8. විසාඛ සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි පඤ්චාලිපුත්තො යනු පඤ්චාලි බැමිණියගේ පුතායි. පොරියා වාචාය යනු පිරිපුන් වචනයෙනි, විස්සසට්ඨාය යනු උවදුරු රහිතවූයි, අනෙලගලාය යනු නිදොස් බැවින් මෙන්ම නොගිලිහුණු බැවින්ද ඉවත් නොවූ පදව්‍යංජන ඇත්තාවූයි. පරියාපන්නාය යනු නිවනට පිළිපන්නාවූයි, අනිස්සිතාය යනු සසර ඇසුරු නොකළාවූයි, නිවන ඇසුරු කරන ලද්දක් කොටම කීවේය, සසර ඇසුරුවූවක් කොට නොකීයයි මෙහි මෙය අදහසයි.
නාභාසමානං යනු නොකියන්නේ නොවූයි. අමතං පදං යනු නිර්වාණ පදයයි, භාසයෙ යනු බබළන්නේය. ජොතයෙ යනු එයටම නමෙකි. පග්ගණ්හෙ ඉසිනං ධජං යනු උස්ව නැගී සිටි යන අරුතින් නව ලොවුතුරා දහමට සෘෂීන්ගේ ධ්වජයයි කියනු ලැබේ. එයම දැඩිව ගත්තේය. උඩට නංවන්නේය, උසස් කොට කථා කරන්නේයයි අරුත්ය. නවලොවුතුරා දහම හඟවන සුභාෂිතය නම් වූ ධජය මොවුන්ගේනුයි සුභාසිතධජා නම් වෙයි. ඉසයො යනු බුද්ධාදී වූ ආර්ය්යයෝයි, ධම්මො හි ඉසිනං ධජො යනු යට කියනලද පරිද්දෙන්ම ලොවුතුරා දහම සෘෂිවරුන්ගේ ධජය නම් වේය යනුයි.
9. විපල්ලාස සූත්‍ර වර්ණනාව
නවවැනි සුත්‍රයෙහි සඤ්ඤාවිපල්ලාසා යනු සංඥාවෙන් විපරීත බැවින් සතර විපරීත සංඥාවෝය යන අර්ත්ථයයි. සෙසු දෙකෙහිද මේ ක්‍රමයමැයි. අනිච්චෙ නිච්චන්ති භික්ඛවෙ සඤ්ඤාවිපල්ලාසො යනු අනිත්‍ය වූ වස්තූවෙහි මෙය නිත්‍ය යයි මෙසේ ගෙන උපදින සංඥාව සඤ්ඤාවිපල්ලාසයයි අර්ත්ථයයි. මේ ක්‍රමයෙන් සියලු පදයන්හි අර්ත්ථය දතයුතුය.
අනත්තනි ච අත්තා යනු අනාත්ම නොවන්නෙහි ආත්මයයි මෙසේ සංඥා ඇත්තාහු යන අර්ත්ථයයි. මිච්ඡාදිට්ඨිගතා යනු හුදෙක් සංඥා ඇත්තාහුම නොව සංඥාව මෙන් උපදින මිථ්යදෘෂ්ටීන් මෙන් උපදිනු ලබන භ්‍රාන්ත (විසුරුණු) සිතෙන් යුක්ත වූවාහුයි. විසඤ්ඤිනො යනු මෙය දේශනා මාත්‍රයකි. විපරීත වූ සංඥා චිත්තදෘෂ්ටි ඇත්තෝයි අර්‍ත්‍ථයි. තෙ යොගයුත්තා මාරස්ස යනු ඔවුහු මාරයාගේ බැඳුමෙහි යෙදුනාහු නම් වෙත්. අයොගක්ඛෙමිනො යනු සතර යෝගයන්ගෙන් ක්ෂෙමයට, නිවනට නොපත්වූවාහුයි. සත්තා යනු පුද්ගලයෝයි, බුද්ධා යන සිවුසස් බුදුවරුයි, ඉමං ධම්මං යනු සිවුසස් දහම්ය, ස චිත්තං පච්චලද්ධා යනු ස්වකීය සිත ලබාගෙනයි. අතිච්චතද්දක්ඛුං යනු අනිත්‍ය භාවයෙන්ම දුටුවාහුය. අසුභතද්දසුං යනු අසුභය අසුභයක් ලෙසම දුටුවාහුය, සම්මාදිට්ඨිසමාදානා යනු ගන්නාලද සම්‍යක් දශර්නයෙනි, සබ්බං දුක්ඛං උපච්චගුං යනු සියලු සසර දුක් ඉක්මවූවාහුයි.
10. උපක්කිලෙස සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි උපක්කිලෙසා යනු බැබලීමට නොදී කෙලෙසෙන බව ඇතිකිරීම හේතුකොටගෙන උපක්ලේශයෝයි. මහිකා යනු හිමයි, ධූමරජො යනු දුම් හා දූවිලිය, රාහු යනු පළමු තුන නොපත් උපක්ලේශයෝය, රාහු වනාහි සපැමිණි උපක්ලේශ වශයෙන් කියන ලදැයි දතයුතුය, සමණබ්රාහ්මණා න තපන්ති න භාසන්ති න විරොවන්ති යනු ගුණප්රතාපයෙන් නොබබලත්, ගුණ ආලෝකයෙන් නොදිලෙත් ගුණ දිලිසීමෙන් නොදිලෙසෙත්, සුරාමෙරයපානා අප්පටිවිරතා යනු පස් ආකාර සුරාව හා සතරාකාර මෙරය බීමෙන් නොවෙන්වූයි,
අවිජ්ජානිවුතා යනු අවිද්‍යාවෙන් වළක්වන ලද වසන ලදයි. පියරූපාභිනන්දිනො යනු ප්‍රිය රූපය, මනරූපය විඳින්නාවූ සතුටු වන්නාවූයි, සාදියන්ති යනු ගනිත්, අවිද්දසු යනු අන්ධ බාලයෝයි, සනෙත්තිකා යනු තෘෂ්ණා රැහැනෙන්ම ගෙනයනු ලබන්නාහුයි, කටසිං යනු ආත්මභාවයයි, ඝොරං යනු රළුවූයි, මේ සූත්‍රයෙහි ද ගාථාවන්හි ද නිවනම කියන ලදි.
පස්වැනි වර්ගයයි.
පළමු පණ්ණාසකය නිමි.
2. ද්වීතීය පණ්ණාසකය
1. පුඤ්ඤාභිසන්ද වර්ගය
1. ප්‍රථම පුඤ්ඤාභිසන්ද සූත්‍ර වර්ණනාව
දෙවැනි පණ්ණාසකයෙහි පළමු සූත්‍රයෙහි පුඤ්ඤාභිසන්දා යනු පිනේ ගලාබැසීම්, පිනේ ඉපදීම් යන අරුත්ය, කුසලාභිසන්දා යනු ඊටම පර්ය්යය වචනයකි, ඔවුහු වනාහි සුවය ගෙන එත්නුයි සුඛස්සාහාරා නමි. මනාව අග්‍ර වූ රූපාදිය දෙන්නෝනුයි සොවග්ගිකා නමි. සැපය ඒවායේ විපාකය යන අරුතින් සුඛවිපාකා නමි. ස්වර්ගයෙහි උපත ස්වර්ගයයි, ස්වර්ගය සඳහා පවතියි සග්ගසංවත්තනිකා නමි. චීවරං පරිභුඤ්ඤමානො යනු සිවුරු සඳහා වස්ත්‍රයක් ලැබ ඉදිකටුනුල් ආදිය නොමැති බැවින් එය බහාතබන්නේ ද, කරන්නේ ද, කරවන්නේ ද, පොරවන්නේ ද, දිරුණු කල ඇතිරිල්ලක් කරන්නේ ද, ඇතිරීමට නොහැක්කේ නම් බුමුතුරුනක් කරන්නේ ද, බුමුතුරුනකට නොසුදුසු දෙය පලපලා පාපිස්නක් කරන්නේ ද, පරිභොග කරන්නේ යයි කියනු ලැබේ. යම් විටෙක මෙය පාපිස්නකට ද නොහැකැයි හැමද ඉවතලන ලද්දේ වෙයිද එවිට පරිභොග කරනු ලබන්නේ නොවෙයි අප්පමාණං චෙතොසමාධියං යනු අරහත්ඵල සමාධියයි, අප්පමාණො තස්ස පුඤ්ඤාභිසන්දො යන මෙයින් දායකයාගේ පුණ්යචේතනාවේ අපමණ බව කියයි, ඔහුගේ වනාහි “මගේ සිවුර ක්ෂීණාශ්රවයන් වහන්සේ පරිභොග කරන සේකැ”යි යළි යළිත් සිහිකිරීම් වශයෙන් පැවති පුණ්‍ය චේතනාව අපමණ වෙයි. එය සඳහා මෙය කියන ලදි. පිණ්ඩපාතාදියෙන් යමෙක් පිණ්ඩපාතය වළඳා සත්දිනකුදු එයින්ම යැපෙයි ද අනෙකක් පරිභෝග නොකරයි ද හෙතෙම සත් දිනකුදු එම පිණ්ඩපාතය පරිභොග කරන්නේ නම් වෙයි, එක් සෙනසුනක රාත්‍රි ස්ථාන දිවාස්ථානාදියෙහි සක්මන් කරන්නේ ද යම්තාක් ඒ සෙනසුන අතහැර වෙන සෙනසුනක් නොගනියි ද එතෙක් පරිභාග කරන්නේ නම් වෙයි. එක් බෙහෙතකින් රෝගය සංසිඳෙන කල යම්තාක් වෙනත් බෙහෙතක් නොවළඳයි ද එතෙක් පරිභොග කරන්නේ නමි.