3. 2. 5. 10
දසවැන්නෙහි, ධොවති යනු සෝදයි. සන්ධොවති යනු මොනවට සෝදයි. යළියළිත් සෝදයි. නිදේධාවති යනු නිග්රහකොට (පෙළමින්) සෝදයි. අනිද්ධන්තං යනු නිග්රහකොට නොපිඹිනලදයි. අනික්ඛිත්තකසාවං යනු ඉවත් නොකළ කසාවතයි. පහඞ්ගු යනු බිඳෙන ස්වභාවය ඇත්තේයි. කිණිහිරෙහි තබා මිටියෙන් පහරදුන් සැණින් බිඳෙයි. පට්ටකාය යනු රන්පටක් සඳහායි. ගීවෙය්යකෙ යනු ගෙලඅබරණෙහිය.
අධිචිත්තං යනු සමථවිදර්ශනා සිතයි. අනුයුත්තස්ස යනු වඩන්නාගේයි. සචෙතසො යනු සිතින් යුක්තවූයේයි. දබ්බජාතිකො යනු පන්ඩිතයෙකි. කාමවිතර්කාදීන්හි කාමයන් අරභයා උපන්නාවූ විතර්කය කාමවිතර්කයයි. ව්යාපාදවිහිංසාවන්ගෙන් යුක්ත විතර්කයෝ ව්යපාදවිහිංසා විතර්කයෝ නමි. ඤාතිවිතක්කාදියෙහි අපගේ ඤාතීහු බොහෝ පින්වන්තයෝය ආදී ක්රමයෙන් ඥාතීන් අරභයා උපන්නාවූ විතර්කය ඤාතිවිතක්කයයි. අසුවල් ජනපදය නිර්භයය, සුභික්ෂද වේයයි ආදී ක්රමයෙන් ජනපදය අරභයා උපන් විතර්කය ජනපදවිතක්කයයි. අන්යයෝ මට අවමන් නොකෙරෙත් නම් මැනවැයි මෙසේ උපන් විතර්කය අනවඤ්ඤත්ති පටිසංයුත්ත විතක්ක නමි. ධම්මවිතකකා අවසිස්සන්ති යනු ධම්මවිතක්ක නම් දශවිදර්ශනා උපකේලශ විතර්කයෝයි. සො හොති සමාධි න චෙච සන්තො යනු ඒ ඉතිරිවූ ධර්ම විතර්කය විදර්ශනාසමාධියෙන් නොසංසිඳුණු කෙලෙස් ඇති බැවින් සංසිඳුණේ නොවෙයි. න පණීතො යනු සතුටු කරන්නේ නොවෙයි. නපටිප්පස්සද්ධලදේධා යනු කෙලෙස් සංසිඳීමෙන් නොලැබූයි. න එකොධිභාවාධිගතො යනු එකඟබවට නොපත්වුයේයි. සසඞ්ඛාරනිග්ගයහවාරිතවතො යනු මෙහෙයවීමෙන්, සප්රයෝගයෙන් කෙලෙසුන් නිග්රහකොට වළක්වා වළක්වන ලද්දේයි. කෙලෙස් සිඳීමෙන් කෙළවර නොඋපන්නාවූයි. කෙලෙස් නවත්ව නවත්වා උපන්නාවූයි
හොති සො භික්ඛවෙ සමයො යන මෙහි සමය යනු උතුසප්පාය ආහාරසප්පාය, සෙනාසනසප්පාය, පුග්ගලසප්පාය, ධම්මසප්පාය, යන මේ සප්පාය පස ලබන කාලයයි. යන්තං චිත්තං යනු යම් කලෙක ඒ විදර්ශනා සිතයි. අජක්ධත්තංයෙච සන්තිට්ඨති යනු තමා කෙරෙහිම පිහිටයි. තමාගේ අධ්යාත්මයම මෙහි අජක්ධත්ත නමි. ගොචර අධයාත්මයද වටියි. වෙන්වෙන්වූ අරමුණ හැර එක් නිර්වාණගොචරයෙක්හිම සිටියේයි කියනලදී. සංනිසීදති යනු මනාව හිඳියි. එකොදි හොති යනු එකඟවෙයි. සමාධියති යනු මනාව තැන්පත් වෙයි. සනේතා යනාදියෙහි විරුද්ධ කෙලෙස් සංසිඳීමෙන් ශාන්තවූයි. තෘප්තනොවීම් අර්ථයෙන් ප්රණීතවූයි. කෙලෙස් සංසිඳීමෙන් ලබනලද බැවින් සංසිඳීමෙන් ලැබුවාවුයි. එකඟබවට ගියබැවින් එකඟතාවට එළඹියේයි. කෙලසුන් සිදීමෙන් අවසන්හි උපන්බැවින් මෙහෙයවීම් සහිතව කෙලෙසුන් නිග්රහ කොට වළක්වා වළහනලද්දේයි න සසඞ්ඛාරනිග්ගය්හ වාරිතවතො නමි. මෙපමණකින් මේ භික්ෂුව විවර්තනය කොට රහත්බවට පැමිණියේ නම්වෙයි.