3. 2. 3. 4
සිවුවැන්නෙහි කූටාගාරසාලායං යනු මුදුන් කොත් දෙකක් ගෙන හංසවට්ටක පියස්සෙන් තනලද ගඟකිළියෙහියි. අපරිසෙසං ඤණ්දස්සනං පටිජානාති යනු ස්වල්පයකුදු ඉතිරි නොකොට සියලු ඥානදර්ශනය දැනගනියි. සත්තං සමිතං යනු සියලුකල්හි, නිරතුරුවයි. ඤාණදස්සං පච්චුප්ට්ඨිතං යනු මට සර්‍වඥතාඥානය එළඹ සිටියේයි දක්වයි. පුරාණානං කම්මානං යනු රැස්කළ කර්මයන්ගේයි. තපසා ව්‍යනතීභාවං යනු දුෂ්කර තපසින් අවසන් කිරීමයි. නවානං කම්මානං යනු දැන් රැස් කළයුතු කර්මයන්ගේයි. අකරණා යනු රැස් නොකිරීමෙනි. සෙතුඝාතං යනු කාරණ විනාශයයි. (මෙයින්) ප්‍රත්‍යය විනාශය කියයි. කම්මක්‍ඛා දුක්‍ඛක්‍ඛයො යනු කර්‍මචක්‍රය විනාශවීමෙන් දුක්‍ඛචක්‍රය විනාශවීමයි. දුක්‍ඛක්‍ඛයා වෙදනාක්‍ඛයො යනු දුක්‍ඛචක්‍රය විනාශයෙන් වේදනා විනාශයයි. දුක්‍ඛචක්‍රය ක්‍ෂයවූ කල්හි වේදනා චක්‍රයද ගෙවුනේම වෙයි. වෙදනාක්‍ඛයා සබ්බංදුක්‍ඛං නිජ්ජිණ්ණං භවිස්සති යනු වේදනාව ක්‍ෂයවීමෙන් සියලු සසර දුක් දිරාපත් වූයේම වෙයි. සන්‍දිට්ඨිකාය යනු තමන් දැකියයුතු ප්‍රත්‍යක්‍ෂයෙනි. නිජ්ජරාවිසුද්ධියා යනු කෙලෙස් දිරවන ප්‍රතිපදාවයි. කෙලෙසුන් විනාශවන බැවින් නිජ්ජරා නමි. සත්‍වයන් විසුද්ධියට පත්කරවන බැවින් විසුද්ධි නමි. ඒ නිජ්ජරා විසුද්ධියෙනි. සමතික්කමො හොති යනු සියලු සසර දුක් ඉක්මීම වෙයි. ඉධ භනෙත භගවා කිමාහ යනු ස්වාමීනි භාග්‍යවතුන්වහන්සේ මේ ප්‍රතිපත්තිය ගැන කුමක් ප්‍රකාශ කළ සේක් ද? කිම, මේ කෙලෙස් විනාශකරවන ප්‍රතිපදාවම පනවනසේක්ද නැතහොත් වෙනකක්දැයි විමසයි.
ජානතා යනු අනාවරණ ඥානයෙන් දන්නහු විසිනි. පස්සතා යනු සමතැසින් දකින්නහු විසිනි. විසුද්ධියා යනු විශුද්ධියට පැමිණවීම සඳහායි. සමතික්කමාය යනු මනාව ඉක්මවීම සඳහාය. අත්‍ථගමාය. අසතයට යැවීම සඳහාය. ඤායස්ස අධිගමාය යනු විදර්‍ශනාව සමඟ මාර්ගය අවබෝධ කිරීම සඳහාය. නිබ්බානස්ස සච්ජිකිරියාය යනු ප්‍රත්‍යය රහිත නිර්‍වාණය ප්‍රත්‍යක්‍ෂ කරනු සඳහාය. නවං ච කම්මං න කරොති යනු අලුත් කර්ම රැස් නොකරයි. පුරාණඤ්ච කම්මං යනු පෙර රැස්කළ කර්‍මයි. ඵුස්ස ඵුස්සව්‍යනනීකරොති යනු ස්පර්‍ශකොට ස්පර්‍ශකොට අවසන්කරයි. විපාක ස්පර්‍ශය විඳ විඳ ඒ කර්‍මය ගෙවා දැමේය යන අර්ථයයි. සන්‍දිට්ඨිකා යනු තමන් විසින් දැකියයුතු දෙයයි. අකාලිකා යනු කාලයෙන් අතරක් නැතිව කළයුතු කාර්යයි. එහි පස්සිකා යනු එව බලවයි මෙසේ දැක්වීමට සුදුසුවූ දෙයයි. ඔපනයිකා යනු ළඟට එළවියයුතු දෙයයි. ඇලවිය යුතුදෙයයි. පච්චත්තං වෙදිතබ්බො විඤඤූහි යනු පණ්ඩිතයන් විසින් තම තමන්ගේ සන්තානයෙහිම දැනගතයුතේයි මෝඩයනවිසින් දැනීමට අපහසු වූයේයි. මෙසේ ශීලවශයෙන් මාර්ග දෙකක්ද ඵල දෙකක්ද කියනලදී. සෝවාන් හා සකෘදාගාමී පුද්ගලයෝ සිල් සම්පූර්‍ණ කරන්නෝයි. විවිචේචච කාමෙහි යනාදිය මගින් සමාධි සම්පත්තියෙන් මාර්ගතුනද ඵලතුනද කියනලදී. අනාගාමී ආර්යශ්‍රාවකයා වනාහි සමාධිය සම්පූර්න කරන්නායයි කියනලදී. ආසවානං ඛයා යනාදියෙන් අරහත් ඵලය කියනලදී. ඇතැම් සීලසමාධීහු අරහත් මාර්ගයෙන් යුක්තයහයි මෙහි අදහස්කරන ලදී. එකිනෙකාගේ වශයෙන් ප්‍රතිපත්ති දැක්වීම සඳහා වෙන්වෙන්ව පෙළ නංවනලදී.
3. 2. 3. 5
පස්වැන්නෙහි අමච්චා යනු සුහදයෝ (මිත්‍රයෝ)යි. ඤාතී යනු නැදිමයිලන්ගේ පැත්තෙහි වූවෝයි. සාලොහිතා යනු සමාන ලේ ඇති සොයුරු සොහොයුරිආදීහුය. අවෙච්චප්පසාදෙ යනු ගුණයන් මනාව දැනගෙන උපන් නොසැලෙන ප්‍රසාදයෙහියි. අඤ්ඤථත්තං යනු ස්වභාවයේ වෙනස් ආකාරයයි. පඨවිධාතුයා යනාදිය අතුරින්, කොටස් විස්සෙක තද ආකාර ඇති පඨවි ධාතුවෙන්ද කොටස් දොළොසෙක යුෂ ගතිය ඇති එකට බඳනාසුලුවූ ආපොධාතුවෙන්ද කොටස් සතරෙක පැසවන ගතියඇති තෙජොධාතුවෙන්ද කොටස් සයෙක පැතිරීම් ගතිය ඇති වායෝධාතුවෙන්ද වේ. සියා අඤ්ඤථත්තං නත්‍චෙච යනු සතර මහා භූතයන්ගේ අන්‍යොන්‍ය ස්වභාවයට එළඹීමෙන් වෙනස්බවක් වේද? එය ආර්යශ්‍රාවකයාට වනාහි නොවනනේයයි දක්වයි. මෙහිද අඤ්ඤථත්තං යනු ප්‍රසාදයේ වෙනස්බවද ගතියේ වෙනස්බවද නොවෙයි. ස්වභාවයේ වෙනස්බව වෙයි. ආර්යශ්‍රාවක තෙමේ මිනිසෙක් වී දෙවියෙක්ද වෙයි. බ්‍රහ්මයෙක්ද වෙයි. ඔහුගේ පැහැදීම භවාන්තරයෙන්ද ඉවත් නොවෙයි. අපායගති සංඛ්‍යාතවූ ගති වෙනසකට නොපැමිණෙයි. ශාස්තෘන්වහන්සේද එයම දක්වනසේක් තත්‍රිදං අඤ්ඤථත්තං යනාදිය පැවසූසේක. මෙහි සෙස්ස පැහැදිලිය.