3. තෙවන පණ්ණාසකය
1. සම්බොධි වර්ගය
3.3.1.1
තෙවෙනි පණ්ණාසකයෙහි පළමු සූත්‍රයෙහි පුබේබව සමේබාධා යනු සම්බෝධියෙන් පූර්‍වයෙහිමය. ආර්යමාර්ගයට පැමිණීමෙන් අපරභාගයෙහිමයි කියන ලද්දේවෙයි. අනභිසම්බුද්ධස්ස යනු අවබෝධ නොකළ චතුරාර්යසත්‍යය ඇතත්තාවූයි. බොධිසත්තසේසව සතො යනු අවබෝධකරන්නාවූ පුද්ගලයාටමය. සම්මා සම්බෝධියට පැමිණීමට උත්සාහකරන්නාවූ සිහිනුවණ ඇත්තාටය. බෝධීයෙහි හෝ ඇලුණු තැනැත්තාට, ලැගුණු තැනැත්තාට යන්නෙන් සතො නම්වෙයි. දීපංකර භාග්‍යවතුන් වහන්සේගේ පාමුල අෂ්ටධර්ම සමොධානයෙන් අභිනීහාර සමෘද්ධියෙහි පටන් තථාගත තෙමේ බෝධියෙහි ඇලුනේ, ලැගුනේ, මාවිසින් මේ බෝධිය ලැබිය යුතුයයි එය අවබෝධ කිරීම සඳහා උත්සාහ අත්නොහරිමින්ම ආයේය. එහෙයින් බෝධිසත්වයයි කියනුලැබේ. කො නු ඛො යනු කවරෙක් නම්වේද? ලොකො යනු සංස්කාර ලෝකයයි. අස්සාදො යනු මිහිරි ආකාරයයි. ආදීනවො යනු සතුටු නොවියයුතු ආකාරයයි. තස්ස මයහං යනු මෙසේ බෝසත් වන්නාවූ ඒ මගේ යනුයි. ඡන්‍දරාගවිනයො ඡන්‍දරාගප්පහාණං යනු නිවනට පැමිණ, අරභයා, නිසා ඡන්‍දරාගය දුරුවෙයි පහවෙයි. එහෙයින් නිවන ඡන්‍දරාගවිනය, ඡන්‍දරාගප්පහාණයයි කියනුලැබේ. ඉදං ලොකනිස්සරණං යනු මේ නිවන ලොවින් ඉවත්වූ හෙයින් ලොකනිස්සරණයයි කියනුලැබේ. යාවකීචං යනු යම් පමණවූ කාලයක්ය. අබ්භඤ්ඤාසිං යනු ඉතා විශිෂ්ටවූ ආර්යමාර්ග ඥානයෙන් දැනගතිමි. ඤාණඤ්ච පන මෙ දස්සනං යන පද දෙකින්ම ප්‍රත්‍යවෙක්‍ෂණඥානය කියනලදී. මෙහි සෙස්ස පැහැදිලිමය.
3.3.1.2
දෙවෙනි සූත්‍රයෙහි අස්සාදපරියෙසනං අචරිං යනු ආසවාදය සෙවීම සඳහා හැසුරුණෙමි. කවරකාලයක් සිටද යත්? සුමෙධ කාලයෙහි සිටය. පඤ්ඤාය යනු විදර්‍ශනා සහිත මාර්ග ප්‍රඥාවෙනි. සුද්දිටේඨා යනු මනාව අවබෝධ කරනලද්දේයි. මේ ක්‍රමයෙන් සියලු තන්හි අර්ථය දතයුතුය. තෙවැන්නෙහි සියල්ල පැහැදිලිමය.
3.3.1.4
සිවුවැන්නෙහි සාමාඤ්ඤත්‍ථං යනු චතුර්විධ ආර්යඵලයයි. සෙස්ස ඊටම පර්යාය වචනයි. ශ්‍රමණත්ව යන අර්ථයෙන් සතර මග හෝ බ්‍රහ්මණ්‍ය යන අර්ථයෙන් සතරපලය හෝ වේ. මේ සූත්‍ර සතරෙහිම ස්කන්‍ධලෝකය කියනලදී.
3.3.1.5
පස්වෙනි සූත්‍රය අර්ථොත්පත්තියක ඉදිරිපත් කරනලදී. කවර අර්ථොත්පත්තියකදයත්? ඡබ්බග්ගිය භික්‍ෂූන්ගේ නොමනා හැසිරීමෙහිය. ඔවුහු ගයමින් නටමින් සිනහසෙමින් හැසිරුණාහුය. භික්‍ෂූහු (එය) තථාගතයන්වහන්සේට දැන්වූවාහුය. ශාස්තෘන්වහන්සේ ඔවුන් කැඳවා ඔවුන්ට අවවාද සඳහා මේ සූත්‍රය ඇරඹුසේක. එහි රුණ්ණං යනු හැඬීමයි. උම්මත්තකං යනු උමතුවූවන්ගේ ක්‍රියාවයි. කොමාරකං යනු ළාබාලයන් විසින් කළයුතු ක්‍රියාවකි. දන්තවිදංසකං හසිතං යනු දත් දක්වා අත් පොළන්නවුන්ගේ මහ හඬින් යුත් සිනහවයි. සෙතුඝාතො ගීතෙ යනු තොපගේ ගීතයෙහි ප්‍රත්‍යය විනාශය වේවා? හේතුසහිත ගීතය දුරුකරවූයයි දැක්වෙයි. නාත්‍යයෙහිද මේ ක්‍රමයමයි. අලං යනු යුතුදෙයයි. පමොදිතානං සතං යන මෙහි හේතුව ධර්මයයි කියනුලැබේ. කිසියම් කරුණකින් ප්‍රමුදිතවූ සත්වයන්ගේයි. සිතං සිතමත්තාය යනු ඒ සිනහවට කරුණක් ඇති විට යම් සිනහවක් කරවූද එය තොපගේ සිනහව පමණට ඉදිරිදත් පෙන්වා සතුටුවූ ආකාරයක් දැක්වීම පමණක්ම සුදුසුයයි කියනලද්දේ වෙයි.
3.3.1.6
සයවැන්නෙහි සොප්පස්ස යනු නිදීමටය. පටිසෙවනාය නත්‍ථිතිත්ති යනු යම් යම්සේ ඇසුරු කෙරෙයිද ඒ ඒ අයුරින් කැමති වේමයයි තෘප්තියක් නම්නැත. සෙසු (පද) දෙකෙහිද එම ක්‍රමයමයි. ඉදින් මහසමුදුරෙහි ජලය සුරාව වන්නේ නම් සුරාසොඬාද මත්ස්‍යයෙක්වී උපදින්නේ නම් එහි හැසිරෙන්නාවූද නිදන්නාවූද ඔහුගේ තෘප්තියක් නම් නොවන්නේය. මේ සූත්‍රයෙහි සසරම කියනලදී.
3.3.1.7
සත්වැන්නෙහි අවස්සුතං හොති යනු තෙත්වූයේ වෙයි. න භද්දකං මරණං හොති යනු අපායෙහි ප්‍රතිසන්‍ධි ප්‍රත්‍යය හේතුකොටගෙන ලබන ලද්දක් නොවෙයි. කාලකිරියාය යනු ඊටම පර්යාය වචනයකි. පුණ්‍යපක්‍ෂයෙහි ස්වර්ගයෙහි ප්‍රතිසන්‍ධිප්‍රත්‍යය හේතුකොටගෙන ලබනලද දෙය සොඳුරුවූවක් වෙයි. එය වනාහි ඒකාන්තයෙන්ම සෝවාන් ආදී ආර්ය ශ්‍රාවකයන් තිදෙනාටම වටියි. මෙහි සෙස්ස පැහැදිලිය.