5. ලොණඵල වර්ගය
3. 2. 5. 1
පස්වෙනි වර්ගයෙහි පළමුවෙනි සූත්‍රයෙහි අච්චායිකානි යනු ඉක්මන් කටයුත්තයි. කරණීයානි යනු අවශ්‍යයෙන් කළයුතු දෙයයි. යමක් අවශ්‍යයෙන් කළයුතු නොවේනම් එය කිච්චයයි කියනුලැබේ. අවශ්‍යයෙන් කළයුතුදෙය කරණීය නමි. සීඝසීඝං යනු වේගයෙනි. තස්ස ඛො තං යන මෙහි තං යනු නිපාත මාත්‍රයකි. නත්ථි සා ඉද්ධි වා ආනුභාවො වා යනු ඒ සෘද්ධිය හෝ ඒ ආනුභාවය හෝ නැත. උත්තරසේච යනු තෙවැනි දිනයෙහිය. උතුපරිණාමිනි යනු ලබනලද සෘතුපරිනාමයන් වී ජායන්තිපි යනු තෙවැනි දිනයෙහි නික්මුණු සුදු අංකුර වෙයි. දින හත පැමිණිවිට නිල් අංකුරවෙයි. ගබ්හිනීපි හොන්ති යනු මාස එක හමාරට පැමිණ ගන්නාලද ගැබ් ඇත්තේ වෙයි. පච්චන්තිපි යනු තුන් මසට පැමිණ පැසෙයි. දැන් බුදුවරුන්ට ගෘහපතියකුගෙන් හෝ ධාන්‍යයන්ගෙන් හෝ වැඩක් නැත්ද සසුනෙහි එබඳු පුද්ගලයකු හෝ අර්ථයක් හෝ දැක්වීමට ඒ ඒ උපමාව ගෙනහැර දක්වන්නේ යම්සේද එසෙයින් යම් අදහසක් දක්වනු කැමැත්තහු විසින් මෙය ගෙනඑන ලද්දේද එය දක්වමින් එවමෙවඛො යනාදිය පැවසූහ. එය අර්‍ත්‍ථවශයෙන් පැහැදිලිය. මෙහිද ශික්ෂාව මිශ්‍රකවම කියනලදී.
3. 2. 5. 2
දෙවෙනි සූත්‍රයෙහි චීවරපවිචෙකං යනු සිවුර නිසා උපදින කෙලෙසුන්ගෙන් වෙන්වූ බවයි. සෙසු දෙකෙහිද එම ක්‍රමයමයි. සාණානි යනු හණවැහැරී රෙදිය. මසාණානි යනු මිශ්රකවස්ත්රය. ඡවදුස්සානි යනු මළ සිරුරෙන් ඉවත් කළ වස්ත්‍රය. ඒරක තණ ආදිය ගෙන එකට ගැටගසා කළ වස්ත්‍ර හෝ වේ. පංසුකූලානි යනු පොළොවෙහි ඉවතලූ රෙදිකඩය. තිරීටකානි යනු ගස් සිවියෙන් තැනූ වස්ත්‍රය. අජිනානි යනු අජිනමුව සම්ය. අජිනක්ඛිපං යනු මැදින් පලන ලද ඒ අජිනමුවසම්මය. සහඛුරකයයිද කියත්, කුසවීරං යනු කුසතණින් ගොතා කළ වැහැරිය. වාකචීරඵලකචීරයන්හිද එම ක්‍රමයමැයි. කෙසකම්බලං යනු මිනිස් කෙසින් කළ කම්බිලියයි. වාළකම්බලං යනු අස්ලොම් ආදියෙන් කළ කම්බිලියයි. උලුකපක්ඛිකං යනු බකමූණු පිහාටු ගොතා කළ වස්ත්රයයි.
සාකභක්ඛා යනු නොවියළි ශාක අනුභව කරන්නෝයි. සාමාකභක්ඛා යනු සාමාක නම් ධාන්‍ය අනුභවකරන්නෝයි. නීවාරයනාදියෙහි නීවාර නම් කැලේ ඉබේ හටගත් වීජාතියකි. දද්දුලං යනු සම්කරුවන් විසින් සූරා විසිකළ කසටයි. ලහටුද සෙවලද කිණිහිරි ආදී ගස්වල කිරිද හටං යි කියනුලැබේ. කණං යනු (හාල්) නිවුඩුය. ආචාමො යනු බත් හැලියෙහි ඇලුණු පිළිස්සුණු බත්ය. ඒවා විසිකළ තැනින් ගෙන කති. බත් කැඳයයිද කියත්. පිඤ්ඤාකාදයො යන්නෙහි පිඤ්ඤාක (පුන්නක්කු) ආදිය ප්‍රකටමය. පවත්තඵලභොජි යනු වැටුණුපල අනුභව කරන්නෝයි. භූසාගාරං යනු ගොයම් මඬින ශාලාවයි.
සීලවා යනු සිවුපිරිසුදු ශීලයෙන් යුක්තවූයේයි. දුස්සීල්යඤ්චස්ස පහීනං හොති යනු පස් දුසිල් ආදිය ප්‍රහීනවූයේ වෙයි. සම්මාදිට්ඨිකො යනු තත්වූ පරිද්දෙන් දකින්නායි. මිච්ඡාදිට්ඨි යනු අයථා දෘෂ්ටි ඇත්තේයි. ආසවා යන ආශ ව සතරයි. අග්ගප්පතේතා යනු සිල් කෙළවරට පැමිණියේය. සාරප්පතේතා සිල්හරයට පැමිණියේයි. සුද්ධො යනු පිරිසුදුවූයේයි. සාරෙ පතිට්ඨතො යනු සීලසමාධි පඤ්ඤාසාරයෙහි පිහිටියේයි.
සෙය්යථාපි යනු යම්සේ නම්ය. සම්පන්නං යනු පිරිපුන්, පැසුණුහැල් වියෙන් බරවූයි. සඞ්ඝරාපෙය්ය යනු එකතුකරවන්නේය, උබ්බභාපෙය්ය යනු ගොයම් මඬින තැනට ගෙන්වන්නේය. භූසිකං යනු බොල්ය. කොට්ටාපෙය්ය යනු වංගෙඩියෙහි හෙලා මොහොල්වලින් පහර දෙවන්නේය. අග්ගප්පත්තානි යනු සහලේ (සහල් සැදීමේ) කෙළවරට පැමිණියාවූයි. සාරප්පත්ත යනාදියෙහිද මේ ක්‍රමයමයි. සෙස්ස පැහැදිලිමය. මෙහි ‘දුස්සීල්යකඤ්චස්ස පහීනං මිච්ඡාදිට්ඨිචස්ස පහීනා’ යන යමක් කියනලද්දේ එය සෝවාන් මගින් දුරුවූ බව සඳහා කියනලදැයි දතයුතුය.
3. 2. 5. 3
තුන්වැන්නෙහි විදේධ යනු වළා ඉවත්වීමෙන් දුරුවූයි. දෙවෙ යනු අහසෙහිය. අභිවිහච්ච යනු නසා (විනාශ කොට) යි. යතො යනු යම් කලෙකයි. විරජං යනු රාගාදිය රහිතයි. ඒ කිලිටි දුරුවූ බැවින් විතමලං නමි. ධම්මචක්ඛුං යනු චතුරාර්ය සත්‍ය ධර්මයන් විමර්ශනය කරන්නාවූ සොතාපත්තිමාර්ග චක්ෂුසයි. නත්ථි තං සංයොජනං යනු මොහොටු දෙයාකාරවූ සංයෝජනයම නැත. සෙස්සද නැවත මොලොවට ගෙන ඒමට අසමත් බැවින් නැතැයි කියනලදී. මේ සූත්‍රයෙහි ධ්‍යාන (වැඩූ) අනාගාමී පුද්ගලයා කියනලදී.
3. 2. 5. 4
සිවුවැන්නෙහි නා බාහුලිකා හොන්ති යනු ප්‍රත්‍යය බහුලකොට ඇත්තෝ නොවෙත්. න සාථලිකා යනු ත්රිශක්ෂා ලිහිල්කොට නොගනිති. ඔක්කමනෙ නික්ඛිත්තධුරා යනු නොමග යන අරුතින් පංචනීවරණ ඔත්කමනයි කියනුලැබේ. ඒ නීවරණයන්හි බහාතැබූ වගකීම් ඇත්තෝයි. පවිවෙකෙ පුබ්බඞ්ගමා යනු කායචිත්ත උපාධි සංඛ්‍යාත ත්‍රිවිධ විවෙකයෙහිම පෙරටුවූවෝයි. විරියං ආරභන්ති යනු දෙයාකාර වීර්යයම දැඩිව ගනිත්. අප්පත්තස්ස යනු ධ්යානවිදර්ශනාමාර්ගඵල සංඛ්‍යාතවූ විශේෂයකට නොපැමිණියහුගේයි. සෙසුපද දෙකෙහිද මේ ක්‍රමයමයි. පච්ඡිමා ජනතා යනු සද්ධිවිහාරික අනේතවාසිකාදීහුයි. දිට්ඨානුගතිං ආපජ්ජති යනු ආචාර්ය උපාධ්‍යායයන් විසින් කරනලද දෙය අනුකරණය කරයි. ඒ ජනතාව විසින් ආචාර්ය උපාධ්‍යයයන් කෙරෙහි යමක් දක්නාලද්දේද එය අනුගමනයට පැමිණෙයි. අයං වුච්චති භික්ඛවෙ අග්ගවතී පරිසා යනු මහණෙනි, මේ පිරිස අග්ගපුග්ගලවතීයයි කියනුලැබෙයි.