3. 2. 3. 5
පස්වැන්නෙහි අමච්චා යනු සුහදයෝ (මිත්‍රයෝ)යි. ඤාතී යනු නැදිමයිලන්ගේ පැත්තෙහි වූවෝයි. සාලොහිතා යනු සමාන ලේ ඇති සොයුරු සොහොයුරිආදීහුය. අවෙච්චප්පසාදෙ යනු ගුණයන් මනාව දැනගෙන උපන් නොසැලෙන ප්රසාදයෙහියි. අඤ්ඤථත්තං යනු ස්වභාවයේ වෙනස් ආකාරයයි. පඨවිධාතුයා යනාදිය අතුරින්, කොටස් විස්සෙක තද ආකාර ඇති පඨවි ධාතුවෙන්ද කොටස් දොළොසෙක යුෂ ගතිය ඇති එකට බඳනාසුලුවූ ආපොධාතුවෙන්ද කොටස් සතරෙක පැසවන ගතියඇති තෙජොධාතුවෙන්ද කොටස් සයෙක පැතිරීම් ගතිය ඇති වායෝධාතුවෙන්ද වේ. සියා අඤ්ඤථත්තං නත්චෙච යනු සතර මහා භූතයන්ගේ අන්‍යොන්‍ය ස්වභාවයට එළඹීමෙන් වෙනස්බවක් වේද? එය ආර්යශ්‍රාවකයාට වනාහි නොවනනේයයි දක්වයි. මෙහිද අඤ්ඤථත්තං යනු ප්‍රසාදයේ වෙනස්බවද ගතියේ වෙනස්බවද නොවෙයි. ස්වභාවයේ වෙනස්බව වෙයි. ආර්යශ්‍රාවක තෙමේ මිනිසෙක් වී දෙවියෙක්ද වෙයි. බ්‍රහ්මයෙක්ද වෙයි. ඔහුගේ පැහැදීම භවාන්තරයෙන්ද ඉවත් නොවෙයි. අපායගති සංඛ්‍යාතවූ ගති වෙනසකට නොපැමිණෙයි. ශාස්තෘන්වහන්සේද එයම දක්වනසේක් තත්රිදං අඤ්ඤථත්තං යනාදිය පැවසූසේක. මෙහි සෙස්ස පැහැදිලිය.
3. 2. 3. 6
සයවැන්නෙහි කාමධාතුවෙපක්කං යනු කාමධාතුවෙහි විපාක දෙන්නාවූයි. කාමභවො යනු කාමධාතුවෙහි උත්පත්ති භවයයි. කම්මං ඛෙත්තං යනු කුසලාකුසල කර්මය වැඩෙන තැන යන අර්ථයෙන් ක්ෂෙත්රයයි. විඤ්ඤාණං බීජං යනු එකට උපන් අහිසංස්කාර විඥානය වැඩෙන අරුතින් බීජයයි. තණ්හාසෙනභො යනු එක් කිරීම් වැඩීම් වශයෙන් තෘෂ්ණාව ජලය නමි. අවිජ්ජා නීවරණානං යනු අවිද්‍යාවෙන් වසන ලද්දාවූයි. තණ්හාසංයොජනානං යනු තෘෂ්ණා බන්ධනයෙන් බැඳුනාවූයි. හීනාය ධාතුයා යනු කාම ධාතුවෙහියි. විඤ්ඤාණං පතිට්ඨිතං යනු අභිසංස්කාර විඥානය පිහිටියේයි. මජ්ක්‍ධිමාය ධාතුයා යනු රූපධාතුවෙහියි. පණීතාය ධාතුයා යනු අරූප ධාතුවෙහියි මෙහි සෙස්ස පැහැදිලිමය.
3. 2. 3. 7
සත්වැන්නෙහි චෙතනා යනු කර්මචෙතනාවයි. පත්ථනා යනු කර්ම ප්‍රාර්ථනයයි සෙස්ස මුල් සූත්‍රයට සමානය.
3. 2. 3. 8
අටවැන්නෙහි සීලබ්බතං යනු ශීලය හා ව්‍රතයයි. ජීවිතං යනු දුෂ්කරක්රියාවෙහි යෙදීමයි. බ්රහ්මචරියං යනු බ්‍රහ්මචරිය වාසයයි. උපට්ඨානසාරං යනු වැටහීමෙන් හරවත්වූයි. මෙය සාරවත්ය. මෙය උතුම්ය. මෙය නිෂ්ටාවයයි මෙසේ වැටහිණැයි අරුත්ය. සඵලං යනු ප්‍රතිඵල සහිත, වැඩීම් සහිතදැයි විමසයි. න ඛොත්ථ භනේත එකංසෙන යනු ස්වාමීනි මෙහි ඒකාංශික වශයෙන් පිළිතුරු නොදිය යුතුයයි අර්‍ත්‍ථයි. උපට්ඨානසාරං සෙවතො යනු මෙය හරයය, මෙය උතුම්ය. නිෂ්ටාවයයි මෙසේ වැටහුණුදෙය සෙවුනාලබන්නාටයි. අඵලං යනු ඉෂ්ට ඵලයෙන් ඵලරහිතය. මෙපමණකින් කර්මවාදීන්ගේ ක්රියාවාදීන්ගේ පැවිද්ද හැර සෙසු සියලු බාහිරක සමය ගන්නාලදී. සඵලං යනු ඉෂ්ට ඵලයෙන් ඵලසහිතය. ප්රතිඵලසහිතය. මෙපමණකින් මෙම සසුන මුල්කොට සියලුම කර්මවාදී ක්‍රියාවාදී පැවිද්ද ගන්නාලදී. න ච පනස්ස සුලභරූපො සමසමො පඤ්ඤාය යන මෙසේ ශෛක්ෂ භූමියෙහි සිට පවසන්නේ මේ ආනන්දගේ ප්‍රඥාවට සමානවන්නෙක් සුළභ නොවේයයි දක්වයි. මේ සූත්‍රයෙහි ශෛක්ෂභූමිය කියනලදී.
3. 2. 3. 9
නවවැන්නෙහි එතදවොච යනු පසුබත පිණ්ඩපාතයේ ඉකුත්වූයේ බුදුන්වහන්සේට වත් දක්වා තමන්ගේ දිවාවිහරණස්ථානයට ගොස් ‘මෙලොව මුල් සුවඳක් ඇත. හර සුවඳක් ඇත. මල් සුවඳක් ඇත. මේ සුවඳ තුනම සුළඟ අනුව (යටි සුළඟට)ම හමයි. උඩු සුළඟට නොහමයි. යමක සුවඳ උඩුසුළඟටද හමයිද එබඳුවූ සුවඳක් ඇත්දැ’යි සිතා වර අට ගන්නා කල්හිම සැකයක් ඇතිවූවිට (සමීපයට) එළඹෙන වරය ගත්බැවින් එකෙණෙහිම දිවාස්ථානයෙන් නැඟිට ශාස්තෘන්වහන්සේ වෙතට ගොස් වැඳ එකත්පසෙක හුන්නේ උපන් සැකය දුරුකරගනු සඳහා මේ තීණිමානි භනේත යනාදී වචනය පැවසීය. එහි ගන්ධජාතානි යනු සුවඳජාතියි. මූලගන්ධො යනු මුල ඇසුරු කොට ඇති සුවඳයි සුවඳින් යුත් මුලම මූලගන්ධයයි. එහි සුවඳ යටිසුළඟට යයි. සුවඳේ සුවඳක් නම් නැත. සාරගන්ධ පුප්ඵගන්ධයන්හිද මේ ක්‍රමයමැයි. අත්ථානන්ද ගන්ධජාතං යනු මෙහි සරණාගමනාදිය ගුණවැනීම් වශයෙන් (නොයෙක්) දිශාවන්ට යන බැවින් සුවඳට සමාන වූයෙන් සුවඳයි. ඒවාට වස්තුවූ පුද්ගලයා ගන්ධජාති නමි. ගන්ධො ගච්ඡ්ති යනු ගුණ වැණීම් වශයෙන් යයි. සීලවා යනු පඤ්චශීලයෙන් හෝ දශශීලයෙන් හෝ සිල්වත් වූයේයි. කල්යාණධමේමා යනු ඒ ශිලධර්මයෙන්ම කලණදම් ඇත්තේ, සොඳුරුදම් ඇත්තේයි. විගමලමචේඡරෙන යනාදීන්ගේ අර්ථය විසුද්ධිමග්ගයෙහි විස්තර කරනලද්දේමය. දිසාසු යනු සිවු දිසාවන්හි හා සිවු අනුදිසාවන්හියි. සමණබ්රාහ්මණා යනු සංසිඳවූ පවුඇති බහාතැබූ පවු ඇති ශ්රමණබ්රාහ්මණයෝයි.