9. පධාන සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි කෙලෙසුන්ගේ සංවරය සඳහා පිවිසෙන දොරටුව වසනු සඳහා වූ උත්සාහය සංවරප්පධානං නමි, දුරුකිරීම සඳහා වූ උත්සාහය පහානප්පධානං නමි, කුසල ධර්‍මයන් දියුණුව සඳහා, වැඩෙනු සඳහා වූ උත්සාහය භාවනාපධානං නමි. ඔවුන්ගේම ආරක්ෂාව සඳහා වූ උත්සාහය අනුරක්ඛනාපධානං නමි.
10. අධම්මික සූත්‍ර වර්ණනාව
දසවැනි සුත්‍රයෙහි අධම්මිකා හොන්ති යනු පැරණි රජුන් විසින් තබන ලද දසභාගබලිය ද, අපරාධයට අනුරූප වූ දඬුවම ද නොගෙන අතිරේක බලි ද, අතිරේක දඬුවම ද, ගැනීමෙන් අදැහැමි වූවෝයි, රාජයුත්තා යනු රජුගේ ජනපදයන්හි කටයුතු සංවිධානය කරන්නා වූ නියෝජිත පුරුෂයෝයි, බ්‍රාහ්මණගහපතිකා යනු ඇතුල් නුවරවැසි බ්‍රාහ්මණ ගෘහපතීහුයි, නෙගමජානපදා යනු නියම්ගම් වැසියෝ ද ජනපදවැසියෝ ද වෙති, විසමං යනු විසමවූවෝ වී නොකල්හි හමත් යන අර්‍ත්‍ථයි, විසමා යනු සමනොවූයි. ඉතාදැඩි හෝ ඉතා මෘදු වූවෝ හෝ වෙති යන අර්‍ත්‍ථයි. අපඤ්ජසා යනු මගින් ඉවත්වූවෝ, නොමග යන්නෝ වී හමතියි අර්‍ත්‍ථයි, දෙවතා පරිකුපිතා භවන්ති යනු සුළඟ විසමව මගින් ඉවත්ව හමනවිට ගස් කඩා වැටෙයි. විමන් බිඳීයයි, එහෙයින් දෙවියෝ කිපියාහු වෙති. ඔවුහු කිපියාහු වැස්සට මනාව වසින්නට ඉඩ නොදෙති. එහෙයින් කියන ලදි: “දෙවො න සම්මා ධාරං අනුපවෙච්ඡති”. විසමපාකිනී සස්සානි භවන්ති යනු තැනක ගොයම ගැබ්ගන්නේ වෙයි, එකතැනක කිරිවදින්නේ වෙයි, එක් තැනක පැසෙයි,
විසමං නක්ඛත්තානි තාරකරූපානි පරිවත්තන්ති යනු යම්සේ ඉල්පොහොය ඉල් නැකතම ලබයි ද බිනර පොහොය බිනර නැකතම ලබයි ද එසේ ඒ ඒ මාසයෙහි ඒ ඒ පොහොයම ඒ ඒ නැකතම ලබයි ද එසේ සමව නොපෙරෙලෙත්, අවිසමං වාතා වායන්ති යනු විසම නොවී සුදුසු කාලයෙහිම හමත්, සමසක උතුරු සුළඟය සමසක දකුණු සුළභයයි මෙසේ ඒ ඒ දනව්වලට සුදුසු කාලයෙහි හමත්, සමා යනු සම පැවතුම් ඇත්තාහු, ඉතා දැඩි ඉතාමුදු නොවූවාහුයි, පඤ්ජසා යනු මගට පිළිපන්නාහු මගෙහිම හමත්, නොමඟින් නොවේයයි අර්‍ත්‍ථයි,
ජිම්හං ගච්ඡති යනු වක්ව යයි. නොතොට ගනියි, නෙතෙ ජීම්හගතෙ සති යනු පමුණුවන්නේනුයි නෙතා නමි, ඒ පමුණුවන්නා වක්ව ගියකල ඇදව ගොස් නොතොට ගන්නා කල්හි සෙස්සෝ ද නොතොටම ගනිත්යයි අර්‍ත්‍ථයි, නෙත්තෙති යනුද පාඨයි, දුක්ඛං සෙති යනු දුකසේ නොවී දුකට පත්වේයයි අරුත්ය.
දෙවැනිවූ පත්තකම්මවර්‍ගයයි.
ගාථාකුලකය සමාප්තයි.
3. අපණ්ණක වර්ගය
1. පධාන - අපණ්ණකපටිපදා සූත්‍ර වර්ණනාව
තෙවැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි අපණ්ණකතං පටිපදං යනු අවිරෝධී ප්‍රතිපදාවයි, යොනි චස්ස ආරද්ධා හොති යනු එයට හේතුව ද පිරිපුන් වූයේ වෙයි, ආසවානං ඛායාය යනු රහත් බව සඳහායි, දෙවැන්න පැහැදිලිමය.
3. අසප්පුරිස - වධුකා සූත්‍ර වර්ණනාව
තෙවැනි සූත්‍රයෙහි අවණ්ණො යනු නුගුණයි, පාතුකරොති යනු කියයි, ප්‍රකට කරයි, පඤ්හාභිනීතො යනු ප්‍රශ්න කිරීම සඳහා පමුණුවන ලද්දේසි, අහාපෙත්වා අලම්පෙත්වා යනු නොපිරිහුණක් නොඑල්ඹෙන්නක් කොටයි, මෙහි ද අසත්පුරුෂ තෙමේ පවිටු ආසාවෙන් තමන්ගේ නුගුණ වසයි, සත්පුරුෂයා ලජ්ජාවෙන් තමන්ගේ ගුණය වසයි, දැන් යම්හෙයකින් අසත්පුරුෂ තෙමේ ලජ්ජාබිය නැත්තේ එක්ව විසීමෙන් අවමන් කරයි ද සත්පුරුෂයා වනාහි විලිබියෙන් යුක්ත වූයේ එක්ව විසීමෙනුදු අවමන් නොකරයි ද එබැවින් සත්පුරුෂභාවයට සාධක වූ අලුත පැමිණි ලේලියගේ උපමාව දැක්වීමට “සෙය්‍යථාපි භික්ඛවෙ වධුකා” යනාදිය පැවසූ සේක. එහි වධුකා යනු ලේලියයි, තිබ්බං යනු ඝනවූයි, මෙහි ඉතිරිය පැහැදිලිමය,
4-5. පඨම අග්ග ආදි සූත්‍ර වර්ණනා
සතරවැනි සූත්‍රයෙහි සීලග්ගං යනු අග්‍රප්‍රාප්ත වූ උතුම් ශීලයයි, සියලුතන්හි මේ ක්‍රමයමය. පස්වැනි සූත්‍රයෙහි රූපග්ගහං යනු යම් රූපයක් විමසා බලා රහත් බවට පැමිණෙයි ද මෙය රූපග්ග නමි. සෙස්සෙහි ක්‍රමයමයි, භවග්ගං යනු මෙහි වනාහි යම් ආත්මභාවයක සිටියේ රහත්බවට පැමිණෙයි ද මෙය භවග්ග නමි.
6. කුසිනාර සූත්‍ර වර්ණනාව
සයවැන්නෙහි උපවත්තනෙ යනු පෙරදිගෙහි වූ සල්ගස් පෙලෙක උතුරු දෙසින් නැවතී සිටි මැද තැනයි. අන්තරෙන යමකසාලානං යනු සැක කිරීමට සල්ගස් දෙකක් අතරෙහියි, කංඛා යනු සැකයයි, විමති යනු විනිශ්චය කිරීමට අසමත් බවයි, බුදුවරයෙක්ද? බුදුවරයෙක් නොවේද, ධර්‍මය ද ධර්‍මය නොවේද? සංඝයා ද සංඝයා නොවේද? මාර්‍ගය ද මාර්‍ගය නොවේද? ප්‍රතිපදාවද, ප්‍රතිපදාව නොවේදැයි යමෙකුට සැකයක් උපදින්නේ ද එය තොපට කියමි මහණෙනි, අසවු යනු මෙහි සැකවින් අර්‍ත්‍ථයයි, සත්ථුගාරචෙනාපි න පුච්ඡය්‍යාථ යනු අපි ශාස්තෲන් වහන්සේ සමීපයෙහි පැවිදි වීමු, අපගේ සිවුපසය ද ශාස්තෲන් වහන්සේ සතුවූයේම වෙයි, ඒ අපි මෙපමණකලක් සැක නොකොට අද අන්තිම කාලයෙහි නොසුදුස්සෝ වෙමු, ඉදින් මෙසේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් නොඅසවු, සහායකොපි භික්ඛවෙ සහායකස්ස ආරොවෙතු යනු තොපගෙන් යමෙකුට යම් මිත්‍ර වූ ඇසුරුකරන භික්ෂුවක වේද හෙතෙම ඔහුට සැලකෙරේවා! මම එක් භික්ෂුවකට කියන්නෙම්, ඔහුගේ කථාව අසා සියල්ලෝ සැක නැත්තේ වෙත්වායි දක්වයි, එවං පසන්නො යනු මෙසේ මම අදහමි යන අර්‍ත්‍ථයයි, ඤාණමෙව යනු නිසැක බව පසක් කරන නුවණමයි, මෙහි තථාගතයන් වහන්සේගේ ශ්‍රද්ධා මාත්‍රයක් නොවේය යන අර්‍ත්‍ථයයි, ඉමෙසං හි ආනන්ද යනු මේ තිරය ඇතුළෙහි හුන්නා වූ මේ පන්සියයක් භික්ෂුන්ගේයි, යො පච්ඡිමතො යනු ගුණ වශයෙන් අන්තිමවූ යමෙකි, අනඳ යමෙකි. අනඳ තෙරුන් සඳහාම කියන ලදි.