3. 3. 3. 3
තෙවැන්නෙහි, ගොතොමකෙ චෙතියෙ යනු ගොතමක යක්ෂයාගේ භවනෙහිය. තථාගතයන්වහන්සේ පඨමබොධියෙහි විසිවස කිසිදිනෙක චාපාල චෛත්යයෙහිද කිසිදිනෙක සාරන්දදයෙහිද කිසිදිනෙක බහුපුත්තයෙහිද කිසිදෙනෙක සත්තම්බයෙහිදැයි බොහෝ සෙයින් දෙවකුලයන්හි විසූසේක. මෙකල්හි විශාලාව ඇසුරුකොට ගොතමක යක්ෂයා වසන තැන වාසය කළසේක. එහෙයින් ගොතමක චෛත්යයෙහියි කියනලදී. එතදවොච යනු මෙසේ අභිඤ්ඤාය අහං යනු ආදිකොට ඇති සූත්රාන්තය දෙසූසේක.
භාග්යවතුන්වහන්සේ විසින් මෙම සූත්රය අර්ථොත්පත්තියෙහි පවසනලදැයි දතයුතුය. කවර අර්ථොත්පත්තියකද යත්? මුලපරියාය අර්ථොත්පත්තියෙහිය. බොහෝ බමුණු පැවිද්දෝ තමන් උගත් බුද්ධවචනය නිමා දැනීම් (දන්නේය යන) මදය උපදවා සම්මා සම්බුදුන්වහන්සේ දෙසනසේක් අප දන්නා දෙයම පවසන සේක. නොදත් දෙයක් නොවේයයි ධර්මශ්රවණ ශාලාවට නොයත්. භික්ෂූහු දෙසුමෙන් ආගිය තැන් නොදුටුහ. නොදක්නාහු සම්මා සම්බුදුන්වහන්සේ මගේ කථාවෙන් බැහැරවන සේකැයි මුවට පැමිණියක් පවසන්සේකැයි සිතුවාහුය. ශාස්තෘන්වහන්සේ ඔවුන්ගේ සිතදැන මේ සූත්රාන්තය ඇරඹූසේක.
එහි අභිඤ්ඥාය යනු මේ ස්කන්ධපස, දොළොස් ආයතන, අටළොස්ධාතු, දෙවිසි ඉන්ද්රිය, සිවුසස්, හේතු නවය, ස්පර්ශපස, වෙදනාසත, චෙතනා සත, සංඥාසත, සිත්සතැයි දැන, මානව දැන, ප්රත්යක්ෂ කොට එසේ මේ සතර සතිපට්ඨානයයි ආදී ක්රමයෙන් ඒ ඒ ධර්මයන් දැන මනාව දැන ප්රත්යක්ෂ කොට යන අර්ථයි. සනිදානං යනු ප්රත්යය සහිත කොටම කියමි. ප්රත්යයරහිතකොට නොවේ. සප්පාටිහාරියං යනු විරොධතා ඉවතලීමෙන් ප්රාතිහාර්ය සහිතවූවක්ම කොට කියමි. ප්රාතිහාර්ය රහිතවූවක් කොට නොවේ. අලංව පන වො යනු නුඹලාට යුතුදෙයයි. තුට්ඨියා යනු සම්මා සම්බුදුන්වහන්සේ භාග්යවත්වූසේක. ධර්මය මනාව කියනලද්දේය. සංඝයා මනාව පිළිපන්නේයයි තෙරුවන ගුණවශයෙන් සිහිකරන්නාවූ නුඹලාට සතුටුවීම සුදුසුය. යන අර්ථයි. සෙසුපද දෙකෙහිද එම ක්රමයමයි.
අකම්පිතත්ථ යනු සයාකාරයෙන් කැළඹුණේය. මෙබඳුවූ පොළොව කැළඹීමක් බෝ මැඩෙහි සිදුවූයේයි. බෝසතුන් දකුණු දෙසින් බෝමැඬට නැඟුණුකල්හි දක්ෂිණදිශාභාගය යටින් අවීචියට පැමිණෙන්නේ මෙන් විය. උත්තර භාගය උඩට නැගී භවාග්රයෙහි ගැටෙන්නේ මෙන් විය. උතුරුදෙසට ගියකල්හි උත්තර දිශාභාගය යට අවීචියට පැමිණෙන්නාක් මෙන් විය. දක්ෂිණ දිශාභාගය උඩට නැගී භවාග්රයෙහි ගැටෙන්නාක් මෙන් විය. ප්රාචීන දිශාවට ගියකල්හි ප්රාචීන දිශාභාගය යට අවීචියට පැමිණෙන්නාක් මෙන් විය. පශ්චිම භාගය උඩට නැඟී භවාග්රයෙහි ගැටෙන්නාක් මෙන් විය. බෝරුකද වරක් යට අවීචියට පැමිණෙන්නාක් මෙන්ද වරක් උඩට නැඟී භවාග්රයෙහි ගැටෙන්නාක් මෙන්ද විය. එදවසෙහිද මෙසේ සය ආකාරයකින් සක්වළදහසෙහි මහපොළොව කම්පාවුයේය.
3. 3. 3. 4
සිවුවැන්නෙහි කෙවලකප්පං යන මුලුමනින්ම පාහේයි. අන්වාභිණ්ඩනේතා යනු හැසිරෙන්නේයි. න අද්දස යනු කුමක් නිසා නොදැක්කේදයත්? මේ භරණ්ඩුකාලාම තෙමේ ශාක්යවරුන්ගේ අග්රපිණ්ඩය කමින් හැසිරෙයි. ඔහුට වසනතැනට පැමිණිවිට එක්දහම් දෙසුමක් හටගැනේයයි දැන භාග්යවතුන්වහන්සේ යම්සේ වෙනත් ආවාසයක් නොපැනෙයිද එසේ අදිටන් කළසේක. එහෙයින් නොදැක්කේය. පුරාණසබ්රහ්මචාරී යනු පැරණි සබ්රහම්චාරියෙකි. හෙතෙම වනාහි ආළාරකාලාම කාලයෙහි ඒ ආශ්රමයෙහිම වූයේය. ඒ සඳහා මෙසේකීය. සන්ථරං පඤ්ඤාපෙහි යනු ඇතිරියයුත්තක් අතුරව යන අර්තයි. කාමානං පරිචඤ්ඤං පඤ්ඤාපෙති යනු මෙහි පරිඤ්ඤා යනු ඉක්මවීමයි. එහෙයින් කාමයන්ගේ ඉක්මවීමවූ ප්රථමධ්යානය පනවයි. න රූපානං පරිඤ්ඤං යනු රූපයන්ගේ ඉක්මවීමවූ අරූපාවචර සමාපත්තිය නොපනවයි. න වෙදනානං පරිඤ්ඤං යනු වේදනා ඉක්මවීමවූ නිවන නොපනවයි. නිට්ඨා යනු ගති නිෂ්පත්තියයි. උදාහු පුථු යනු නැතහොත් බොහෝ යනුයි.
3. 3. 3. 5
පස්වැන්නෙහි අභික්කන්තාය රත්තියා යන මෙහි අභික්කන්ත ශබ්දය ගෙවීම, සොඳුරබව, මනාරූඇතිබව, සතුටුවීම යනාදියෙහි දක්නට ලැබේ. ‘අභික්කන්තා භනේත රත්ති නික්ඛනේතා පඨමො යාමො චිරනිසිනේනා භික්ඛු සඞ්ඝො උද්දිසතු භනෙත භගවා භික්ඛුනං පාතිමොක ඛං’ යන මේ ආදීතන්හි ගෙවීයාමෙහි දැක්වෙයි. ‘අයං ඉමෙසං චතුන්නං පුග්ගලානං අභික්කන්තතරො ච පණීත්තරොච’ යන මේ ආදියෙහි සොඳුරුබවෙහිද