3. 2. 4. 10
දසවැන්නෙහි ආසවනං ඛයා යන මෙහි අරහත් මාර්ගය අධිපඤ්ඤාසික්ඛා නමි. ඵලය වනාහි හික්මුණු ශික්ෂා ඇත්තහුට උපදනා හෙයින් ‘සික්ඛා’යි නොකිවයුතුය.
යථා පුරෙ තථා පච්ඡා යනු යම්සේ පළමුව ත්රිශික්ෂාවෙහි හික්මෙයිද පසුව (ද) එසේම හික්මෙයි යනාර්ථයි. දෙවැනි පදයෙහිද මෙම ක්රමයමැයි. යථා අධො තථා උද්ධං යම්සේ යටිකය අසුභවශයෙන් බලයිද උඩුකයද එසේම පතුරයි (බලයි). දෙවැනි පදයෙහිද එම ක්රමයමැයි. යථා දිවා තථාං රත්තිං යනු යම්සේ දහවල ත්රිශික්ෂාවෙහි හික්මෙයිද රැයෙහිද එසේම හික්මෙයි යනාර්ථයි. අභිභුය්ය දිසා සබ්බා යනු සියලු දිශාවන් අරමුණෙහි යටපත් කොටයි. අප්පමාණසමාධිනා යනු අරහත්මාර්ග සමාධියෙනි.
සෙක්ඛං යනු හික්මෙනුලබන කටයුතුසහිතවූයි. පටිපදං යනු පිළිපදනාවූයි. සංසුද්ධවාරණං යනු පිරිසුදු හැසිරීමයි, පිරිසුදු ශීලයයි. සම්බුද්ධං යනු චතුරාර්යසත්ය බුද්ධය. වීරං පටිපදන්තගුං යනු ස්කන්ධවීර ධාතුවීර ආයතනවීර වශයෙන් විර්යය ඇති ධෛර්යවත්, ප්රතිපත්තයෙන් කෙළවරට ගියාවුයි. විඤ්ඤාණස්ස යනු අන්තිමෙහිවූ විඥානයාගේයි. තණ්හාක්ඛයවිමුත්තිනො යනු තෘෂ්ණාක්ෂය විමුක්ති සංඛයාත අරහත්ඵලවිමුකිතියෙන් යුක්තවූවහුගේයි. පජ්ජොතසේසව නිබ්බානං යනු පහනක නිවීම මෙනි. විමොඛො හොති චෙතසො යනු සිතේ විමුක්තිය, මිදීම, නොපවත්නාබව වෙයි. තණ්හාක්ඛයවිමුත්තිනො යනු ක්ෂීණාශ්රවයාගේ අන්තිම විඤ්ඤාණයාගේ නිරොධයෙන් පහනක නිවීමක් මෙන් සිතේ විමොක්ෂය (මීදීම) වෙයි. ගියතැන නොපැනෙයි. පැනවීම් නැතිබවට එළඹීමම වෙයි යනාර්ථයි.
3. 2. 4. 11
එකළොස්වැන්නෙහි පඞ්කධානාම කොසලානං නිගමො යනු පඞ්කථා යන මෙබඳු නම් ඇති කොසොල් රටේ නියම්ගමයි. ආවාසිකො යනු බරගෙනයන්නායි. අලුත් ආවාස ගොඩනඟයි. පැරණි ආවාස පිළිදැගුම්කරයි. සික්ඛාපද පටිසංයුත්තාය යනු ශික්ෂා සංඛ්යාත පදයන්ගෙන් යුක්තවූයි. ත්රිශික්ෂාවන්ගෙන් යුක්තවූ යනාර්ථයි. සන්දසේසති යනු ඉදිරියෙහි මෙන් කොට දක්වයි. සමාදපෙති යනු ගන්වයි. සමුතේතජෙති යනු උත්සාහ කරවයි. සම්පහංසෙති යනු ලැබූ ගුණයන්ගෙන් වැණුම් කරමින් පිරිසුදු කරවයි. අධිසල්ලිඛතෙ යනු බෙහෙවින් සිහින් කොට කපයි. බෙහෙවින් සිහින් තීරු කොට සියුම් සියුම්ව කියයි යනාර්ථයි.
අච්චයො යනු අපරාධයයි. මං අච්චගමා යනු මා ඉක්මවා යටපත්කො පැවතියේයි. අහුදෙවඅක්ඛන්ති යනු නොඉවසීමක් වූයේමය. අහු අප්පච්චයො යනු නොසතුටු අයුරක් වූයේයි. පතිගණ්හාතු යනු ක්ෂමා කෙරේවායි. ආයතිං සංවරාය යනු අනාගතයෙහි සංවරණය සඳහා, නැවත මෙබඳු අපරාධයක් දොෂයක්, වරදක් නොකිරීම සඳහාය යන අර්ථයි. තග්ඝ යනු ඒකාන්තයෙනි. යථා ධම්මං පටිකරොසි යනු ධර්මයෙහි සිටියේ යම්සේද එසේ කරව. ක්ෂමා කෙරේවායි කියනලද්දේවෙයි. තං තෙ මයං පතිගණ්හාම යනු ඒ ඔබේ අපරාධය අපි ක්ෂමා කරමු. වුද්ධිහෙසා කස්සප අරියස්ස විනයෙ යනු කාශ්යපය, මෙය භාග්යවත් බුදුන්ගේ සසුනෙහි වෘද්ධිය නමි. කවරේදයත්? වරද වරද වශයෙන් දැක ධර්මයට අනුව පිළියම් කොට අනාගත සංවරයට පැමිණීමයි. දේශනය පුද්ගලයා ස්ථිර වශයෙන් නිශ්චය කොට කරනසේක් යමෙක් වරද වරද ලෙසදැක ධර්මයට අනුව පිළියම් කරයිද ආයතිසංවරයට පැමිණේයයි පැවසූසේක. න සික්ඛාකාමො යනු ත්රිශික්ෂා නොකැමති වෙයි. නොපතයි ආශා නොකරයි. සික්ඛා සමාදානස්ස යනු ශික්ෂාව සම්පූර්ණ කිරීමටයි. න වණ්ණවාදී යනු ගුණය නොකියයි. කාලෙන යනු යෙදුණු කාලයෙනි. මෙහි සෙස්ස පැහැදිලිමය.