3. 2. 5. 9
නවවැන්නෙහි, යථා යථායං යනු මෙය යම්යම් සෝද තථා තථා නං යනු ඒ කර්මය ඒ ඒ ආකාරය. මෙය කියනලද්දේ වෙයි: ‘යම් යම්සේ කර්මයක් කරයිද ඒ ඒ අයුරින් එහි විපාකය විඳින්නේමයයි යමෙක් කියන්නේද ඒ කර්මයාගේ විපාකය නොවිඳ සිටීමට නොහැක්කේය. එබැවින් යම්පමණ කර්මයක් කරයිද එපමණ විපාකයක් විඳිනුලැබේමයි. එවං සනතං යනු මෙසේ ඇති කල්හියි. බ්රහ්මචරියවාසො න හොති යනු මාර්ගයවැඩීමට පෙර යම් උපපජ්ජවෙදිනීය කර්මයක් කරනලද්දේද එය අවශ්යයෙන් විඳියයුතු බැවින් බඹසර වසනලද්දේ වුවඳ නොවසනලද්දේම වෙයි. ඔකාසො යන පඤ්ඤායති සම්මාදුක්ඛස්ස අන්තකිරියාය යනු යම් හෙයකින් මෙසේ ඇති කල්හි කර්මරැස්කිරීමද විපාක අවිඳීමද වෙයි. ඒ හේතුවෙන් සසරදුක කෙළවර කිරීමට ඉඩක් නොපැනෙයි නමි.
යථා යථා වෙදනියං යනු යම් යම් අයුරින් විඳියයුතුය. තථා තථාස්ස විපාකං පටිසංවෙදියති යනු ඒ ඒ අයුරින් එයි විපාකය විඳියි. මෙය කියනලද්දේ වෙයි: ජවනසත අතුරින් යම් මේ පළමු ජවන කර්මයක් වේද ප්රත්යය ඇති කල්හි විපාකවාරය ලබන්නේම දිට්ටධම්මවෙදනීය වෙයි. ප්රත්යය ඇති කල්හි විපාකවාරය ලබන්නේම දිට්ඨධම්මවෙදනීය වෙයි. ප්රත්යය නොමැති කල්හි අහොසි කර්මය නමි. යම් සත්වැනි ජවන කර්මයක් වේද ප්රත්යය ඇති කල්හි උපපජ්ජවෙදනීය වෙයි. ප්රත්යය නොමැති කල්හි අහෝසි කර්මය නමි. මැද යම් ජවන කර්ම පසක් එය යම්තාක් සසර පැවැත්ම ඇත්නම් එතෙක් අපරාපරියවෙදනීය නම් වෙයි. මේ ආකාරයන් අතුරෙන් යම් යම් ආකාරයෙන් විඳියයුතු කර්මය මේ පුද්ගලයා කරයිද ඒ ඒ ආකාරයෙන්ම ඊට විපාකය විඳියිනමි. අර්ථකථාවෙහි වනාහි ලබනලද විපාකවාරය ඇති කර්මයට යථාවෙදනීය කර්මය නමැයි කියනලදී. එවං සන්තං භික්ඛවෙ බ්රහ්මචරියවාසො හොති යනු කර්මක්ෂය කරන්නාවූ බ්රහ්මචර්යයට ක්ෂය කළයුතු කර්ම සම්භවය හේතු කොටගෙන වාසය නම් වේයයි කියනලදී. (එසේ) වසනද බඹසර මනාව වසනලද්දේ වෙයි යන අර්ථයි. ඔකාසො පඤ්ඤායති සම්මා දුක්ඛස්ස අන්තකිරියාය යනු යම්හෙයකින් මෙසේ ඇති කල්හි ඒ ඒ මාර්ගයෙන් අහිසංස්කාර විඥානයාගේ නිරොධයෙන් ඒ ඒ භවයන්හි අනාගතයෙහි සසර දුක නොඋපදනේද එහෙයින් මනාව දුක අවසන් කිරීමට අවකාශය පැනෙයි,
දැන් ඒ යථාවෙදනීය කර්මස්වභාවය දක්වමින් ඉධ භික්ඛවෙ එකච්චස්ස යනාදිය පැවසූහ. එහි අප්පමතතකං යනු ස්වල්පූ, අඩුවූ, මඳවූ පහත්කර්මයයි. තාදිසංයෙව යනු ඊට සමානවූමයි. දිට්ඨධම්මවෙදනියං යනු එම කර්මයෙහි යමකින් ඉහාත්මයෙහි විපාකදියයුතු විපාකවාරය ලබන්නේ දිට්ඨධම්මවෙදනීය වෙයි. නාණුම්පි ඛායති යනු දෙවැනි ආත්මභාවයෙහි ස්වල්පමාත්රයක්ද නොවැටහෙයි. අණුමාත්රයකුදු දෙවැනි අත්බැව්හි විපාක නොදෙයි යන අර්ථයි. බහුදෙව යනු බොහෝවූ විපාක කුමට දක්වයිද යන අදහසයි. අභාවිතකායො යනාදියෙන් කායභාවනාරහිත සංසාරගාමී පෘථග්ජනයා දක්වනලද්දේය. පරිත්තො යනු ස්වල්පවූ ගුණයයි. අප්පාතුමො යනු ආත්මභාවය ආතුමයයි කියනුලැබේ. එය මහත් කල්හිද ගුණය ස්වල්ප බැවින් අල්පආත්මභාවයක් ඇත්තේම වෙයි. අප්පදුක්ඛවිහාරී යනු සුළුවූද පවින් දුකසේ වෙසෙන්නායි. භාවතකායො යනාදියෙහි ක්ෂීණාශ්රවයා දක්වනලදී. හෙතෙම වනාහි කායානුපස්සනා සංඛයාත කායභාවනාවේන භාවිතකාය නම්වෙයි. කය වැඩූබැවින් හෝ භාවිතකාය නම්වෙයි. භාවතසීලො යනු වැඩූසිල් ඇත්තේයි. සෙසු පදදෙකෙහිද මේ ක්රමයමයි. පංචද්වාරභාවනාවෙන් හෝ භාවිතකාය යනු වැඩූසිල් ඇත්තේයි. සෙසු පදදෙකෙහිද මේ ක්රමයමයි. පංචද්වාරභාවනාවෙන් හෝ භාවිතකාය වූයේවෙයි. මෙයින් ඉන්ද්රියසංවරශීලය කියනලදී. භාවිතසීලො යන මෙයින් ඉතිරි සිල් තුනය. අපරිත්තො යනු ස්වල්පගුණ ඇත්තේ නොවෙයි. මහත්තා යනු ආත්මභාවය සුළුවූ කල්හිද ගුණමහත්වයෙන් මහත්ය අප්පමාණවිහාරී යනු මෙය ක්ෂීණාශ්රවයාට නමෙකි. හෙතෙම ප්රමාණ කරන්නාවූ රාගාදීන්ගේ අභාවයෙන් අප්පමාණවිහාරී නමි.
පරිතේත යනු කුඩාවූවෙහිය. උදකමල්ලකෙ යනු දියබඳුනෙහිය. ඔරබ්භිකො යනු බැටළු හිමියායි. උරබභඝාතකො යනු බැටළුවන් මරන්නායි. ඡාපෙතුං වා යනු ධනහානියෙන් දැවීමටයි. ක්ධාපෙතුං යනුද පාඨයි. මේ අර්ථයමය. යථා පච්චයං වා කාතුං යනු යම්සේ කැමතිවේද එසේ කිරීමටයි. උරබභධනං යනු එළුවකු අගනා මුදලයි. හෙතෙම වනාහි මොහුට ඉදින් කැමති වේනම් දෙයි. නොකැමති වේනම් ගෙලෙන් ගෙන ඇදදම්මවයි. සෙස්ස කියනලද ක්රමයෙන් දතයුතුය. මේ සූත්රයෙහි වට්ට විවට්ටය කියනලදී.
3. 2. 5. 10
දසවැන්නෙහි, ධොවති යනු සෝදයි. සන්ධොවති යනු මොනවට සෝදයි. යළියළිත් සෝදයි. නිදේධාවති යනු නිග්රහකොට (පෙළමින්) සෝදයි. අනිද්ධන්තං යනු නිග්රහකොට නොපිඹිනලදයි. අනික්ඛිත්තකසාවං යනු ඉවත් නොකළ කසාවතයි. පහඞ්ගු යනු බිඳෙන ස්වභාවය ඇත්තේයි. කිණිහිරෙහි තබා මිටියෙන් පහරදුන් සැණින් බිඳෙයි. පට්ටකාය යනු රන්පටක් සඳහායි. ගීවෙය්යකෙ යනු ගෙලඅබරණෙහිය.