයි. සමාගච්ඡෙය්‍යුං යනු ශාලාවක හෝ ගස් මුලක හෝ මුණ ගැසුණාහ. එවං වදෙය්‍ය යනු ශාලාවක හෝ ගස්මුලක හෝ පළමුව හුන්නේ පසුව ආවහුට මෙසේ කියයි, මෙහි සෙස්ස පෙළක්‍රමයෙන්ම දතයුතුය.
2. ඨාන සූත්‍ර වර්ණනාව
දෙවැනි සූත්‍රයෙහි ඨානානි යනු කාරණයෝයි, ඨානෙහි යනු කාරණයන්ගෙනි, සොවෙය්‍යං යනු පිරිසුදු බවයි, සංවසමානො යනු එක්ව වසන්නේයි, න සන්තතකාරී යනු නිතර නොකරන්නේයි, න සනත්තවුත්ති සීලෙසු යනු නිතර සියලු කල්හි සිල්වත් දිවියක් නොගෙවයි යන අරුත්ය, සංවොහාරමානො යනු කියන්නේයි, එකෙන එකො වොහරති යනු එකකු සමඟ එක්වී කියයි, චොක්කමති යනු බැසගනියි, පුරිමවොහාරා පච්ඡිමවොහාරං යනු පළමු කථාවෙන් පසු කථාවයි, පළමු කථාවෙන් පසු කථාව ද පසු කථාවෙන් පළමු කථාව ද නොගැලපේයයි අර්‍ත්‍ථයි.