8. දෙවදත්ත සූත්ර වර්ණනාව
අටවැන්නෙහි අචිරපක්කන්තෙ දෙවදත්තෙ යනු සංඝභේදය කොට වැඩිකල් නොගොස් තිබියදීයි, පරාභවාය යනු අවැඩ සඳහා විනාශය සඳහාය, අස්සතරී යනු වෙළඹකගේ කුසෙහි කොටලුවාට දාව උපන්නාවූයි, අත්තවධාය ගබ්හං ගණ්හාති යනු ඇය අශ්වයකු සමඟ යොදවනු ලබන ඕ ගැබ්ගෙන කල් පැමිණි විට වදනු නොහැක්කී පාවලින් බිම පහරමින් සිටියි. ඉක්බිති ඕ සිවුපා කණු සතරක බැඳ කුස පළා පැටවා පිටතට ගන්නී එහිම මැරෙයි. එහෙයින් මෙසේ කියන ලදි.
9. පධාන සූත්ර වර්ණනාව
නවවැන්නෙහි කෙලෙසුන්ගේ සංවරය සඳහා පිවිසෙන දොරටුව වසනු සඳහා වූ උත්සාහය සංවරප්පධානං නමි, දුරුකිරීම සඳහා වූ උත්සාහය පහානප්පධානං නමි, කුසල ධර්මයන් දියුණුව සඳහා, වැඩෙනු සඳහා වූ උත්සාහය භාවනාපධානං නමි. ඔවුන්ගේම ආරක්ෂාව සඳහා වූ උත්සාහය අනුරක්ඛනාපධානං නමි.
10. අධම්මික සූත්ර වර්ණනාව
දසවැනි සුත්රයෙහි අධම්මිකා හොන්ති යනු පැරණි රජුන් විසින් තබන ලද දසභාගබලිය ද, අපරාධයට අනුරූප වූ දඬුවම ද නොගෙන අතිරේක බලි ද, අතිරේක දඬුවම ද, ගැනීමෙන් අදැහැමි වූවෝයි, රාජයුත්තා යනු රජුගේ ජනපදයන්හි කටයුතු සංවිධානය කරන්නා වූ නියෝජිත පුරුෂයෝයි, බ්රාහ්මණගහපතිකා යනු ඇතුල් නුවරවැසි බ්රාහ්මණ ගෘහපතීහුයි, නෙගමජානපදා යනු නියම්ගම් වැසියෝ ද ජනපදවැසියෝ ද වෙති, විසමං යනු විසමවූවෝ වී නොකල්හි හමත් යන අර්ත්ථයි, විසමා යනු සමනොවූයි. ඉතාදැඩි හෝ ඉතා මෘදු වූවෝ හෝ වෙති යන අර්ත්ථයි. අපඤ්ජසා යනු මගින් ඉවත්වූවෝ, නොමග යන්නෝ වී හමතියි අර්ත්ථයි, දෙවතා පරිකුපිතා භවන්ති යනු සුළඟ විසමව මගින් ඉවත්ව හමනවිට ගස් කඩා වැටෙයි. විමන් බිඳීයයි, එහෙයින් දෙවියෝ කිපියාහු වෙති. ඔවුහු කිපියාහු වැස්සට මනාව වසින්නට ඉඩ නොදෙති. එහෙයින් කියන ලදි: “දෙවො න සම්මා ධාරං අනුපවෙච්ඡති”. විසමපාකිනී සස්සානි භවන්ති යනු තැනක ගොයම ගැබ්ගන්නේ වෙයි, එකතැනක කිරිවදින්නේ වෙයි, එක් තැනක පැසෙයි,
විසමං නක්ඛත්තානි තාරකරූපානි පරිවත්තන්ති යනු යම්සේ ඉල්පොහොය ඉල් නැකතම ලබයි ද බිනර පොහොය බිනර නැකතම ලබයි ද එසේ ඒ ඒ මාසයෙහි ඒ ඒ පොහොයම ඒ ඒ නැකතම ලබයි ද එසේ සමව නොපෙරෙලෙත්, අවිසමං වාතා වායන්ති යනු විසම නොවී සුදුසු කාලයෙහිම හමත්, සමසක උතුරු සුළඟය සමසක දකුණු සුළභයයි මෙසේ ඒ ඒ දනව්වලට සුදුසු කාලයෙහි හමත්, සමා යනු සම පැවතුම් ඇත්තාහු, ඉතා දැඩි ඉතාමුදු නොවූවාහුයි, පඤ්ජසා යනු මගට පිළිපන්නාහු මගෙහිම හමත්, නොමඟින් නොවේයයි අර්ත්ථයි,
ජිම්හං ගච්ඡති යනු වක්ව යයි. නොතොට ගනියි, නෙතෙ ජීම්හගතෙ සති යනු පමුණුවන්නේනුයි නෙතා නමි, ඒ පමුණුවන්නා වක්ව ගියකල ඇදව ගොස් නොතොට ගන්නා කල්හි සෙස්සෝ ද නොතොටම ගනිත්යයි අර්ත්ථයි, නෙත්තෙති යනුද පාඨයි, දුක්ඛං සෙති යනු දුකසේ නොවී දුකට පත්වේයයි අරුත්ය.