4. යොධාජීව වර්ගය
3. 3. 4. 1
සිවුවෙනි වර්ගයෙහි පළමුසූත්‍රයෙහි යුද්ධයෙන් ජීවත්වේයැයි යොධාජීවො නමි. රාජාරභො යනු රජුට සුදුසුවූවෙකි. රාජභොග්ගො යනු රජුගේ උපභොග පරිභොගයයි. රඤේඤා අඞගනේත්‍වච සඞ්ඛං ගච්චති යනු අතමෙන්ද පස මෙන්ද අවශ්‍යයෙන් කැමතිවියයුතු බැවින් අංගයයි කියනුලැබේ. දූරෙ පාතී හොතී යනු ජලයෙහි ඉස්බක් පමණවූද ගොඩබිමෙහි අඩ ඉස්බක් පමණවූද හෝ ඊට වැඩිවූද දුරෙහි හීය හෙලයි. දුට්ඨගාමිණී අභය රජුගේ යෝධයා නව ඉස්බක් පමණට හීය හෙලීය. අවසන් භවයෙහි බෝසත්තෙමේ යොදුනක් පමණට හීය හෙලයි. අක්‍ඛණවෙධී යනු නොවරද්දා විදින්නායි. විදුලියෙහි හෝ විදුලිගසන කාලය අතරතුර විදීමට සමත්වූ යන අර්ථයි. මහතො කායස්ස පදාලෙතා යනු එකට බඳනාලද පුවරු සියයක්වුවද මීසම්සියයක් වුවද මාපට ඇඟිල්ලක් පමණ ඝනවූ ලොහො පටක්වුවද අඟල් සතරක් ඝනවූ හී ලෑල්ලක්වුවද වියතක් ඝනවූ දිවුල් ලෑල්ලක් වුවද දිගින් වැලි කරත්තයක් වුවද විදීමට සමතෙකි යන අර්ථයි. යං කිඤචිරූපං යනාදිය විසුද්ධිමග්ගයෙහි විස්තර කරනලද්දේමය. නෙතං මම යනාදිය තෘෂ්ණාමාන දෘෂ්ටි ප්‍රතික්‍ෂෙප කිරීම් වශයෙන් කියනලදී. සම්මප්පඤ්ඤාය පස්සති යනු මනා හේතුවෙන්, කරුණින් විදර්‍ශනා සහිත මාර්‍ග ප්‍රඥාවෙන් දකියි. පදාලෙති යනු අරහත් මගින් පළාලයි.
3.3.4.2
දෙවැන්නෙහි උක්කාචිතවිනීතානි යනු නොවිමසා විනීතවූයි. දුර්විනීතපිරිසයි. පටිපුච්ඡාවිනීතා යනු වමිසා විනීතවූයි. මනාව විනීතවූ පිරිසයි. යාවතා ච විනීතා යනු ප්‍රමාණ වශයෙන් විනීතවූයි. පමණ දැන විනීතවූ පිරිසයය යන අර්ථයි. යාවතජක්‍ධා යනු පෙළෙහි වනාහි අදහස තෙක් යන අර්ථයි. අදහස දැන විනීතවූ පිරිසයයි කියනලද්දේ වෙයි. තෙවැන්න පැහැදිලිමය.
3.3.4.4
සිවුවැන්නෙහි ධම්මට්ඨිතතා යනු ස්වභාවයෙන් පිහිටීමයි. ධම්මනියාමතා යනු ස්වභාවනියාමතාවයි. සබ්බෙ සඞ්ඛාරා යනු චාතුර්භූමක සංස්කාරයෝයි. අනිච්චා යනු විනාශවේය යන අර්ථයෙන් අනිත්‍යය. දුක්‍ඛා යනු දැන් පෙළෙන අරුතින් දුක්ය. අනත්තා යනු (තමා) වශයෙහි නොපවතින අරුතින් අනාත්මය. මෙසේ මේ සූත්‍රයෙහි ලක්‍ෂණත්‍රය මිශ්‍රකව කියනලදී.
3.3.4.5
පස්වැන්නෙහි තන්තාවුතානං වත්‍ථානං යනු කර්‍මාර්ථයෙහි සම්බන්‍ධ විභක්ති වචනයි. හුයෙන් වියනලද වස්ත්‍ර යන අර්ථයි. කෙසකම්බලො යනු මිනිස් කෙසින් වියූ කම්බිලියයි. පාවාරානං යනු මෙයද කර්ම අර්ථයෙහි සම්බන්‍ධ විභක්ති වචනයි. පතිකිටේඨා යනු අන්තිමයාය, ලාමක තැනැත්තේයි. මොඝපුරිසො යනු මෝඩ පුරුෂයායි. පටිබාහති යනු වළක්වයි. ඛිපං ඔඩෙඪය්‍ය යනු කෙමිනක් අටවන්නේය. සවෙනි, සත්වෙනි සූත්‍ර පැහැදිලි අරුත් ඇත්තේමය.
3.3.4.8
අටවැන්නෙහි අස්සඛළුඩේකා යනු අශ්වපොතකයායි. ඉදම්ස්ස ජවස්මිං වදාමි යනු මෙය ඔහුගේ ඥානජවයයි කියමි. ඉදමස්ස වණ්ණස්මිං වදාමි යනු මෙය ඔහුගේ ගුණවැණුමයි කියමි. ඉදමස්ස ආරොහපරිණාහස්මිං යනු මේ ඔහුගේ උසබව හා පිරිමඬුළු බවයයි කියමි.
3.3.4.9
නවවැන්නෙහි අස්සසදස්ස යනු අසුන් අතුරින් යහපත් අසුන්ය. පුරිසසදසේස යනු පුරුෂයින් අතුරින් යහපත් අසු සමානවූ හොඳ පුරුසයන්ය යන අර්ථයි. මේ සූත්‍රයෙහි ඵලතුන කියනලදී. එහි මෙතෙම තුන් මගින් ඥානජව සහිතවූයේයි දතයුතුය.
3.3.4.10
දසවැන්නෙහි භද්‍රෙ යනු සිත්කලු දෙයෙහිය. අස්සාජානිය්‍යෙ යනු කරුණු නොකරුණු දන්නාවූ අසුන්ය. පුරිසාජාන්‍යෙයයන් කෙරෙහිද මේ ක්‍රමයමයි. මේ සූත්‍රයෙහි අරහත්ඵලය කියනලදී. එහි මේ අරහත්මාර්ගයෙන් ඥානජවසම්පන්න වුයේයි දතයුතුය.
3. 3. 4. 11
එකොළොස්වැන්නෙහි, අච්චන්තනිටෙඨා යනු ඉක්මවූ නිෂ්ටාව ඇත්තේයි. ස්ථිර නිෂ්ටාව ඇත්තේයි. නිරන්තර නිෂ්ටාව ඇත්තේයි යන අර්ථයි. සෙසු පදයන්හිද මේ ක්‍රමයමයි.
3.3.4.12
දොළොස්වැන්නෙහි, ඉදධිපාටිහාරියෙන යනු සෘද්ධිප්‍රාතිහාර්යයෙනි. ආදෙසනා පාටිහාරියෙන යනු කරුණු කියා පෙන්වා දේශනා කිරීමේ ප්‍රාතිහාර්යයෙනි.
3.3.4.13
තෙළෙස්වැන්නෙහි සම්මාදිට්ඨියා යනු ඵලසමවත් සඳහා විදර්‍ශනා සම්‍යක්දෘෂ්ටියෙනි. සම්මාඤාණෙන යනු ඵලඥානයෙනි. සම්මාවිමුත්තියා යනු සෙසු පලසමවත් ධර්මයන්ගෙනි. මෙම සූත්‍ර තුනෙහිම ක්‍ෂීණාශ්‍රවයා කියනලදී.
සිවුවෙනි යොධාජීව වර්ගයයි.
5. මඞ්ගල වර්ගය
3.3.5.1
පස්වෙනි වර්ගයෙහි පළමුසූත්‍රයෙහි යථාභතං නික්‍ඛිත්තො යනු යම්සේ ගෙනවුත් සිටියේයි. දෙවැන්නෙහි සාවජේජන යනු සදොස්වුවෙනි. තෙවැන්නෙහි විසමෙන යනු පැකිලීම්සහිතවූවෙනි. සමෙන යනු පැකිළීම් නැතිවූවෙනි. සිවුවැන්නෙහි අසූචිනා යනු මල සමානවූ අපිරිසුදුවූවෙනි. සුචිනා යනු පිරිසුදු පවිත්‍රදෙයිනි. පස්වැන්න ආදීසූත්‍ර පැහැදිලිමය.