2. සාරිපුත්ත - පටිසම්භිදා සූත්ර වර්ණනාව
දෙවැනි සූත්රයෙහි අත්ථපටිසම්භිදා යනු පස්වැදෑරුම් අර්ත්ථයන්හි ප්රභෙදගත වූ ඥානයයි, ඔදිසො යනු කරුණු වශයෙනි, ඛ්යංජනසො යන අකුරු වශයෙනි, අනෙකපරියායෙන යනු නොයෙක් කාරණයන්ගෙනි, ආචික්ඛාමි යනු කියමියි, දෙසෙමි යනු ප්රකටකොට කියමියි, පඤ්ඤාපෙමි යනු දන්වමියි, පට්ඨපෙමි යනු පිහිටුවා පවත්වා කියමියි විවරාමි යන විවෘතකොට කියමියි, විභජාමි යනු බෙදා බෙදා කියමියි, උත්තානීකරොමි යනු නොගැඹුරුවූවක් තැනිතලාවූවක් (පැහැදිලිවූවක්) කොට කියමි, සො මං පඤ්හෙන යනු හෙතෙම මා වෙත ප්රශ්නයෙන් එළඹේවායි, අහං ව්යාකරණෙන යනු මම ඔහුගේ ප්රශ්න නිරවුල් කිරීමේ කථාවෙන් සිත සතුටු කරන්නෙමියි, යො නො ධම්මානං සුකුසලො යනු යමෙක් අප අවබෝධ කළ ධර්මයන් පිළිබඳ අතිදක්ෂයෙක් වේ ද ඒ ශාස්තෲන් වහන්සේ හමුවූ සේක, ඉදින් අප විසින් අර්ත්ථ පටිසම්භිදා ප්රත්යක්ෂ නොකරන ලද්දේනම්, සාරිපුත්රය, (ඔවුන්ට) ප්රත්යක්ෂ කරවයි පවසා මා වළක්වන්නාහු යයි ශාස්තෲන් වහන්සේගේ ඉදිරියෙහි හුන්නේම සිංහනාද කරයි. මේ අයුරින් සියලු තන්හි අර්ත්ථය දතයුතුය, මේ පටිසම්භිදාවන් අතුරින් පටිසම්භිදා තුනක් ලෞකිකය, අර්ත්ථපටිසම්භිදාව ලෞකික ලෝකෝත්තරය.
3. මහාකොට්ඨිත සූත්ර වර්ණනාව
තෙවැන්නෙහි ඵස්සායතනානං යනු ස්පර්ශයට ආකරවූවන්ගේ, ස්පර්ශයට උත්පත්තිස්ථානයන්ගේ යන අර්ත්ථයයි, අත්ථඤ්ඤාං කිඤ්චි යනු මේවා ඉතිරි නැතිව නිරුද්ධ වූ කල්හි ඉන්මතු සුළුවූද යම් ක්ලෙශයක් ඇත්දැයි අසයි, නාත්ථඤ්ඤං කිඤ්චි යන මෙහිදී ද සුළු වූ ද ක්ලේශයක් නැත්දැයි අසයි, සෙසු දෙකෙහි ද මේ ක්රමයමයි, මේ ප්රශ්න සතර ද සාශ්වත උච්ඡෙද එකාන්ත සාශ්වත අමරාවික්ෂේප වශයෙන් අසයි, එයින් තෙරණුවෝ ඔහුගෙන් විමසති, අසන ලද්ද වළහමින් මාහෙවං යනාදිය කීවේය, මෙහි හ යනු නිපාත මාත්රයකි, එසේ නොකියව යන අර්ත්ථයි, ආත්මලබ්ධි වශයෙන් හෝ අන්කිසිවක් ඇත්ද? අන්කිසි ආත්මයක් නම් ඇත්දැයි සාශ්වතාදි ආකාරයෙන් අසයි, කිම මෙතෙම ආත්මදෘෂ්ටිකයෙක්ද? ආත්ම දෘෂ්ටිකයෙක් නොවේ, එබඳු දෘෂ්ටි ඇති එක් භික්ෂුවක් එහි හුන්නේය, හෙතෙම ප්රශ්න ඇසීමට නොහැක්කකි, ඔහුගේ දෘෂ්ටිය විසදාලනු සඳහා මෙසේ අසයි, අනාගතයෙහි මෙබඳු දෘෂ්ටි ඇති යමෙක් වන්නාහුද ඔවුනට බුද්ධ කාලයෙහි ද මෙම ප්රශ්නය මහා ශ්රාවකයන් විසින් විසඳන ලද්දේ (නොවේ) ද යන වචනයට ඇති ඉඩ අහුරනු සඳහා අසයිමය,
අප්පපඤ්චං පපඤ්චෙති යනු ප්රපංච නොකළයුතු තන්හි ප්රපංච කරයි, නොහැසිරිය යුතු මගෙහි හැසිරෙයි, තාවතා පපඤ්චස්සගති යනු ස්පර්ශායතන සයෙහි ගමන යම්තාක් වේද, තෘෂ්ණාමාන දෘෂ්ටිසංඛ්යාත පප්රංචයාගේ ගමන ද එතෙක් වෙයි, ජන්නං ආවුසො ඵස්සායතනානං අස්සෙවිරාගනිරොධා පපඤ්චනිරොධො පපඤ්චුපසමො යනු මේ ස්පර්ශායතන සය සර්වප්රකාරයෙන් නිරුද්ධ වූ කල්හි ප්රපංචයෝ ද නිරුද්ධවූවාහුම වෙත්, සංසිඳුනාහුම වෙත්යයි අර්ත්ථයයි. අරූප බ්රහ්මලෝකයෙහි පෘථග්ජන දෙවියන්ගේ කිසි ස්පර්ශායතන පසක් නිරුද්ධය, සයවැන්න නිරෝධ නොවුන බැවින් ත්රිවිධ ප්රපංචයෝම නිරුද්ධ නොවූවාහුමය, තවද පඤ්චස්කන්ධභව වශයෙන් මේ ප්රශ්නය කියන ලදි, සිවුවැන්නෙහි මේ ක්රමයෙන් අර්ත්ථය දතයුතුය.
5. උපවාන සූත්ර වර්ණනාව
පස්වැන්නෙහි, විජ්ජායන්තකරො හොති යනු විද්යාවෙන් සසරදුක කෙළවර කරන්නේ වෙයි, සියලු සසර දුක පිරිසිඳ හාත්පසින් වටකොට සිටියි, සෙසු පදයන්හි ද මේ ක්රමයමයි, උපාදානො යනු දැඩිව ගැනීම් සහිතවූයේම වීයි, අන්තකරො අභවිස්ස යනු සසර දුක කෙළවරකොට සිටියේ වන්නේය, වරණසම්පන්නො යනු පසළොස් ආකාරයෙන් වූ වරණධර්මයෙන් යුක්තවූයේයි, යථාභූතං ජානං පස්සං අන්තකරො හොති යනු ඇතිතතු මාර්ග ප්රඥාවෙන් දැන බලා සසරදුක් කෙළවර කොට සිටියේ නමැයි රහත්බව කුළුගැන්වීමෙන් ප්රශ්නය නිමවූයේය, සයවැන්න යට එකක නිපාත වර්ණනාවෙහි කියන ලද ක්රමයෙන් දතයුතු ය.
7. රාහුල සූත්ර වර්ණනාව
සත්වැන්නෙහි අජ්ඣත්තිකා යනු කෙස් ආදී කොටස් විස්සෙහි දැඩි වූ රළු ලක්ෂණයෝ පෘථිවි ධාතුවයි, බහිද්ධා යනු බාහිරව ඉන්ද්රිය බද්ධ නොවූ ගල්පර්වත ආදියෙහි දැඩි ආකාර ලක්ෂණයෝ පෘථිවිධාතුවයි, මේ ක්රමයෙන්ම සෙසු ධාතු ද දතයුතුය, මෙය මගේ නොවේ, එය මම නොවෙමි, හෙතෙම මගේ ආත්මය නොවෙයි යන මෙම ක්රමය තෘෂ්ණාමාන දෘෂ්ටි වශයෙන් ගැනීම ප්රතික්ෂේප කිරීම් වශයෙන් කියන ලදි, සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං යනු හේතු වෙන කාරණයෙන් මාර්ගප්රඥාවෙන් බැලිය යුතුය, දිස්වා යනු විදර්ශනාසහගත මාර්ග ප්රඥාවෙන් බලායි, අයි තබ්බං යනු හේතුවෙන් කාරණයෙන් මාර්ග ප්රඥාවෙන් බැලිය යුතුය, දියවා යනු විදර්ශනාසහගත මාර්ග ප්රඥාවෙන් බලායි, අච්ඡෙච්ඡි තණ්හං යනු මාර්ගයෙන් නැසියයුතු තෘෂ්ණාව සහමුලින් සිඳලූයේය, වාවත්තයී සංයොජනං යනු දසවැදෑරුම් වූ සංයෝජනය දුරු කළේය, උදුරා අත්හළේය, සම්මාමානාභිසමයා යනු හේතුවෙන් කාරණයෙන් නවවැදෑරුම් මානය දුරුකිරීමේ අවබෝධයෙනි, අන්තමකාසි දුක්ඛස්ස යනු සසර දුක පිරිසිඳ හාත්පසින් වටකළේය, කොට සිටියේය යන අර්ත්ථයයි, මෙසේ ශාස්තෲන් වහන්සේ විසින් සංයුත්ත මහානිකායෙහි රාහුලොවාද විපස්සනාව දේශනා කරන ලදි, චූලරාහුලොවාද සූත්රයෙහිදී ද විදර්ශනාවම කියන ලදි, අම්බලට්ඨිකරාහුලොවාද සූත්රයෙහි ළදරුවියෙහි සිටියකුට බොරු කීමෙන් දුරු වීම කියන ලදි, මහාරාහුලොවාදයෙහි විදර්ශනාව කියන ලදි, මේ අඞ්ගුත්තර මහානිකායෙහි දී මේ චතුෂ්කොටික ශුන්යතාව කියන ලද්දේ නමි.