3. 3. 3. 4
සිවුවැන්නෙහි කෙවලකප්පං යන මුලුමනින්ම පාහේයි. අන්වාභිණ්ඩනේතා යනු හැසිරෙන්නේයි. න අද්දස යනු කුමක් නිසා නොදැක්කේදයත්? මේ භරණ්ඩුකාලාම තෙමේ ශාක්යවරුන්ගේ අග්රපිණ්ඩය කමින් හැසිරෙයි. ඔහුට වසනතැනට පැමිණිවිට එක්දහම් දෙසුමක් හටගැනේයයි දැන භාග්යවතුන්වහන්සේ යම්සේ වෙනත් ආවාසයක් නොපැනෙයිද එසේ අදිටන් කළසේක. එහෙයින් නොදැක්කේය. පුරාණසබ්රහ්මචාරී යනු පැරණි සබ්රහම්චාරියෙකි. හෙතෙම වනාහි ආළාරකාලාම කාලයෙහි ඒ ආශ්රමයෙහිම වූයේය. ඒ සඳහා මෙසේකීය. සන්ථරං පඤ්ඤාපෙහි යනු ඇතිරියයුත්තක් අතුරව යන අර්තයි. කාමානං පරිචඤ්ඤං පඤ්ඤාපෙති යනු මෙහි පරිඤ්ඤා යනු ඉක්මවීමයි. එහෙයින් කාමයන්ගේ ඉක්මවීමවූ ප්රථමධ්යානය පනවයි. න රූපානං පරිඤ්ඤං යනු රූපයන්ගේ ඉක්මවීමවූ අරූපාවචර සමාපත්තිය නොපනවයි. න වෙදනානං පරිඤ්ඤං යනු වේදනා ඉක්මවීමවූ නිවන නොපනවයි. නිට්ඨා යනු ගති නිෂ්පත්තියයි. උදාහු පුථු යනු නැතහොත් බොහෝ යනුයි.
3. 3. 3. 5
පස්වැන්නෙහි අභික්කන්තාය රත්තියා යන මෙහි අභික්කන්ත ශබ්දය ගෙවීම, සොඳුරබව, මනාරූඇතිබව, සතුටුවීම යනාදියෙහි දක්නට ලැබේ. ‘අභික්කන්තා භනේත රත්ති නික්ඛනේතා පඨමො යාමො චිරනිසිනේනා භික්ඛු සඞ්ඝො උද්දිසතු භනෙත භගවා භික්ඛුනං පාතිමොක ඛං’ යන මේ ආදීතන්හි ගෙවීයාමෙහි දැක්වෙයි. ‘අයං ඉමෙසං චතුන්නං පුග්ගලානං අභික්කන්තතරො ච පණීත්තරොච’ යන මේ ආදියෙහි සොඳුරුබවෙහිද
‘කො මෙ වන්දති පාදානි - ඉද්ධියා යසසා ජලං
අභික්කනේතන වණේනන - සබ්බා ඔභාසයං දිසා’
අභික්කනේතන වණේනන - සබ්බා ඔභාසයං දිසා’
යනාදියෙහි මනාරූ ඇති බවෙහිද ‘අභික්කනතං භො ගොතම’ යනාදියෙහි සතුටුවීමෙහිද දක්නට ලැබේ. මෙහි වනාහි සොඳුරුබවෙහිය. එයින් අභික්කන්තාය රත්තියා යනු ඉටු සිත්කලු මනාප රාත්රියෙහියයි කියනලද්දේ වෙයි. අභික්කන්තණ්ණා යන මේ අභික්කන්ත ශබ්දය මනාරූ ඇතිබවෙහිය. වණ්ණශබ්දය නම, ස්තූතිය, කුලවර්ගය, කාරණය, සටහන, ප්රමාණය, රූපායතන ආදියෙහි දක්නට ලැබෙයි. එහි ‘සුවණ්ණවණෙණාසි භගවා’ යන මේ ආදියෙහි සමෙහිය. ‘කදා සඤ්ඤූළ්හා පන තෙ ගහපති සමණස්ස ගොතමස්ස වණ්ණා’ යන මේ ආදී තන්හි සතුතියෙහිය. ‘චත්තාරො මෙ භො ගොතම වණ්ණා’ යන මේ ආදී තන්හි කුලවර්ගයෙහිය. ‘අථ කෙන නු වණේණන ගන්ධත්ථෙනොති වුච්චති’ යන මේ ආදී තන්හි කාරණයෙහිය. ‘මහන්තං හත්ථිරාජවණ්ණං අභිනිම්මිනිත්වා’ යන මේ ආදියෙහි සටහනෙහිද ‘තයො පත්තස්ස වණ්ණා’ යන මේ ආදියෙහි ප්රමාණයෙහිද ‘වණ්ණො ගන්ධො රසොඔජා’ යන මේ ආදී තන්හි රූපායතනයෙහිද වේ. එය මෙහි සමෙහි දැක්වියුතුය. එහෙයින් ‘අභික්කන්තවණ්ණා’ යනු මනාරුවති සිවිය, ඉෂ්ටවර්ණය, මනාපවර්ණයයි කියනලද්දේ වෙයි.
කෙවලකප්පං යනු මෙහි කෙවල ශබ්දය ඉතිරි නැති, බොහෝසෙයින්, මුසුනොවීම, ඉතිරිනොවීම, දැඩි අදහස, විසංයොගය ආදී බොහෝ අර්ථ ඇත්තේය. එබැවින් ඊට ’කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං’ යනාදියෙහි නොඉතිරිබව යන අර්ථයවේ. ‘කෙවලා අඞ්ගමගධා පහූතං ඛදනීයං. භොජනීයං ආදාය උපසඞ්කමිස්සන්ති’ මේ ආදියෙහි බොහෝබවද, ‘කෙවලස්ස දුක්ඛක්ඛස්ස සමුදයො හොති’ යන මේ ආදියෙහි නොමුසුබවද ‘කෙවලං සද්ධාමත්තකං නූන අයමායස්මා’ යන මේ ආදියෙහි නොඉතිරිබවද ‘ආයස්මතො අනුරුද්ධස්ස බාහිකො නාම සද්ධිවිහාරිකො කෙවලකප්පං සඞ්ඝභෙදාය ඨිතො’ යනමේ ආදියෙහි දැඩිඅදහස් ඇතිබවද ‘කෙවලං වුසිතවා උත්තමපුරිසොති වුච්චති’ යන මේ ආදියෙහි විසංයෝගයද වේ. මෙහි වනාහි මෙයට නොඉතිරිබව යන අර්ථය අදහස්කරනලදී.
මේ කප්ප ශබ්දය වනාහි, විශ්වාස කිරීම, ව්යවාහරය, කාලය, ප්රඥප්තිය, සිඳීම, විකල්පය, ස්වල්පය, සියලුබව ආදී නොයෙක් අර්ථ ඇත්තේය. එබැවින් එයට ‘ඔකප්පනියමෙතං භොතො ගොතමස්ස අරහතො සම්මා සම්බුද්ධස්ස’ යන මේ ආදී තන්හි විශ්වාසකිරීම් අර්ථය ඇත. ‘අනුජානාමි භික්ඛවෙ පඤ්චහි සමණකප්පෙහි ඵලං පරිභුඤ්ජිතුං’ යන මේආදී තන්හි ව්යවහාරයයි. ‘යෙන සුදං නිච්චකප්පං විහරාමි’ යන මේ ආදී තන්හි කාලයයි. ‘ඉච්චායස්මා කප්පො’ යන මේ ආදී තන්හි ප්රඥප්තියයි. ‘අලඞ්කතා කප්පිතකෙසමස්සු’ යන මේ ආදීතන්හි විකල්පයයි. ‘අත්ථි කප්පො නිපජ්ජිතුං’ යන මේ ආදී තන්හි ස්වල්පයයි. ‘කෙවලකප්පං වෙළුවනං ඔභාසෙත්වා’ යන මේ ආදී තන්හි සියලු බවයි. මෙහි මෙයට සියලු බව යන අර්ථය අදහස්කරනලදී. එබැවින් කෙවලකප්පං ජෙතවනං යන මෙහි ඉතිරි නැතිව සියල්ලෙන් (මුළුමනින්) ජෙතවනයයි අර්ථය ඇත්තේයි.