3. 1. 3. 10
දසවැන්නෙහි අවකුජ්ජඤෙඤා යනු යටිකුරුවූ නුවණ ඇත්තේයි. උච්ඡඞ්ගපඤෙඤා යනු ඇකයට සමාන නුවණ ඇත්තේයි. පුථුපඤෙඤා යනු පැතිරෙන නුවණ ඇත්තේයි. ආදිකල්‍යාණං යනාදියෙහි ආදී යනු මුල පිහිටුවීමයි. මජක්‍ධං යනු කථාවෙහි මධ්‍යයයි. පරියොසානං යනු නිමාවීමයි. මෙසේ මොහුට ඔවුහු ධර්‍මය කියමින් මුල පිහිටුවීමෙන්ද මනාවූ සොඳුරුවූ නිවැරදිවූවක්මකොට කියත්. මැදද අවසානයෙහිද එසේමය. මෙහිද දේශනාවගේ ආදිමධ්‍යපරියෝසානයෝ වෙත්. ශාසනයටද වෙත්. එහි දේශනාවෙහි පාදසතරක් ඇති ගාථාවක පළමුපාදය මුලයි. පාදෙකක් මැදයි. අවසන් පාදය කෙළවරයි. අනුසන්‍ධි (ගැලපීම්) එකක් ඇති සූත්‍රයක නිදානය ආදිය (මුල)යි. අනුසන්‍ධිය මැදයි. මෙසේ පැවසීය යන පැමිණවීම අවසානයයි. නොයෙක් අනුසන්‍ධි ඇති සූත්‍රයක පළමුඅනුසන්‍ධිය ආදියයි. එයින් පසු එකක් හෝ බොහෝවක් හෝ අනුසන්‍ධි මැදයි. අවසන් අනුසන්‍ධිය කෙළවරයි. මේ වනාහි දේශනා ක්‍රමයයි. ශාසනයාගේ සීලය මුලයි. සමාධිය මැදයි. විපස්සනාව කෙළවරයි. සමාධිය හෝ මූලයි. විදර්‍ශනාව මැදයි. මාර්‍ගය කෙළවරයි. විදර්‍ශනාව හෝ මුලයි, මාර්‍ගය මැදයි. ඵලය කෙළවරයි. මාර්‍ගය හෝ මුලයි. ඵලය මැදයි. නිවන කෙළවරයි. දෙකක් හෝ කරනුලබනකල්හි ශීලසමාධීහු මුලයි. විදර්‍ශනා මාර්‍ගයෝ මැදයි. ඵලනිර්වාණයෝ කෙළවරයි.
සාත්‍ථං යනු අරුත් සහිතකොට දෙසත්. සව්‍යංජනං යනු අකුරුසහිතව හෝ සපුරා දෙසත්. කෙවලපරිපුණ්ණං යනු සියල්ලෙන් පිරිපුන්ව නොඅඩුකොට දෙසත්. පරිසුද්ධං යනු පිරිසුදුව අවුල්රහිතව, ගැටීම් රහිතව දෙසත්, බ්‍රහ්මචරියං පකාසෙන්ති යනු මෙසේ දෙසන්නාහුද ශ්‍රෙෂ්ඨ හැසිරීමවූ ශික්‍ෂාත්‍රය ඇතුළත් කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්‍ගය ප්‍රකාශකරත්. නෙව ආදිං මනසිකරොති යනු මුල තැබීම මෙනෙහි නොකරයි.
කුමේභා යනු කළයයි. නික්කුජජො යනු යටිකුරුව තබනලද්දේයි. එවමෙවඛො යනු මෙහි යටිකුරුකළ කළය මෙන් යටිකුරුනුවණැත්තා දැක්විය යුතුය. දියවත්කරන කාලය මෙන් දහම් දෙසනලද කාලයයි. දියගලා යන කාලය මෙන් ඒ අසුනෙහි හුන්නහුගේ ඉගෙනීමට අසමත් කාලයයි. දිය නොරඳන කාලය මෙන් නැගිට (උගත් දහම) නොසලකන කාලය දැක්වියයුතුයි.
ආකිණ්ණානි යනු බහනලද්දාහුයි. සතිසම්මොසා පකිරෙය්‍ය යනු මුළාවූ සිහිඇති බැවින් විසිරෙන්නේය. එවමෙව ඛො යනු මෙහි ඇකය මෙන් උච්ඡඞ්ග පුද්ගලයා දැක්වියයුතුය. නොයෙක් ආකාර බුදුවදන් නොයෙක් කෑයුතු දෙය මෙනි. ඒ අසුනෙහි හුන්නහුගේ ඉගෙනීමේ කාලය ඇකයෙහි (උකුලෙහි) තබා නොයෙක් කැවිලි කන්නහුගේ හුන්කලාය මෙනි. නැගිටින්නහුගේ සිහිමුළාවෙන් විසිරීයන කාලය මෙන් ඒ අසුනෙන් නැඟිට යන්නහුගේ (දහම්) නොසලකන කාලය දැක්වියයුතුය.
උක්කුජ්ජො යනු උඩුකුරුව තබන ලද්දයි. සණ්ඨාති යනු දරයි, පිහිටයි. එවමෙව ඛො යනු මෙහි උඩුකුරුව තැබූ කළය මෙන් පුථුපඤ්ඤ (පළල් නුවණැති) පුද්ගලයා දැක්විය යුතුය. දියවත්කරන කාලය මෙන් දෙසුම ලද කාලයයි. දිය දරන කාලය මෙන් එහි හිඳ උගන්නා කාලයයි. නොවිසිරෙන කාලය මෙන් නැගිට යමින් දහම් සලකන කාලය දතයුතුයි.
දුම්මෙධො යනු නුවණනැත්තේයි. අවිචක්‍ඛණො යනු පිළියෙළ කිරීමේ නුවණ නැත්තායි. ගන්තා යනු යනසුලුවූයේයි. සෙය්‍යො එතෙන වුච්චති යනු මේ පුද්ගලයන්ගෙන් ශ්‍රෙෂ්ඨතරයයි කියනුලැබේ. ධම්මානුධම්මපටිපන්නො යනු නවලොවුතුරා දහමේ අනුදහමටද සීලය සමග පූර්‍වභාග ප්‍රතිපදාවටද පිළිපන්නේයි. දුක්‍ඛස්ස යන සසර දුකටයි. අන්තකරො සියා යනු කෙළවරකරන්නේ, අවසන්කරන්නේ වන්නේය.
තෙවෙනි පුද්ගලවර්‍ගයයි.
4. දෙවදූත වර්ගය
3. 1. 4. 1
සිවුවෙනි වර්ගයෙහි පළමුවෙනි සූත්‍රයෙහි අජ්ක්‍ධාගාරෙ යනු සියගෙහිය. පූජිතා හොන්ති යනු යමක් ගෙහි වේද එයින් පිළිදැඟුම් කරනලද්දෝ පෝෂණය කරනලද්දෝ වෙති. මෙසේ මවුපියන් පුදනලද කුලයෝ මවුපියන්ගෙන් බ්‍රහ්මයන් සහිතවූවෝයයි ප්‍රකාශකොට දැන් ඔවුන් පෙරැදුරන් ආදිබව දක්වමින් සපුබ්බාචරියකානි යනාදිය පැවසූහ. එහි බ්‍රහ්මා යනාදිය ඔවුන්ගේ බ්‍රහ්මාදිභාවය ඔප්පුකිරීම සඳහා කියනලදි. බහුකාරා යනු බොහෝ උපකාර ඇත්තෝයි. ආපාදකා යනු ජීවිතය ඇතිදැඩිකරන්නෝයි. මාපියන් විසින් දරුවන්ගේ ජීවිතය ඇතිදැඩි කරනලද්දේය. පාලනය කරනලද්දේය. නොකඩවා පවත්වනලද්දේය. පොසකා යනු අත්පා වඩා හදලේ පොවා පෝෂණයකරන්නෝය. ඉමස්ස ලොකස්ස දස්සෙතාරො යනු දරුවන්ගේ මෙලොව ඉටුඅනිටු අරමුණු දැකීම නම් මාපියන් නිසා විණැයි මෙලොව දක්වන්නාහුනම් වෙත්.