3. ආනන්ද වර්ගය
3. 2. 3. 1
තෙවෙනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි ඡනේනා යනු මෙබඳු නම් ඇති පිළිසන් පිරිවැජියායි. තුමේහ ආවුසො යනු ඇවැත්නි, යම්සේ අපි රාගාදීන් දුරුකිරීම පනවමුද කිම මෙසේ නුඹවහන්සේලාද පනවන්නහුදැයි විමසයි. ඉක්බිති තෙරුන්වහන්සේ, මේ පිරිවැජියා අපි රාගාදීය දුරුකිරීම පනවමුද කිම මෙසේ නුඹවහන්සේලාද පනවන්නහුදැයි විමසයි. ඉක්බිති තෙරුන්වහන්සේ, මේ පිරිවැඩියා අපි රාගාදීය දුරුකිරීම පනවමු’යි කියයි. මෙය වනාහි බාහිර සමයක නැතැයි එය ප්‍රතික්‍ෂෙප කරන්නාහු මයං ඛො ආවුසො යනාදිය පැවසූහ. එහි ඛො යනු අවධාරණර්ථයෙහි නිපාතයෙකි. ‘අපිම පනවමු’ යන අර්ථයි.’ අනතුරුව පිරිවැජි තෙමේ මෙසේ සිතීය: මේ තෙරණුවෝ බාහිරවූ සමය උගුළුවාලමින් අපිම (පනවමු) යි කීහ.’ ඉක්බිති තෙරණුවන් විමසමින් කිං පන තුමෙහ යනාදිය පැවසීය. තෙරණුවෝ ඔහුට පැහැදිලි කරමින් රතේතා ඛො ආවුසො යනාදිය කීහ. එහි අත්තත්‍ථං යනු තමන්ගේ මෙලොව පරලොවවූත් ලෞකික ලෝකෝතතරවූත් අර්ථයයි (ප්‍රයෝජනයයි.) පරාර්ථය උභයාර්ථය යන්නෙහිද මේ ක්‍රමයමැයි.
අන්‍ධකරණා යනාදියෙහි යමෙකුට රාගය උපදියිද එය යථාභූතදර්‍ශනය දුරුකිරීමෙන් නොපෙනීම ඇති කරයි යන්නෙන් අන්‍ධකරණයි. පැනස නොකෙරේයයි අච්ක්‍ඛුකරණො නමි. කම්මස්සක ප්‍රඥාව, ධ්‍යානප්‍රඥාව විදර්‍ශනා ප්‍රඥාව යන මේ ත්‍රිවිධ ප්‍රඥාව නොපැවැත්මට පත්කිරීමෙන් නිරෝධ කෙරේනුයි පඤ්ඤානිරොධිකො නමි. අනිටුපල දෙන බැවින් දුක්‍ඛසංඛ්‍යාත විනාශ පක්‍ෂයෙහි පවතීනුයි විඝාතපක්‍ඛිකො නමි. කෙලෙස් නිවන නොපවත්නේනුයි අනිබ්බානසංවත්තනිකො නමි. අලඤච්පන ආවුසො ආනන්‍ද අප්පමාදාය යනු ඇවැත් ආනන්‍දයිනි, ඉදින් මෙබඳු පිළිවෙතක් ඇත්ද? (එය) නුමවහන්සේලාගේ අප්‍රමාදය සඳහා ප්‍රමාණවත්ය, සුදුසු අනුකූලවූ අප්‍රමාදයෙහි හැසිරෙනු මැනව ඇවැත්නියි, තෙරුන්ගේ වචනය අනුමෝදන්ව ගියේය. මේ සූත්‍රයෙහි ආර්ය මාර්ගය ලෝකෝත්තර මිශ්‍රකව කියනලදී. මෙහි සෙස්ස පැහැදිලිය.
3. 2. 3. 2
දෙවෙනි සූත්‍රයෙහි තෙන හි ගහපති යනු තෙරුන්වහන්සේ මෙසේ සිතූසේක. ‘මෙතෙම මෙහි එන්නේ දැනගනු කැමැත්තේ වී නොපැමිණියේය. පරීක්‍ෂා කරනු සඳහා පැමිණියේය. මොහු විසින් අසනලද ප්‍රශ්නය මොහුලවාම කියවන්නෙමි’ මෙසේ ඔහුලවාම කියවනු කැමති සේක ‘තෙන හි’ ආදිය පැවසූසේක. එහි තෙන හි යනු කරුණු දැක්වීමයි. යම් හෙයකින් නුඹ මෙසේ විමසහිද එහෙයින් මෙහි එයම පිළිවිසමි. කෙසං නො යනු කවරක්ද යත්? යි. සධම්මුක්කංසනා යනු තමන්ගේ ලබ්ධියෙන් ඔසවා තැබීමයි. පරධම්මාපසාදනා යනු අනුන්ගේ ලබ්ධියෙන් ගැටීමයි, පහත්කිරීමයි, පහතහෙළීමයි. ආයතනෙ ච ධම්මදෙසනා යනු කරුණෙහිම දහම් දෙසීමයි. අත්‍ථො ච චුත්තො යනු මවිසින් අසනලද ප්‍රහ්නයාගේ අර්ථයද ප්‍රකාශ කරනලදී. අත්තා ච අනුපනීතො යනු අපි මෙබඳු වෙමුයි මෙසේ තමන්ද නො එළවන ලද්දේයි. නූපනීතො යනුද පාඨයි.
3. 2. 3. 3
තුන්වැනෙහි ගිලානා වුට්ඨිතො යනු ගිලනෙක්වී ඉන් නැගී සිටියේයි. ගෙලඤ්ඤ යනු ගිලන්බවිනි. උපසඞ්කමි යනු වැළඳූ උදේ අහර ඇත්තේ මල්ගඳ ආදිය රැගෙන මහපිරිවරින් පිරිවරනලද්දේ, එළමියේය. බාහායං ගහෙත්‍වා යනු බාහුවෙන් අල්ලා නොඇද්දේය. හුන් අසුනින් නැඟිට ඔහුගේ සමීපයට ගොස් දකුණු අතේ මහපට ඇඟිල්ලෙන් සංඥාවක් දී එකත් පසෙකට ඉවත්කළේයයි දතයුතුය. ඉක්බිති ඔහුට සෙඛම්පි ඛො මහානාම සීලං යනාදී ක්‍රමයෙන් ශෛක්‍ෂයන් සත්දෙනාගේ සීලයද සමාධියද ප්‍රඥාවද කියා මත්තෙහි අරහත්ඵල වශයෙන් අශෛක්‍ෂවූ සීලසමාධිප්‍රඥාවන් පවසන්නේ ශෛක්‍ෂසමාධියෙන් ශෛක්‍ෂවූ විදර්‍ශනාඥානයද අශෛක්‍ෂවූ ඵලඥානයද පසුව ශෛක්‍ෂ විදර්‍ශනාඥානයෙන් අශෛක්‍ෂ ඵල සමාධිය පසුව උපදීයයි දැක්වූයේය. යම් සම්ප්‍රයුක්තවූ සමාධිඥානයෝ වෙත්ද ඔවුන්ගේ නොපසුව නොපෙරටුව උපත දතයුතුය.
3. 2. 3. 4
සිවුවැන්නෙහි කූටාගාරසාලායං යනු මුදුන් කොත් දෙකක් ගෙන හංසවට්ටක පියස්සෙන් තනලද ගඟකිළියෙහියි. අපරිසෙසං ඤණ්දස්සනං පටිජානාති යනු ස්වල්පයකුදු ඉතිරි නොකොට සියලු ඥානදර්ශනය දැනගනියි. සත්තං සමිතං යනු සියලුකල්හි, නිරතුරුවයි. ඤාණදස්සං පච්චුප්ට්ඨිතං යනු මට සර්‍වඥතාඥානය එළඹ සිටියේයි දක්වයි. පුරාණානං කම්මානං යනු රැස්කළ කර්මයන්ගේයි. තපසා ව්‍යනතීභාවං යනු දුෂ්කර තපසින් අවසන් කිරීමයි. නවානං කම්මානං යනු දැන් රැස් කළයුතු කර්මයන්ගේයි. අකරණා යනු රැස් නොකිරීමෙනි. සෙතුඝාතං යනු කාරණ විනාශයයි. (මෙයින්) ප්‍රත්‍යය විනාශය කියයි. කම්මක්‍ඛා දුක්‍ඛක්‍ඛයො යනු කර්‍මචක්‍රය විනාශවීමෙන් දුක්‍ඛචක්‍රය විනාශවීමයි. දුක්‍ඛක්‍ඛයා වෙදනාක්‍ඛයො යනු දුක්‍ඛචක්‍රය විනාශයෙන් වේදනා විනාශයයි. දුක්‍ඛචක්‍රය ක්‍ෂයවූ කල්හි වේදනා චක්‍රයද ගෙවුනේම වෙයි. වෙදනාක්‍ඛයා සබ්බංදුක්‍ඛං නිජ්ජිණ්ණං භවිස්සති යනු වේදනාව ක්‍ෂයවීමෙන් සියලු සසර දුක් දිරාපත් වූයේම වෙයි. සන්‍දිට්ඨිකාය යනු තමන් දැකියයුතු ප්‍රත්‍යක්‍ෂයෙනි. නිජ්ජරාවිසුද්ධියා යනු කෙලෙස් දිරවන ප්‍රතිපදාවයි. කෙලෙසුන් විනාශවන බැවින් නිජ්ජරා නමි. සත්‍වයන් විසුද්ධියට පත්කරවන බැවින් විසුද්ධි නමි. ඒ නිජ්ජරා විසුද්ධියෙනි. සමතික්කමො හොති යනු සියලු සසර දුක් ඉක්මීම වෙයි. ඉධ භනෙත භගවා කිමාහ යනු ස්වාමීනි භාග්‍යවතුන්වහන්සේ මේ ප්‍රතිපත්තිය ගැන කුමක් ප්‍රකාශ කළ සේක් ද? කිම, මේ කෙලෙස් විනාශකරවන ප්‍රතිපදාවම පනවනසේක්ද නැතහොත් වෙනකක්දැයි විමසයි.