3. 1. 4. 3
තෙවැන්නෙහි සංඛිත්තෙන යනු මාතෘකා තැබීමෙනි. විත්‍ථාරෙන යනු තැබු මාතෘකාව බෙදා දැක්වීමෙනි. සඞ්ඛිත්තවිත්‍ථාරෙන යනු විටකසැකෙවින් විටකවිස්තර වශයෙනි. අඤ්ඤාතාරො ච දුල්ලභා යනු අවබෝධකරන පුද්ගලයෝ දුර්‍ලභයහ. මෙය භාග්‍යවතුන්වහන්සේ සැරියුත් තෙරුන්ගේ නුවණ ප්‍රකටකරවන අදහසින් පැවසූසේක. එය අසා තෙරණුවෝ ‘ස්වාමීනි, නිසැකවූ ඔබවහන්සේ දෙනු මැනව. මම නුඹවහන්සේ විසින් දෙනලද ධර්‍මය නයසියයෙන්ද නයදහසින්ද අවබෝධකරන්නෙමි එය මට අයත්යයි හුදෙක් අදහසින් (වචනයෙන් නොකියා), ශාස්තෘන්වහන්සේ දෙසුමට උත්සාහවත්කරවමින් එතස්ස භගවා කාලො යනාදිය පැවසූහ.
ඉක්බිති ශාස්තෘන්වහන්සේ උන්වහන්සේට ‘තස්මාතිහ’ යනුවෙන් දෙසුම අරඹූසේක. එහි ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකෙ යනාදිය කියනලදක්‍රමය ඇත්තේමය. අචේඡච්ඡිතණ්හං යනු මාර්‍ගඥාන නමැති සැතින් (අවියෙන්) තෘෂ්ණාව සින්දේය. වාවත්තයී සංයොජනං යනු දසආකාර සංයෝජනය මුල්සහිතව උදුරා ඉවත දැමීය. සම්මා මානාභිසමයා අන්තමකාසි දුක්‍ඛස්ස යනු මනා උපායෙන් නිවැරදි ප්‍රතිපත්තියෙන් නවවිධවූ මානය දුරලීම පිළිබඳ අවබෝධයෙන් සසරදුක නිමවීය. ඉදංච පනමෙතං සාරිපුත්ත සන්‍ධාය ශාසිතං යනු ‘ශාරිපුත්‍රය’ මවිසින් පාරායන (වර්ග) යෙහි උදය ප්‍රශ්නයේද මේ ඵලසමාප්තිය සඳහාම මෙය කියනලදි.
දැන් යමක් භාග්‍යවතුන්වහන්සේ විසින් කියනලද්දේද එය දැක්වීමට ‘පහානං කාමසඤ්ඤානං’ යනාදිය අරඹනලදි. උදය ප්‍රශ්නයෙහිද මේ පදය පහානං කාමච්ඡන්‍දානං යනුවෙන් අයේය. මෙහි වනාහි අඞ්ගුත්තර භාණකයන් විසින් ‘කාමසඤ්ඤානං’ යන්නට නඟනලදි. එහි ව්‍යාංජනය පමණක්ම වෙනස්වෙයි. අර්‍ත්‍ථය එකමය. කාමසඤ්ඤානං යනු කාමයන් අරභයා උපන් සංඥාවන්ගේය, ලොභසහගත සිත් අට සමඟ එක්ව උපන් සංඥාවන්ගේ හෝය. දොමනස්සානචූහයං යනු මෙ කාමසංඥාවන්ගේද චෛතසික දොමනස්සයන්ගේද යන දෙවර්‍ගයේම ප්‍රහාණයවූ පටිප්පස්සද්ධි ප්‍රහාණ සංඛ්‍යාතවූ අරහත්ඵලය නමැති අඤ්ඤාවිමොක්‍ෂය කියමැයි අර්‍ත්‍ථයි. නිද්දෙසපාලියෙහිදී කාමච්ඡන්‍ද දොමනස්ස යන දෙදෙනාගේම ප්‍රහාණය, ව්‍යාපශමය, දුරුකිරීම, සංසිඳීම අමෘතයය, නිර්‍වාණයයි කියනලදි. එය අර්‍ත්‍ථය මතුකොට දැක්වීම් වශයෙන් කියනලදි. ප්‍රහාණය වනාහි ක්‍ෂයකිරීම් සංඛ්‍යාතවූ වූපසමය (සංසිඳීම) යයි කියනුලැබේ. කෙලෙස් දුරුකරන මාර්ගයයිද කෙලෙස් සංසිඳීම් සංඛ්‍යාත ඵලයයිද කියනුලැබේ. යමකට පැමිණ කෙලෙස් දුරුවෙයිද එය අමෘතවූ නිර්‍වාණයයිද කියනුලැබේ. එබැවින් එහි මේපද ආයේය. අඤ්ඤාවිමොක්‍ඛං පබ්‍රෑමි යන වචනයෙන් අරහත්ඵලයම අදහස්කරනලදි. කුක්කුච්චානං නිවාරණං යනු කුකුස් වළක්වන මාර්‍ගයට අනතුරුව උපන්බැවින් ඵලයම අදහස් කරනලදි.
උපෙඛාසතිසංසුද්ධං යනු චතුර්ථධ්‍යානික ඵලයෙහි උපන් උපෙක්‍ෂාවෙන්ද සතියෙන්ද පිරිසුදුවූයි. ධම්මතක්කපුරෙජවං යනු සම්‍යක්සංකල්පය ධම්මතක්කයයි කියනුලැබේ. එය අඤ්ඤාවිමොක්‍ෂයට මුල්වෙයි. පෙරටුවෙයි. ඉදිරියෙහි වෙයි යනුවෙන් ධම්මතක්කපුරෙජවො නමි. ඒ ධර්‍මතර්‍කය ඉදිරියෙන් දිවෙන්නාවූයි. අඤ්ඤාවිමොක්‍ඛං යනු ඤාණෙන්‍දිය අවසානයෙහි උපන් විමොක්‍ෂයයි. දැනීමෙන් හෝ මිඳීමට පත්වීම අඤ්ඤාවිමොක්‍ෂයයි. ප්‍රඥාවෙන් විමුක්තිය ලැබීමය යන අර්‍ත්‍ථයි. අවිජ්ජාය පභෙදනං යනු අවිද්‍යාව බිඳීයාමෙන් අවසානයෙහි උපන් බැවින් අවිද්‍යාව බිඳීයාම් සංඛ්‍යාතවූ, නිවන අරභයා උපන්බැවින් මෙසේ ලබනලද නම් ඇති අරහත් ඵලයමය. මෙසේ මේ සියලුම පහානං ආදී පදයන්ගෙන් අරහත්ඵලයම පවසනලදැයි දතයුතුය.
3. 1. 4. 4
සිවුවැන්නෙහි නිදානානි යනු කාරණයෝයි. කම්මානං යනු සංසාරගාමී කර්‍මයන්ගේයි. ලොභො නිදානං කම්මානං සමුදයාය යනු ඇලෙන පෙළඹෙන ස්වභාවය ඇති ලෝභය සංසාරගාමී කර්‍මයන්ගේ හටගැනීමට, රැස් කිරීමට නිදානයය, කාරණයය, ප්‍රත්‍යයය යන අර්‍ත්‍ථයයි. දොසො යනු කිපීම, ප්‍රදූෂ්‍යවීම ස්වභාවයකොටඇති දේවෂයයි. මොහො යනු මුළාවීම වඩාත් මුළාවීම ස්වභාවයකොටඇති මොහයයි.
ලොභපකතං යනු ලෝභයෙන් කරනලද, ලෝභයෙන් මැඬුණු ලෝභියකුවී කරනලද කර්‍මය යනාර්‍ත්‍ථයි. ලෝභයෙන් හටගත්තේයි ලොභජං නමි. ලොභය මොහුගේ හේතුවයයි ලොභනිදානං නමි. ලෝභය මොහුට හටගැනීම (සමුදය) යි ලොභසමුදයං නමි. සමුදය යනු ප්‍රත්‍යයයි. ලෝභප්‍රත්‍යය යනාර්‍ත්‍ථයි. යත්‍ථස්ස අත්තභාවො නිබ්බත්තති යනු යම් තැනක මේ ලෝභයෙන් හටගත් කර්‍මය ඇති පුද්ගලයාගේ ආත්මභාවය උපදියි. ස්කන්‍ධයෝ පහළවෙත්. තත්‍ථ තං කම්මං විපච්චති යනු ඒ ස්කන්‍ධයන්හි එම කර්‍මය පැසවයි. දිට්ඨෙ වා ධම්මෙ යනාදිය යම් හෙයකින් ඒ දිට්ඨධම්මවෙදනීය කර්‍මයවූයේ හෝ වෙයි. උපපජ්ජවෙදනීයවූයේ වෙයි. අපරාපරියවෙදනීයවූයේ හෝ වෙයි. එහෙයින් ඒ ප්‍රභේදය දැක්වීමට කියනලදි. සෙසු දෙකෙහිද මේ ක්‍රමයමයි.
අඛණ්ඩානි යනු නොබිඳුනාවූයි. අපූතීනි යනු කුණුවීමෙන් අබීජබවට නොපැමිණියාවූයි. අවාතාතපහතානි යනු සුළඟින්ද අවුවෙන්ද නොනැසුණාවූයි. සාරදානී යනු ගන්නාලද සාරයඇති, සරුවූ, නිසරුනොවූයි. සුඛසයිතානි යනු එක්රැස්වීම්බවින් සුවසේ ලැග 457 සිටියාවූයි. සුඛෙත්තෙ යනු සැරසු කෙතෙහියි. සුපරිකම්මකතාය භූමියා යනු නගුලෙන් සෑමෙන්ද පෝරුගෑමෙන්ද මනාව පිළියෙළකරනලද කෙත්බිමෙහිය. නික්‍ඛිත්තානි යනු තබනලද්දාවූ; සිටුවනලද්දාවූයි. අනුප්පවෙච්ඡෙය්‍ය යනු නොපිවිස්නේය. වුද්ධිං යනාදියෙහි උඩට මතුවී එමෙන් වැඩීමයි. යට මුල පිහිටීමෙන් වැඩීම විරූළභිං නමි. හාත්පසින් පැතුරුණු බැවින් වෙපුල්ලං නමි.