7. සුවිදූරවිදූර සූත්‍ර වර්ණනාව
සත්වැනි සූත්‍රයෙහි සුවිදූරදුරානි යනු යම්කිසි ක්‍රමයකින් ලංවී බොහෝ දුරුවූ දේම දුරුවූයේයි. නභඤ්ච භික්ඛවෙ පඨවී ච යනු අහස හා මහපොළොවයි. එහි අහස නම් පොළොවෙන් දෑඟුල් අඟල පමණෙහිවත් දුරෙහි නොවෙයි. ඔවුනොවුන් නොලැගෙන අරුතින් බොහෝ දුර යයි කියන ලදි. වෙරෙචනො යනු සූර්‍ය්‍යයායි. සතඤ්ච භික්ඛවෙ ධම්මො යනු සතර සතිපට්ඨානාදී භේද ඇති සත්තිස් බෝධිපාක්ෂිය ධර්‍මයි. අසතඤ්ච ධම්මො යනු දෙසැටක් දෘෂ්ටිවශයෙන් භේද ඇති අසද්ධර්‍මයයි.
පහඞ්කරො යනු ආලෝකය කරන්නායි. අව්‍යයිකො හොති යනු නොපෙනී යන ස්වභාවය ඇත්තේ වෙයි. සතං සමාගමො යනු පණ්ඩිතයන්ගේ මිත්‍රසන්ථව වශයෙන් එක්වීමයි, යාචම්පි තිට්ඨෙය්‍ය යනු යම්පමණ කාලයක් සිටින්නේය යනුයි, තථෙව හොති යනු එබඳුම වෙයි. පියෙවි ගතිය අත්නොහරියි. ඛිප්පං භි වෙති යනු ඉක්මණින් පහවයයි.
8. විසාඛ සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි පඤ්චාලිපුත්තො යනු පඤ්චාලි බැමිණියගේ පුතායි. පොරියා වාචාය යනු පිරිපුන් වචනයෙනි, විස්සසට්ඨාය යනු උවදුරු රහිතවූයි, අනෙලගලාය යනු නිදොස් බැවින් මෙන්ම නොගිලිහුණු බැවින්ද ඉවත් නොවූ පදව්‍යංජන ඇත්තාවූයි. පරියාපන්නාය යනු නිවනට පිළිපන්නාවූයි, අනිස්සිතාය යනු සසර ඇසුරු නොකළාවූයි, නිවන ඇසුරු කරන ලද්දක් කොටම කීවේය, සසර ඇසුරුවූවක් කොට නොකීයයි මෙහි මෙය අදහසයි.
නාභාසමානං යනු නොකියන්නේ නොවූයි. අමතං පදං යනු නිර්‍වාණ පදයයි, භාසයෙ යනු බබළන්නේය. ජොතයෙ යනු එයටම නමෙකි. පග්ගණ්හෙ ඉසිනං ධජං යනු උස්ව නැගී සිටි යන අරුතින් නව ලොවුතුරා දහමට සෘෂීන්ගේ ධ්වජයයි කියනු ලැබේ. එයම දැඩිව ගත්තේය. උඩට නංවන්නේය, උසස් කොට කථා කරන්නේයයි අරුත්ය. නවලොවුතුරා දහම හඟවන සුභාෂිතය නම් වූ ධජය මොවුන්ගේනුයි සුභාසිතධජා නම් වෙයි. ඉසයො යනු බුද්ධාදී වූ ආර්‍ය්‍යයෝයි, ධම්මො හි ඉසිනං ධජො යනු යට කියනලද පරිද්දෙන්ම ලොවුතුරා දහම සෘෂිවරුන්ගේ ධජය නම් වේය යනුයි.
9. විපල්ලාස සූත්‍ර වර්ණනාව
නවවැනි සුත්‍රයෙහි සඤ්ඤාවිපල්ලාසා යනු සංඥාවෙන් විපරීත බැවින් සතර විපරීත සංඥාවෝය යන අර්‍ත්‍ථයයි. සෙසු දෙකෙහිද මේ ක්‍රමයමැයි. අනිච්චෙ නිච්චන්ති භික්ඛවෙ සඤ්ඤාවිපල්ලාසො යනු අනිත්‍ය වූ වස්තූවෙහි මෙය නිත්‍ය යයි මෙසේ ගෙන උපදින සංඥාව සඤ්ඤාවිපල්ලාසයයි අර්‍ත්‍ථයයි. මේ ක්‍රමයෙන් සියලු පදයන්හි අර්‍ත්‍ථය දතයුතුය.
අනත්තනි ච අත්තා යනු අනාත්ම නොවන්නෙහි ආත්මයයි මෙසේ සංඥා ඇත්තාහු යන අර්‍ත්‍ථයයි. මිච්ඡාදිට්ඨිගතා යනු හුදෙක් සංඥා ඇත්තාහුම නොව සංඥාව මෙන් උපදින මිථ්‍යදෘෂ්ටීන් මෙන් උපදිනු ලබන භ්‍රාන්ත (විසුරුණු) සිතෙන් යුක්ත වූවාහුයි. විසඤ්ඤිනො යනු මෙය දේශනා මාත්‍රයකි. විපරීත වූ සංඥා චිත්තදෘෂ්ටි ඇත්තෝයි අර්‍ත්‍ථයි. තෙ යොගයුත්තා මාරස්ස යනු ඔවුහු මාරයාගේ බැඳුමෙහි යෙදුනාහු නම් වෙත්. අයොගක්ඛෙමිනො යනු සතර යෝගයන්ගෙන් ක්ෂෙමයට, නිවනට නොපත්වූවාහුයි. සත්තා යනු පුද්ගලයෝයි, බුද්ධා යන සිවුසස් බුදුවරුයි, ඉමං ධම්මං යනු සිවුසස් දහම්ය, ස චිත්තං පච්චලද්ධා යනු ස්වකීය සිත ලබාගෙනයි. අතිච්චතද්දක්ඛුං යනු අනිත්‍ය භාවයෙන්ම දුටුවාහුය. අසුභතද්දසුං යනු අසුභය අසුභයක් ලෙසම දුටුවාහුය, සම්මාදිට්ඨිසමාදානා යනු ගන්නාලද සම්‍යක් දශර්‍නයෙනි, සබ්බං දුක්ඛං උපච්චගුං යනු සියලු සසර දුක් ඉක්මවූවාහුයි.