3.3.4.8
අටවැන්නෙහි අස්සඛළුඩේකා යනු අශ්වපොතකයායි. ඉදම්ස්ස ජවස්මිං වදාමි යනු මෙය ඔහුගේ ඥානජවයයි කියමි. ඉදමස්ස වණ්ණස්මිං වදාමි යනු මෙය ඔහුගේ ගුණවැණුමයි කියමි. ඉදමස්ස ආරොහපරිණාහස්මිං යනු මේ ඔහුගේ උසබව හා පිරිමඬුළු බවයයි කියමි.
3.3.4.9
නවවැන්නෙහි අස්සසදස්ස යනු අසුන් අතුරින් යහපත් අසුන්ය. පුරිසසදසේස යනු පුරුෂයින් අතුරින් යහපත් අසු සමානවූ හොඳ පුරුසයන්ය යන අර්ථයි. මේ සූත්රයෙහි ඵලතුන කියනලදී. එහි මෙතෙම තුන් මගින් ඥානජව සහිතවූයේයි දතයුතුය.
3.3.4.10
දසවැන්නෙහි භද්රෙ යනු සිත්කලු දෙයෙහිය. අස්සාජානිය්යෙ යනු කරුණු නොකරුණු දන්නාවූ අසුන්ය. පුරිසාජාන්යෙයයන් කෙරෙහිද මේ ක්රමයමයි. මේ සූත්රයෙහි අරහත්ඵලය කියනලදී. එහි මේ අරහත්මාර්ගයෙන් ඥානජවසම්පන්න වුයේයි දතයුතුය.
3. 3. 4. 11
එකොළොස්වැන්නෙහි, අච්චන්තනිටෙඨා යනු ඉක්මවූ නිෂ්ටාව ඇත්තේයි. ස්ථිර නිෂ්ටාව ඇත්තේයි. නිරන්තර නිෂ්ටාව ඇත්තේයි යන අර්ථයි. සෙසු පදයන්හිද මේ ක්රමයමයි.
3.3.4.12
දොළොස්වැන්නෙහි, ඉදධිපාටිහාරියෙන යනු සෘද්ධිප්රාතිහාර්යයෙනි. ආදෙසනා පාටිහාරියෙන යනු කරුණු කියා පෙන්වා දේශනා කිරීමේ ප්රාතිහාර්යයෙනි.
3.3.4.13
තෙළෙස්වැන්නෙහි සම්මාදිට්ඨියා යනු ඵලසමවත් සඳහා විදර්ශනා සම්යක්දෘෂ්ටියෙනි. සම්මාඤාණෙන යනු ඵලඥානයෙනි. සම්මාවිමුත්තියා යනු සෙසු පලසමවත් ධර්මයන්ගෙනි. මෙම සූත්ර තුනෙහිම ක්ෂීණාශ්රවයා කියනලදී.
සිවුවෙනි යොධාජීව වර්ගයයි.
5. මඞ්ගල වර්ගය
3.3.5.1
පස්වෙනි වර්ගයෙහි පළමුසූත්රයෙහි යථාභතං නික්ඛිත්තො යනු යම්සේ ගෙනවුත් සිටියේයි. දෙවැන්නෙහි සාවජේජන යනු සදොස්වුවෙනි. තෙවැන්නෙහි විසමෙන යනු පැකිලීම්සහිතවූවෙනි. සමෙන යනු පැකිළීම් නැතිවූවෙනි. සිවුවැන්නෙහි අසූචිනා යනු මල සමානවූ අපිරිසුදුවූවෙනි. සුචිනා යනු පිරිසුදු පවිත්රදෙයිනි. පස්වැන්න ආදීසූත්ර පැහැදිලිමය.
3.3.5.10
දසවැන්නෙහි සුනක්ඛත්තං යනාදියෙහි යම් දිනෙක ත්රවිධ සුචරිතධර්ම පුරනලද්දේ වේද ඒ දිය ලැබූ නැකත් යෝගය නමි. එබැවින් ඔහුට සැමදා හොඳ නැකත් ඇත්තේ වේයයි කියනලදී. ඒ දිනයම කළමඞ්ගල ඇත්තක්වෙයි. එහෙයින් ඔහුට සැමදා සුමඞ්ගලයයි කියනුලැබේ. ඔහුට අළුයමද සැමදා හොඳ අළුයමක් වෙයි. යහනින් නැඟිටීම (පිබිදීම) ද හොඳ පිබිදීමක්ම වෙයි. ක්ෂණයද හොඳ ක්ෂණයක්මවෙයි. මොහොතද හොඳ මොහොතක්මවෙයි. මෙහිද අසුරුදහයක් පමණවූ කාලය ක්ෂණයනමි. ඒ ක්ෂණයෙන් ක්ෂණදහයක කාලය ලයනමි. ඒ ලයින් ලය දසයක් ඇති කාලය ක්ෂණලය නමි. එයින් දසගුණයක් ඇත්තේ මොහොතනමි. ඒ මොහොතින් දසගුණය ක්ෂණමුහුර්තය නම් වේයයි මේ විභාගය ද දතයුතුය. සුයිටඨං බ්රහ්මචාරිසු යනු යම් දිනෙක සුචරිත තුන සපුරනලද්දේද එදින ඔහුට ශ්රෙෂ්ඨ හැසිරීම් ඇත්තවුන් කෙරෙහි දුන් දානය සුයිට්ඨ (මනාව පරිත්යාග කරනලද්දේ) නම්වෙයි. පදක්ඛිණං කායකම්මං යනු ඒ දිනයෙහි ඔහුවිසින් කරනලද කායකර්මය වඩඪි කායකර්මය (අභිවෘද්ධිදායක කායකර්මය) නම් වෙයි. සෙසු පදයන්හිද මේ ක්රමයමය. පදක්ඛිණානි කත්වාන යනු අභිවෘද්ධියෙන් යුක්තවූ කායකර්මාදිය කොටයි. ලභතෙත්ථ පදක්ඛිණෙ යනු ප්රදක්ෂිණාවන්, අභිවෘද්ධිදායක දෙයම ලබයි. මෙහි සෙස්ස පැහැදිලිමය.
පස්වෙනිවූ මඞ්ගල වර්ගයයි.
තෙවෙනි පණ්ණසකයයි.
6. පටිපදා වර්ගය
මෙයින් මත්තෙහි ආගාළ්හා පටිපදා යනු දැඩි රළු ලොභවශයෙන් ස්ථිරව ගැනීමයි. නිජක්ධාමා යනු අත්තකිලමථානුයොග වශයෙන් මනාව දැවුණු, රත්වූ හාත්පසින් රත්වූ යනුයි. මජක්ධිමා යනු නොරළු නොදැවුණු මැදවූවෝයි. අචෙලකො යනු නිර්වස්ත්රවූ නග්නයායි. මුත්තාචාරො යනු විසුරුවා හළ පැවතුම් ඇත්තේයි. මුත්රකිරීම් ආදියෙහිදී ලෞකික කුලපුත්රයන්ගේ හැසිරීමෙන් තොරවූයේ සිටියේම (සිටගෙනම) මුත්ර කරයි. මලපහකරයි. කයි, බුදියි, හත්ථාපලෙඛනො යනු අතෙහි බත්පිඬු නිමාවූ කල දිවෙන් අත ලොවයි. මුත්ර හෝ මල අතෙහිම දිය ඇත යන හැඟීම් ඇත්තේ අතින් පිසදමයි. භික්ෂාව (ආහාර) ගැනීම සඳහා එන්න ස්වාමීනියි කීකල්හි නොඑන්නේනුයි න එහිභදනතිකො නමි. එසේවීනම් සිටිනු මැනව ස්වාමීනියි කීකල්හි නොසිටින්නේනුයි න තිට්ඨභදන්තිකො නමි. හෙතෙම ඔහුගේ වචනයක කළේ වන්නේයයි ඒ දෙකම නොකරයි. අභිභටං යනු පළමුව ගෙන ආ භික්ෂාවයි. උද්දිස්සකටං යනු මෙය නුඹවහන්සේ උදෙසා කරනලදැයි මෙසේ සැළකළ භික්ෂාවයි. නිමන්තණං යනු අසුවල් නම් කුලයට හෝ වීථියට හෝ ගමය හෝ පිවිසෙනු මැනවැයි මෙසේ ඇරයුම් කළ භික්ෂාවද නොඉවසයි. නොගනියි. න කුම්භිමුඛා යනු සැළියෙන් උඩට ගෙන දෙනුලබන භික්ෂාව නොගනියි. න ඛලොපිමුඛා යනු ඛල යනුද සැළියයි. පැස හෝ වේ. එයිනුදු නොගිනියි. කුමක් හෙයින්ද යත් හැළිවලං මා නිසා හැන්දෙන් පහර ලබතැයි නොගනියි. න ඵලකමන්තරං යනු එළිපත්ත අතර කොට දෙනුලබන්න නොගනියි. මක්නිසාද යත්? මෙය මා නිසා අතරත කිරීමක් ලබතැයි යන හැඟීමෙනි. දඬු මොහොල්ගසෙහිද මේ ක්රමයමයි. ද්වින්නං යනු දෙදෙනකු වළඳන කල්හි එකෙකු නැගිට දෙන කල්හි නොගනියි. කුමක්හෙයින්ද යත්? බත් පිඬුවලට අනතුරක් වේයයන හැඟීමෙනි.