3. 1. 3. 9
නවවැන්නෙහි චක්‍ඛු න හොති යනු නුවණැස නොවෙයි. ඵාති කරෙය්‍ය යනු පිරුණක් වැඩුනක් කරන්නේය. සාවජ්ජානවජේජ යනු සදොස් නිදොස්හිය. හීනප්පණීතෙ යනු පහත් උතුම් දෙයෙහිය. කණ්භසුක්කසප්පටිභාගෙ යනු නරක හා හොඳම ඔවුනොවුන් වළහනබැවින් ප්‍රතිපක්‍ෂ (විරුද්ධ) වශයෙන් සප්පටිභාගයයි කියනු ලැබේ. මේවනාහි මෙය කෙටිවිවරණයයි. කුශල ධර්මයන්හි කුසල්දහමයයි දන්නේය, අකුශලධර්‍මයන්හි අකුසල්යයි දන්නේය. වැරදිසහිත දෙයෙහිද එම ක්‍රමයමයි. නරක හොඳ සප්‍රතිභාගයන්හි නරක දෙය හොඳ දෙයට විරුද්ධයයි දන්නේය. හොඳ දෙය නරක දයට විරුද්ධයයි දන්නේය. (මෙලෙසින්) යම් නුවණැසකින් දන්නේද එබඳුවූ නුවණැසක් නොවේයයි මේ ක්‍රමයෙන් සෙසුවාරයන්හිද අර්‍ත්‍ථය දතයුතුය. න චෙච භොගා තථාරූපා යනු එබඳුවූ භොගයෝද මොහුට නොවෙත්.
න ච පුඤ්ඤානි කුබ්බති යනු පින්ද නොකරත්. මෙපමණකින් භොග (සම්පත්) උඵදවන නුවණැසේද පින්කරන නුවණැසේද අභාවය කියනලදී. උභයත්‍ථ කලිග්ගාභො යනු මෙලොව පරලොව යන දෙලොවෙහිම අපරාධ (වැරදි)ගැනීමක්, පරාජය ගැනීමක් වේය යනාර්‍ත්‍ථයි. නැතහොත් කලිග්ගාභො යනු මේ මෙලොව පරලොව යන දෙක සඳහාම වැරදි ගැනීමක් පරාජය ගැනීමක්ය යනාර්ථයි. ධම්මාධමේමන යනු දශකුශල කර්මපථ ධර්මයන්ගෙන්ද දශ අකුශල කර්මපථ ධර්‍මයන්ගෙන්ද යනුයි. සඨො යනු කෛරාටිකයායි. භොගානි පරියෙසති යනු භොගයන් සොයයි. ථෙය්‍යෙන කූටකමේමන මුසාවාදෙන චූභයං යනු සොරකම් ආදියෙහි දෙපරිද්දෙන්ම සොයයි යන අර්‍ත්‍ථයි. කෙසේද? සොර කපටිකමින්ද සොයයි. සොර බොරුවෙන්ද සොයයි. කපටිකමින්ද බොරුවෙන්ද සොයයි. සඞ්ඝාතුං යනු රැස්කිරීමටයි. ධම්මලද්ධෙහි යනු දශකුශල කර්මපථධර්මයන් නොයික්මවා ලදදෙයිනි. උට්ඨානාධිගතං යනු වීර්යයෙන් ලබනලදයි. අව්‍යග්ගමනසො යනු සැකනැති සිතැත්තේයි. භද්දකං ඨානං යනු ශ්‍රෙෂ්ඨවූ දිව්‍යබවකටය. න සොචති යනු යම්තැනක ඇතුළත සොවින් නොතැවෙයි.
3. 1. 3. 10
දසවැන්නෙහි අවකුජ්ජඤෙඤා යනු යටිකුරුවූ නුවණ ඇත්තේයි. උච්ඡඞ්ගපඤෙඤා යනු ඇකයට සමාන නුවණ ඇත්තේයි. පුථුපඤෙඤා යනු පැතිරෙන නුවණ ඇත්තේයි. ආදිකල්‍යාණං යනාදියෙහි ආදී යනු මුල පිහිටුවීමයි. මජක්‍ධං යනු කථාවෙහි මධ්‍යයයි. පරියොසානං යනු නිමාවීමයි. මෙසේ මොහුට ඔවුහු ධර්‍මය කියමින් මුල පිහිටුවීමෙන්ද මනාවූ සොඳුරුවූ නිවැරදිවූවක්මකොට කියත්. මැදද අවසානයෙහිද එසේමය. මෙහිද දේශනාවගේ ආදිමධ්‍යපරියෝසානයෝ වෙත්. ශාසනයටද වෙත්. එහි දේශනාවෙහි පාදසතරක් ඇති ගාථාවක පළමුපාදය මුලයි. පාදෙකක් මැදයි. අවසන් පාදය කෙළවරයි. අනුසන්‍ධි (ගැලපීම්) එකක් ඇති සූත්‍රයක නිදානය ආදිය (මුල)යි. අනුසන්‍ධිය මැදයි. මෙසේ පැවසීය යන පැමිණවීම අවසානයයි. නොයෙක් අනුසන්‍ධි ඇති සූත්‍රයක පළමුඅනුසන්‍ධිය ආදියයි. එයින් පසු එකක් හෝ බොහෝවක් හෝ අනුසන්‍ධි මැදයි. අවසන් අනුසන්‍ධිය කෙළවරයි. මේ වනාහි දේශනා ක්‍රමයයි. ශාසනයාගේ සීලය මුලයි. සමාධිය මැදයි. විපස්සනාව කෙළවරයි. සමාධිය හෝ මූලයි. විදර්‍ශනාව මැදයි. මාර්‍ගය කෙළවරයි. විදර්‍ශනාව හෝ මුලයි, මාර්‍ගය මැදයි. ඵලය කෙළවරයි. මාර්‍ගය හෝ මුලයි. ඵලය මැදයි. නිවන කෙළවරයි. දෙකක් හෝ කරනුලබනකල්හි ශීලසමාධීහු මුලයි. විදර්‍ශනා මාර්‍ගයෝ මැදයි. ඵලනිර්වාණයෝ කෙළවරයි.