3. පුඟුල් වර්ගය
3. 1. 3. 1
තෙවෙනි වර්ගයෙහි පළමුවෙනි සූත්රයෙහි ධ්යාන ස්පර්ශය පළමුව ස්පර්ශකරයි. පසුව නිරොධයවූ නිවන පසක් කරයිනුයි කායසක්ඛි නමි. දෘෂ්ටි අන්තයට පැමිණියේනුයි දිට්ටප්පතේතායි. අදහමින් මිදීමට පැමිණියේනුයි සද්ධාවිමුත්තොයි. ඛමති යනු රුචි වෙයි. අභික්කන්තතරො යනු ඉතා සොඳුරුතරය. පණීත්තරො යනු ඉතාප්රණීතතරය. සද්ධින්ද්රියං අධිමත්තං හොති යනු සවිට්ඨතෙරුන්ටවනාහි අරහත් මාර්ගක්ෂණයෙහි අධිමත්තං හොති යනු සවිට්ඨතෙරුන්ටවනාහි අරහත් මාර්ගක්ෂණයෙහි ශ්රද්ධාඉන්ද්රිය ප්රධානවිය. සෙසු සතර සහජාත ඉන්ද්රියයෝ ශ්රද්ධා ඉන්ද්රියේම පරිවරවූවාහුය. මෙසේ තෙරහු තමන් අවබෝද කළ මාර්ගය කියමින් මෙසේ පැවසූහ. මහා කොට්ඨිත තෙරුන්ටද අරහත්මාර්ගක්ෂණයෙහි සමාධි ඉන්ද්රියය ප්රධානවිය. සෙසු සතර ඉන්ද්රියයෝ එයටම පිරිවරවූවාහුය. එහෙයින් උන්වහන්සේද සමාධිඉන්ද්රියය ප්රධානවිය. සෙසු සතර ඉන්ද්රියයෝ එයටම පරිවරවූවාහුය. එහෙයින් උන්වහන්සේද සමාධිඉන්ද්රිය අධිමාත්රයයි පවසමින් තමන් විසින් අවබෝධ කරනලද මාර්ගයම කීහ. සැරියුත් තෙරුන්ට වනාහි අරහත්මාර්ගක්ෂණයෙහි ප්රඥා ඉන්ද්රිය ප්රධානවිය. සෙසු සතර ඉන්ද්රියයෝ එයටම පිරිවරවූවාහුය. එහෙයින් උන්වහන්සේද ප්රඥා ඉන්ද්රිය අධිමාත්රයයි කියමින් තමන් විසින් අවබෝධ කරනලද මාර්ගයම පැවසූහ.
න ඛොත්ථ යනු මෙහි නොවේ යනුයි. එකංසෙන ව්යාකාතුං යනු ඒකාන්තයෙන් විවරණයකරන්නටයි අරහත්තාය පටිපන්නො යනු අරහත්මාර්ගය සමඟ යුක්තවූ දෙය දක්වයි. මෙසේ මේ සූත්රයෙහි තෙරුන් තිදෙනා විසින්ම තමන් විසින් අවබෝධකළ මාර්ගය කියනලදී. සම්මා සම්බුදුන්වහන්සේ වනාහි වෙනස් වෙනස් භූමිවශයෙන්ම වදාළසේක.
3. 1. 3. 2
දෙවැන්නෙහි සප්පායානි යනු හිතවත්වූ, අභිවෘද්ධිකර දේයි. පතිරූපං යනු සුදුසුවූ දේයි. නොව වුට්ඨාති තම්භා ආබාධා යනු මෙයින් අසාධ්යවූ වාත අපස්මාරආදීහු රෝගයෙන් යුක්තවූ අවසානයටපත් ගිලනෙක් කියවෙයි. වුට්ඨාති තම්භා ආබාධා යන මෙයින් ඛිපිතක, දද, තිණපුප්ඵක, ජරා ආදී ප්රභේදඇති සුළුරෝගයක් කියවෙයි. ලභනේතා සප්පායානි භොජනානි නො අලභනේතා යනුවෙන් පිළිදැගුම් කිරීමෙන් යම් රෝගයක් පහසු (සුව) වේද ඒ සියලු ආබාධ කියනලදී. මෙහිද පතිරූපො උපට්ඨාකො නම් ගිලානොපස්ථායක අංගයන්ගෙන් සමන්විතවූ පණ්ඩිත, දක්ෂ නොකම්මැලි පුද්ගලයායි දතයුතුය. ගිලානුපට්ඨාකො අනුඤ්ඤාතො යනු භික්ෂුසංඝයා විසින් දියයුතුයයි අනුදන්නාලදී. ඔහු ගිලන්වූ කල්හි තමන්ගේ ස්වභාවයෙන් යැපීමට නොහැකිවිට භික්ෂුසංඝයා විසින් එම භික්ෂුවට එක් භික්ෂුවක්ද සාමණේරයෙක්ද ‘මොහු පිළිදැගුම් කරව’යි අවසර ගෙන දියයුත්තාහ. යම්තාක් ඔවුහු ගිලනා පිළිදැගුම් නොකරත්ද, ඒතාක් ගිලානාටද ඒ දෙදෙනාටද යමකින් ප්රයෝජනයක් වේද ඒ සියල්ල භික්ෂු සංඝයාටම භාරවෙයි.
අඤෙඤපි ගිලානා උපට්ඨාතබ්බා සෙසුගිලන් භික්ෂූහූ දෙදෙනාද උවටැන්කළ යුත්තාහ. කුමක් නිසාදයත්? යම් නිෂ්ටාවට පත් රෝගියෙක්වේද හෙතෙම උපස්ථාන නොකරනු ලබන්නේ, ‘ඉදින් මා පළිදැඟුම් කරන්නහු නම් මට පහසුවක් වන්නේය (මොවුහු) මා පිළිදැගුම් නොකරති’යි සිත දූෂණය කොටගෙන (ද්වේෂයක් ඇතිකොටගෙන) අපායෙහි උපදින්නේය. පිළිදැඟුම් කරනලබන්නාට වනාහි මෙසේ (අදහසක්) වෙයි. ‘භික්ෂු සංඝයා විසින් යමක් කළයුතුද එය කරනලදී. මගේ කර්මවිපාකය මෙබඳුය’යි හෙතෙම භික්ෂුසංඝයා කෙරෙහි මෛත්රිය පිහිටුවා ස්වර්ගයෙහි උපදියි. යමෙක් වනාහි සුළුරෝගයකින් යුක්තවූයේ වෙයිද (අපස්ථායකයෙකු) ලබන්නේද නොලබන්නේද ඔහුට බෙහෙතින් තොරවවුවද (රෝගයෙන්) නැඟී සිටින්නේමය. ලෙඩ සංසිඳුවන බෙහෙත් කළකල්හි ඉක්මණින්ම සංසිඳෙයි. එහෙයින් හෙතෙම බුද්ධවචනය ඉගෙනීමට හෝ මහණදම් කිරීමට හෝ හැකිවෙයි. මෙම කරුණින් සෙසු ගිලන් භික්ෂුහු දෙදෙනාද උවටැන් කළයුත්තාහයි. කියනලදී.
නෙව ඔක්කමති යනු නොපිවිසෙයි. නියාමං කුසලෙසු ධම්මේසු සම්මත්තං යනු කුහලධර්මයන්හි මගපිළිවෙළ නම්වූ නිවැරදි ස්වභාවයයි. මෙයින් පදපරම පුද්ගලයා (ගැන) කියනලදී. දෙවැනි වාරයෙන් උග්ඝටිතඤඤු පුද්ගලයා ගන්නාලදී. සසුනෙහි නාළක තෙරුන්වැනිවූ බුද්ධාන්තරයෙහි එක්වරක් පසේබුදුවරුන්ගේ සමීපයෙහි අවවාද ලැබ අවබෝධ කරනලද ප්රත්යෙකබොධිඥානය ඇත්තෙක්ද ගන්නාලදී. තෙවැනි වාරයෙන් විපචිතඤඤු පුද්ගලයා කියනලදී. නෙය්ය පුද්ගලයා වනාහි එය ඇසුරුකොට ඇත්තේමවෙයි.