3. 2. 4. 11
එකළොස්වැන්නෙහි පඞ්කධානාම කොසලානං නිගමො යනු පඞ්කථා යන මෙබඳු නම් ඇති කොසොල් රටේ නියම්ගමයි. ආවාසිකො යනු බරගෙනයන්නායි. අලුත් ආවාස ගොඩනඟයි. පැරණි ආවාස පිළිදැගුම්කරයි. සික්‍ඛාපද පටිසංයුත්තාය යනු ශික්‍ෂා සංඛ්‍යාත පදයන්ගෙන් යුක්තවූයි. ත්‍රිශික්‍ෂාවන්ගෙන් යුක්තවූ යනාර්ථයි. සන්‍දසේසති යනු ඉදිරියෙහි මෙන් කොට දක්වයි. සමාදපෙති යනු ගන්වයි. සමුතේතජෙති යනු උත්සාහ කරවයි. සම්පහංසෙති යනු ලැබූ ගුණයන්ගෙන් වැණුම් කරමින් පිරිසුදු කරවයි. අධිසල්ලිඛතෙ යනු බෙහෙවින් සිහින් කොට කපයි. බෙහෙවින් සිහින් තීරු කොට සියුම් සියුම්ව කියයි යනාර්ථයි.
අච්චයො යනු අපරාධයයි. මං අච්චගමා යනු මා ඉක්මවා යටපත්කො පැවතියේයි. අහුදෙවඅක්‍ඛන්ති යනු නොඉවසීමක් වූයේමය. අහු අප්පච්චයො යනු නොසතුටු අයුරක් වූයේයි. පතිගණ්හාතු යනු ක්‍ෂමා කෙරේවායි. ආයතිං සංවරාය යනු අනාගතයෙහි සංවරණය සඳහා, නැවත මෙබඳු අපරාධයක් දොෂයක්, වරදක් නොකිරීම සඳහාය යන අර්ථයි. තග්ඝ යනු ඒකාන්තයෙනි. යථා ධම්මං පටිකරොසි යනු ධර්මයෙහි සිටියේ යම්සේද එසේ කරව. ක්‍ෂමා කෙරේවායි කියනලද්දේවෙයි. තං තෙ මයං පතිගණ්හාම යනු ඒ ඔබේ අපරාධය අපි ක්‍ෂමා කරමු. වුද්ධිහෙසා කස්සප අරියස්ස විනයෙ යනු කාශ්‍යපය, මෙය භාග්‍යවත් බුදුන්ගේ සසුනෙහි වෘද්ධිය නමි. කවරේදයත්? වරද වරද වශයෙන් දැක ධර්මයට අනුව පිළියම් කොට අනාගත සංවරයට පැමිණීමයි. දේශනය පුද්ගලයා ස්ථිර වශයෙන් නිශ්චය කොට කරනසේක් යමෙක් වරද වරද ලෙසදැක ධර්‍මයට අනුව පිළියම් කරයිද ආයතිසංවරයට පැමිණේයයි පැවසූසේක. න සික්‍ඛාකාමො යනු ත්‍රිශික්‍ෂා නොකැමති වෙයි. නොපතයි ආශා නොකරයි. සික්‍ඛා සමාදානස්ස යනු ශික්‍ෂාව සම්පූර්ණ කිරීමටයි. න වණ්ණවාදී යනු ගුණය නොකියයි. කාලෙන යනු යෙදුණු කාලයෙනි. මෙහි සෙස්ස පැහැදිලිමය.
සිවුවෙනි ශ්‍රමණ වර්ගයයි.
5. ලොණඵල වර්ගය
3. 2. 5. 1
පස්වෙනි වර්ගයෙහි පළමුවෙනි සූත්‍රයෙහි අච්චායිකානි යනු ඉක්මන් කටයුත්තයි. කරණීයානි යනු අවශ්‍යයෙන් කළයුතු දෙයයි. යමක් අවශ්‍යයෙන් කළයුතු නොවේනම් එය කිච්චයයි කියනුලැබේ. අවශ්‍යයෙන් කළයුතුදෙය කරණීය නමි. සීඝසීඝං යනු වේගයෙනි. තස්ස ඛො තං යන මෙහි තං යනු නිපාත මාත්‍රයකි. නත්‍ථි සා ඉද්ධි වා ආනුභාවො වා යනු ඒ සෘද්ධිය හෝ ඒ ආනුභාවය හෝ නැත. උත්තරසේච යනු තෙවැනි දිනයෙහිය. උතුපරිණාමිනි යනු ලබනලද සෘතුපරිනාමයන් වී ජායන්තිපි යනු තෙවැනි දිනයෙහි නික්මුණු සුදු අංකුර වෙයි. දින හත පැමිණිවිට නිල් අංකුරවෙයි. ගබ්හිනීපි හොන්ති යනු මාස එක හමාරට පැමිණ ගන්නාලද ගැබ් ඇත්තේ වෙයි. පච්චන්තිපි යනු තුන් මසට පැමිණ පැසෙයි. දැන් බුදුවරුන්ට ගෘහපතියකුගෙන් හෝ ධාන්‍යයන්ගෙන් හෝ වැඩක් නැත්ද සසුනෙහි එබඳු පුද්ගලයකු හෝ අර්ථයක් හෝ දැක්වීමට ඒ ඒ උපමාව ගෙනහැර දක්වන්නේ යම්සේද එසෙයින් යම් අදහසක් දක්වනු කැමැත්තහු විසින් මෙය ගෙනඑන ලද්දේද එය දක්වමින් එවමෙවඛො යනාදිය පැවසූහ. එය අර්‍ත්‍ථවශයෙන් පැහැදිලිය. මෙහිද ශික්‍ෂාව මිශ්‍රකවම කියනලදී.
3. 2. 5. 2
දෙවෙනි සූත්‍රයෙහි චීවරපවිචෙකං යනු සිවුර නිසා උපදින කෙලෙසුන්ගෙන් වෙන්වූ බවයි. සෙසු දෙකෙහිද එම ක්‍රමයමයි. සාණානි යනු හණවැහැරී රෙදිය. මසාණානි යනු මිශ්‍රකවස්ත්‍රය. ඡවදුස්සානි යනු මළ සිරුරෙන් ඉවත් කළ වස්ත්‍රය. ඒරක තණ ආදිය ගෙන එකට ගැටගසා කළ වස්ත්‍ර හෝ වේ. පංසුකූලානි යනු පොළොවෙහි ඉවතලූ රෙදිකඩය. තිරීටකානි යනු ගස් සිවියෙන් තැනූ වස්ත්‍රය. අජිනානි යනු අජිනමුව සම්ය. අජිනක්‍ඛිපං යනු මැදින් පලන ලද ඒ අජිනමුවසම්මය. සහඛුරකයයිද කියත්, කුසවීරං යනු කුසතණින් ගොතා කළ වැහැරිය. වාකචීරඵලකචීරයන්හිද එම ක්‍රමයමැයි. කෙසකම්බලං යනු මිනිස් කෙසින් කළ කම්බිලියයි. වාළකම්බලං යනු අස්ලොම් ආදියෙන් කළ කම්බිලියයි. උලුකපක්‍ඛිකං යනු බකමූණු පිහාටු ගොතා කළ වස්ත්‍රයයි.
සාකභක්‍ඛා යනු නොවියළි ශාක අනුභව කරන්නෝයි. සාමාකභක්‍ඛා යනු සාමාක නම් ධාන්‍ය අනුභවකරන්නෝයි. නීවාරයනාදියෙහි නීවාර නම් කැලේ ඉබේ හටගත් වීජාතියකි. දද්දුලං යනු සම්කරුවන් විසින් සූරා විසිකළ කසටයි. ලහටුද සෙවලද කිණිහිරි ආදී ගස්වල කිරිද හටං යි කියනුලැබේ. කණං යනු (හාල්) නිවුඩුය. ආචාමො යනු බත් හැලියෙහි ඇලුණු පිළිස්සුණු බත්ය. ඒවා විසිකළ තැනින් ගෙන කති. බත් කැඳයයිද කියත්. පිඤ්ඤාකාදයො යන්නෙහි පිඤ්ඤාක (පුන්නක්කු) ආදිය ප්‍රකටමය. පවත්තඵලභොජි යනු වැටුණුපල අනුභව කරන්නෝයි. භූසාගාරං යනු ගොයම් මඬින ශාලාවයි.