3. 2. 3. 9
නවවැන්නෙහි එතදවොච යනු පසුබත පිණ්ඩපාතයේ ඉකුත්වූයේ බුදුන්වහන්සේට වත් දක්වා තමන්ගේ දිවාවිහරණස්ථානයට ගොස් ‘මෙලොව මුල් සුවඳක් ඇත. හර සුවඳක් ඇත. මල් සුවඳක් ඇත. මේ සුවඳ තුනම සුළඟ අනුව (යටි සුළඟට)ම හමයි. උඩු සුළඟට නොහමයි. යමක සුවඳ උඩුසුළඟටද හමයිද එබඳුවූ සුවඳක් ඇත්දැ’යි සිතා වර අට ගන්නා කල්හිම සැකයක් ඇතිවූවිට (සමීපයට) එළඹෙන වරය ගත්බැවින් එකෙණෙහිම දිවාස්ථානයෙන් නැඟිට ශාස්තෘන්වහන්සේ වෙතට ගොස් වැඳ එකත්පසෙක හුන්නේ උපන් සැකය දුරුකරගනු සඳහා මේ තීණිමානි භනේත යනාදී වචනය පැවසීය. එහි ගන්ධජාතානි යනු සුවඳජාතියි. මූලගන්ධො යනු මුල ඇසුරු කොට ඇති සුවඳයි සුවඳින් යුත් මුලම මූලගන්ධයයි. එහි සුවඳ යටිසුළඟට යයි. සුවඳේ සුවඳක් නම් නැත. සාරගන්ධ පුප්ඵගන්ධයන්හිද මේ ක්රමයමැයි. අත්ථානන්ද ගන්ධජාතං යනු මෙහි සරණාගමනාදිය ගුණවැනීම් වශයෙන් (නොයෙක්) දිශාවන්ට යන බැවින් සුවඳට සමාන වූයෙන් සුවඳයි. ඒවාට වස්තුවූ පුද්ගලයා ගන්ධජාති නමි. ගන්ධො ගච්ඡ්ති යනු ගුණ වැණීම් වශයෙන් යයි. සීලවා යනු පඤ්චශීලයෙන් හෝ දශශීලයෙන් හෝ සිල්වත් වූයේයි. කල්යාණධමේමා යනු ඒ ශිලධර්මයෙන්ම කලණදම් ඇත්තේ, සොඳුරුදම් ඇත්තේයි. විගමලමචේඡරෙන යනාදීන්ගේ අර්ථය විසුද්ධිමග්ගයෙහි විස්තර කරනලද්දේමය. දිසාසු යනු සිවු දිසාවන්හි හා සිවු අනුදිසාවන්හියි. සමණබ්රාහ්මණා යනු සංසිඳවූ පවුඇති බහාතැබූ පවු ඇති ශ්රමණබ්රාහ්මණයෝයි.
න පුප්ඵගන්ධො පටිවාතමෙති යනු ඉද්දමල් ආදියේ සුවඳ උඩුසුළඟට නොයයි. න චන්දනං තගරමල්ලිකා වා යනු සඳුන් තුවරලා දසමන්වල සුවඳද උඩුසුළඟට නොයයි යි අරුත්ය. දෙව්ලොවෙහිද ඵුටසුමනා නම් වුවක්ඇත. පිපුණු දිනයෙහි එහි සුවඳ යොදුන් සියයක් පැතිර යයි. එයද උඩුසුළඟෙහි වියතක් පමණදු රියනක් පමණදු නොහැකි වේයයි කියත්. සතඤ්ච ගන්ධො පටිවාතමෙති යනු අත්පුරුෂයන්ගේද පණ්ඩිතයන්ගේ බුදු පසේබුදු බුදුසව්වන්ගේද සීලාදී ගුණසුවඳ උඩුසුළඟට යයි. සබ්බාදිසා සප්පුරිසො පවාති යනු සත්පුරුෂවූ පණ්ඩිත තෙමේ සීලාදී ගුණසුවඳින් සියලු දිසාවන්හි හමයි. සියලු දිසාවන් ගුනසුවඳින් පතුරාලයි යන අරුත්ය.
3. 2. 3. 10
දසවැන්නේ නික්ඛෙප දෙකෙකි. අට්ඨුප්පත්තිකද පුච්ඡාවසිකද වශයෙනි. කවර අර්ථොත්පත්තියක, කවරකුගේ විමසීමට කියනලද්දේයත්? අරුණවතී සූත්රාන්ත අර්ථොත්පත්තියෙහි අනඳ තෙරුන්ගේ විමසීමට කියනලදී. අරුණවතී සූත්රාන්තය කවරකු විසින් කියනලද්දේද? බුදුවරුන් දෙදෙනකු විසින් කියනලදී. සිඛීභාග්යවතුන්වහන්සේ විසින්ද අපගේ ශාස්තෘන්වහන්සේ විසින්ද යනුවෙනි. මේ කපින් එක්තිස් කපකට මත්තෙහි අරුණවතී නුවරෙහි අරුණවති රජුගේ පහාවතී නම්වූ මෙහෙසියගේ කසෙහි ඉපිද නුවණ මුහුකුරා ගියකල්හි මහබික්මන් නික්ම සිඛී භාග්යවතුන්වහන්සේ බෝමැඩදී සර්වඥතාඥානය අවබෝධ කොට පවත්වනලද උතුම් දම්සක් පැවතුම් ඇතිසේක් අරුණවතීනුවර ඇසුරුකොට වසමින් එක්දිනෙක උදෑසනම සිරුර පිළිදැඟුම් කොට මහබික්සඟන පිරිවරණලද සේක් අරුණවතියට පිඬුපිණිස පිවිසෙන්නෙමැයි සිතා නික්ම විහාර කොටුදොරකඩ සමිපයෙහි සිටිසේක් අභිභු නම්වූ අග්රශ්රාවකයා, ඇමතූසේක: ‘භික්ෂුව, අරුණවතියට පිඬුපිණිස පිවිසීමට උදෑසන වැඩිය. එක්තරා බඹලොවක් වෙත එළඹෙන්නෙමු’ යනුවෙනි.
ඉක්බිති මහණෙනි, සිඛී භාග්යවත් අරහත් සම්මාසම්බුදුන්වහන්සේ අභිභූ භික්ෂුවට, ‘යමු බ්රාහ්මණය, යම්තැනක එක්තරා බඹලොවක් වේද එතැනට එළඹෙන්නෙමුයි යම්සේ ඇමතූසේක්ද, මහණෙනි, ‘එසේය ස්වාමීනි’යි අභිභූ භික්ෂුව සිඛී භාග්යවත් අරහත් සම්මා සම්බුදුන්වහන්සේට පිළිවදන් ඇස්වූයේය. ඉක්බිති මහණෙනි, සිඛී භාග්යවත් අරහත් සම්මාසම්බුදුන්වහන්සේද අභිභූ භික්ෂුවද යම්තැනක එක්තරා බඹලොවක්වූයේද එතැනට එළඹුණු සේක.
එහි මහාබ්රහ්මයා සම්මාසම්බුදුන් දැක සතුටුසිතැත්තේ පෙරගමන් කොට බ්රහ්මාසනය පනවා දුන්නේය. තෙරුන්ටද සුදුසු අසුනක් පැනවූහ. පැනවූ අසුනෙහි භාග්යවතුන්වහන්සේ වැඩහුන්සේක. තෙරණුවෝද තමන්ට ලැබුණු අසුනෙහි හුන්හ. මහාබ්රහ්මයාද දශබලයන් වහන්සේ වැද එකත්පසෙක හුන්නේය.