2. ද්විතිය උරුවෙල සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි සම්බහුලා යනු බොහෝවූයි, බ්රාහ්මණා යනු හුහුංක ජාතික බ්‍රාහ්මණයා සමග පැමිණි බ්රාහ්මණයෝයි, ජිණ්ණා යනු ජරාවෙන් දිරාපත් වූවාහුයි, වුද්ධො යනු වයසින් වැඩිමහලු වූවෝයි, අද්ධගතා යනු වයස් තුනෙන් අඩක් ඉක්මවූවාහුයි, සුතං නෙතං යනු අප විසින් මෙය අසන ලදියි. තයිදං භො ගොතම තථෙව යනු භවත් ගෞතමයනි, අප විසින් අසන ලද මේ කාරණය එසේමය යනුයි. තයිදං භො ගොතම න සම්පන්නමෙව යනු ඒ මේ අභිවාදනාදිය නොකිරීම නුසුදුසුමය,
අකාලවාදී යනාදියෙන් නුසුදුසු කල්හි කියයිනුයි අකාලවාදී නමි. අස්වභාවය කියයිනුයි අභූතවාදී නමි. අනර්ථය කියයි අර්ථය නොකියයිනුයි අනත්ථවාදී නමි. අධර්මය කියයි, ධර්මය නොකියයිනුයි අධම්මවාදී නමි. විනය නොවූවක් කියයි. විනය නොකියයිනුයි අවිනයවාදී නමි. අනිධානවතිං වාචං භාසිතා යනු හදවතෙහි තැත්පත් නොකළ යුතු වචනයක් කියන ලදී, අකාලෙන යනු කීමට නොයුතු කාලයෙනි, අනපදෙසං යනු හේතු රහිතවයි. හේතු සහිතකොට කරුණු සහිත කොට නොකියයි, අපරියන්තවතිං යනු කෙළවර රහිතවූයි, සීමාව දක්වමින් නොකියයි, අතත්ථසංහිතං යනු ලෞකික ලෝකෝත්තර අර්ථය ඇසුරු නොකොට කියයි. බාලො ථෙරොතෙව සංඛං ගච්ඡති
[missing trans] යනු පාණ්ඩිත්‍යයෙන් යුක්ත බැවින් පණ්ඩිත තෙමේ ස්ථිරභාවයට පැමිණි බැවින් ථෙර යයි ප්‍රසිද්ධියට යයි.
බහුසසුතො හොති යනු ඔහුට අසන ලද දෙය බොහෝ වෙයි. පෙරඅපර වශයෙන් පෙළ ගැලපීමෙන් නවංග ශාස්තෲ ශාසනය උගන්නා ලද්දේ වේ යයි අර්ථයයි. සුතධරො යනු අස්නා ලද දෙයට පදනම් වූයේයි. යමෙකුට වනාහි මෙයින් ගන්නා ලද දෙය මෙයින් පලායයි ද සිදුරු වූ කළයක ජලය මෙන් නොසිටීද, පිරිස මැද එක් සූත්‍රයක් හෝ ජාතකයක් හෝ කීමට හෝ කියවීමට හෝ නොහැකිවෙයිද මෙතෙම සුතධරයෙක් නම් නොවේ. යමෙකුට වනාහි උගත් බුද්ධ වචනය උගත් කාලයට සමානවම වේද, වසර දහයකුදු විස්සකුදු සජ්ඣායනා නොකරන්නහුගේ (උගත්දෙය) නොනැසෙයිද මෙතෙම සුතධරවූයේ නමි. සුතසන්නිචයො යනු ඇසූපිරූ දෙයට නිධානයක් වූයේයි, යමෙකුගේ ඇසූපිරූ දෙය හදවත් කරඬුවෙහි මනාව රැස්වුයේ ගලෙහි ඉරක් මෙන් ද රන් බඳුනෙක බහන ලද සිංහ තෙලක් මෙන්ද සිටීද, මෙතෙම සුතසන්නිචයො නමි. ධතා යනු තහවුරු වූවාහු, ප්‍රගුණ වුවාහුයි, ඇතමෙකුට වනාහි උගත් බුද්ධ වචනය තහවුරුව ප්‍රගුණ වූයේ නොසැලෙන්නේ නොවෙයි. අසුවල් සූත්‍රය හෝ ජාතකය හෝ කියවයි කී කල්හි සජ්ඣායනය කොට සසඳා දන්නෙමියි කියයි. ඇතමෙකුට තහවුරුව ප්‍රගුණ වූයේ භවංග (චිත්ත) ධාරාව මෙන් වෙයි. අසුවල් සූත්‍රය හෝ ජාතකය හෝ කියවයි කී කල්හි (නිසිතැනින්) උපුටාගෙන එයම කියයි. එබඳු ඒ පුද්ගලයා උදෙසා ධතායි කියන ලදි. වචසා පරිවිතා යනු සූතදශක, වර්ගදශක, පණ්ණාස දශක වශයෙන් වචනයෙන් සජ්ඣායනය කරන ලදයි, මනසානුපෙක්ඛිතා යනු සිතෙන් විමසන ලද්දාවූයි. යමෙකුගේ වචනයෙන් සජ්ඣායනය කරන ලද බුද්ධ වචනය සිතෙන් සිතන්නහුට ඒ ඒ තැන පැහැදිලි වෙයි. මහ පහනක් දල්වා සිටියකුට රූපයක් පඤ්ඤායති පෙනෙන්නාක් මෙනි. එය අරභයා කියන ලදි. දිට්ඨියා සුප්පටිවිද්ධො යනු අර්ථ වශයෙන්ද කරුණු වශයෙන් ද ප්‍රඥාවෙන් මනාව අවබෝධ කරන ලද්දාවූයි.
ආභිචෙතසිකානං යනු බබලන පිරිසුදු සිත අභිචෙතොයි කියනු ලැබේ. අභිචිත්ත යනුවෙන් හෝ වේ. (බබලන) අභිසිතෙහි හටගත්තාහු ආභිචෙතසිකයෝයි. අභිචිත්තයෙන් ඇසුරු කරන ලද්දාහු හෝ අභිචෙතසිකයෝයි, දිට්ඨධම්මසුඛවිහාරානං යනු ඉහාත්මයෙහි සැප සේ වසන්නවුන්ගේයි. ප්රත්යක්ෂ ආත්මභාවය දිට්ඨධම්ම යයි කියනු ලැබේ. එහි සුඛ විහරණ ඇත්තවූන්ගේයි, මෙය රූපාවචර ධ්යානයන්ටම පර්‍ය්‍යාය වචනයකි. ඒවා අර්පණාවට නංවා සිටියා වූ ධ්‍යාන ඇත්තාහු මේ ආත්මභාවයෙහිම නොකිළිටි වූ නෛෂ්ක්‍රම්‍ය සැපය විඳිති. එහෙයින් දිට්ඨධම්ම සුඛවිහාරානියි කියනු ලැබෙත්. නිකාමලාහී යනු කැමැත්තෙන් ලබන්නා වූ, තමන්ගේ කැමැත්ත ලෙස ලබන්නාවූයි. කැමති කැමතිවිට සමවැදීමට දක්ෂයෙකියි කියන ලද්දේ වෙයි. අකිච්ඡලාභී යනු පහසුවෙන්ම විරුද්ධ ධර්මයන් යටපත්කොට සමවැදීමට දක්ෂයෙකියි කියන ලද්දේ වෙයි. අකසිරලාභී යනු අපහසු රහිත වූ බොහෝ දේ ලබන්නායි, පිරිසිඳීම් වශයෙන් (සමවතින්) නැඟී සිටීමට සමත් වූවෙකැයි කියන ලද්දේ වෙයි. ඇතමෙක් හුදෙක් ලබන්නෙක්ම වෙයි. කැමති කැමතිවිට සමවැදීමට නොහැක්කේ වෙයි. ඇතමෙක් එසේ සමවැදීමට හැක්කේ වෙයි. උවදුරු දුක සේ මැඬලයි. ඇතමෙක් එසේ සමවදියි උවදුරු ද පහසුවෙන්ම යටපත් කරයි. (එහෙත්) හෝරා යන්ත්‍රයක් මෙන් කැමති කොටසෙහිම නැඟීසිටීමට නොහැකිවෙයි. යමෙකුට මේ ත්‍රිවිධ සම්පත්තියම ඇත්තේ ද හෙතෙම අකිච්ඡලාභී අකසිරලාභී යයි කියනු ලැබේ. ආසවානං ඛයා යනාදිය කියන ලද අර්ත්ථ ඇත්තේමයි. මෙසේ මෙහිද සීලය ද ක්ෂීණාශ්රවයාගේම ශීලයයි. බහුශ්‍රැත බවද ක්ෂීණාශ්රවයාගේ බහුශ්‍රැත බවයි. ධ්‍යානයෝ ද ක්ෂීණාශ්රවයාගෙන්ම විඳුනා ධ්‍යානයෝයි කියන ලද්දාහුය. ආසවානං ඛයා යනාදියෙන් වනාහි රහතන් වහන්සේ කියන ලදහ. මෙහි ඵලයෙහි මාර්ග කෘත්‍යය ප්‍රකාශ කරන ලද්දේ යයි දතයුතුයි.