3. 1. 3. 6
සයවැන්නෙහි සෙවිතබේබා යනු එළඹියයුතුයි. හජිතබ්බො යනු ඇලියයුතුයි (භජනය කළයුතුයි). පයිරුපාසිතබ්බො යනු සමීපයෙහි හිඳීම්වශයෙන් නැවත නැවත ළංවිය යුතුයි. සක්කත්‍වා ගරුකත්‍වා යනු සත්කාර මෙන්ම ගරු කිරීම්ද කොටසි. හීනො හොති සීලෙන යනු සමානකරමින් හීනතාව දතයුතුයි. යමෙක් පන්සිල් රකීද හෙතෙම දසසිල් රකින්නකු විසින් ඇසුරු නොකළයුතුය. යමෙක් දසසිල් රකීද හෙතෙම සිවුපිරිසුදුසිල් රකින්නකු විසින් ඇසුරුනොකළයුතුයි. අඤ්ඤත්‍ර අනුද්දයා අඤ්ඤත්‍ර අනුකම්පාය යනු කරුණාවත්, අනුකම්පාවත් හැර තමන් සඳහාම මෙබඳුවු පුද්ගලයෙක් ඇසුරු නොක්‍ළයුතුය. කරුණා අනුකම්පා වශයෙන් ඔහු වෙත එළඹීමට වටියි.
සීලසාමඤ්ඤගතානං යනු සත්පුරුෂයන්ගේ සීලයෙන් සමානබවට ගියවුන්ගේයි. සීලකථා ච නො භවිස්සති යනු එසේ සමානසිල් ඇති අපග් සීලයම අරභයා කථාවන්නේය. සා ච නො පවත්තනී භවිස්සති යනු ඒ කථාවද කියන්නාවූ අපගේ දවස පුරාම පවතියි. වෙහෙසට පත්නොවේ. සා ච නො ඵාසු භවිසස්ති යනු ඒ දවසක්වුවද පවත්නා සීලකථාව අපට පහසුවිහරණයක්, සුවවිහරණයක් වන්නේය. සමාධි ප්‍රඥා කථාවන්හිද එම ක්‍රමයමයි.
සීලක්‍ඛන්‍ධං යනු සිල්රැසයි. ඒ ඒ තන්හි පඤ්ඤාය අනුග්ගහෙස්සාමි යනු මෙහි සීලයට නොගැලපෙන උපකාර නොවන ධර්‍මයන් අතැර ගැලපෙන උපකාරවන ධර්‍මයන් ඇසුරුකරන්නා ඒ ඒ තන්හි සීලස්කන්‍ධයට ප්‍රඥාවෙන් අනුග්‍රහ කරයිනමි. සමාධිප්‍රඥාස්කන්‍ධයන්හිද එම ක්‍රමයමයි. නිභීයති යනු තමාට පහත්වූ පුද්ගලයකු ඇසුරුකරන්නේ අළුපෙරහනක වත්කළ දියත් මෙන් නිබඳව නිතර පිරිහෙයි. තුල්‍යසෙවි යනු තමාට සමානයකු සේවනය කරන්නායි. සෙට්ටමුපණමං යනු ශ්‍රේෂ්ඨ පුද්ගලයකුට නැමෙන නමදින පුද්ගලයායි. උදෙති ඛිප්පං යනු ඉක්මණින්ම වැඩෙයි. එහෙයින් අත්තනො උත්තරිං භජෙථ යනු යම්හෙයකින් ශ්‍රෙෂ්ඨයෙකු නමදින්නා ඉක්මණින් වැඩෙයිද එහෙයින් තමාට වඩා උසස්වූ උත්තරීතරවූ විශිෂ්ටතරවූවෙකු ඇසුරුකරවු.
3. 1. 3. 7
සත්වැන්නෙහි ජිගුවජ්තබ්බො යනු අශුචියක් මෙන් පිළිකුල් කටයුතුය. අථ ඛො නං යනු ඉක්බිති මොහුගේයි. කිත්තිසදේදා යනු කථා ශබ්දයයි. එවමෙච ඛො යනු මෙහි අශුචිවලක් මෙන් දුසිල්වත්බව දැක්වියයුතුය. දුසිල් පුගුලා අශුචිවළක වැටීසිටි ගැරඬි සර්‍පයකු මෙනි. අසූචිවලෙන් උඩට ගනුලබන ඒ සර්‍පයා විසින් පුරුෂයාගේ සිරුරට නැඟීමෙන් වුවද දෂ්ට නොකරන ලදබවමෙන් දුසිල් පුඟුලකු ඇසුරු කරන්නාගේ ඒ (දුසිල්) කටයතු නොකිරීම (දැක්විය යුතුයි.) සර්‍පයා විසින් සිරුර අසුචියෙන් තවරාගිය කාලයමෙන් දුසිල් තැනැත්තෙකු ඇසුරුකරනුලබන්නාට අපකීර්තිරාවය මතුව එනකාලය දතයුතුයි.
තින්‍දුකාලාතං යනු තිඹිරි ගිනිපෙනෙල්ලයි. භීය්‍යොසොමත්තාය චිච්චිටායති යනු දැවෙනුලබන එය ප්‍රකෘතියෙන්ම පතුරු විසුරුවමින් චිටිචිටියයි හඬනඟයි. (එකට) ගැටුණු එය වැඩියක් හඬනඟයි යන අර්‍ත්‍ථයි. එවමෙව ඛො යනු මෙසේම ක්‍රොධබහුලවූ තැනැත්තා තමාගේ ස්වභාවයෙන්ම උඩඟුවූයේ සැඩපරුෂවූයේ වී හැසිරෙයි. සුළු වචනයක්වුවද කීකල්හි මාවැන්නකුට මෙසේ කියයි. මෙසේ කියතියි. වැඩිමනත් උඩඟුව සැඩ පරුෂවී හැසිරෙයි. ගුථකූපො යනු අසූචියෙන් පිරුණු වලයි. අසූචි ගොඩමය. මෙහි උපමා සැසදීම මුල්ක්‍රමයෙන්ම දතයුතුය. තස්මා එවරූපො පුග්ගලො අජ්ක්‍ධුපෙක්‍ඛිතබ්බො න සෙවිතබ්බො යනු යම් යම්හෙයකින් ක්‍රොධබහුල පුද්ගලතෙමේ බෙහෙවින් ඇසුරුකරනුලබන්නේ බෙහෙවින් එළඹෙනුලබන්නේද කියේමය. එහෙයින් පිදුරුගින්නකටමෙන් මධ්‍යස්ථවියයුතුය. ඇසුරු නොකළයුතුය. සේවනය නොකළයුතුය. කිමෙක් කියනලද්දේවෙයිද? යමෙක් පිදුරුගින්නට ඉතා සමීපව ගිනිතපියිද ඔහුගේ සිරුර දැවෙයි. යමෙක් ඉතා ඈත්ව ගිනි තපියිද ඔහුගේ සීත දුරු නොවෙයි. ළනොවී ඈත් නොවී මැදිහත්බවින් ගිනි තපින්නාගේ සීත දුරුවෙයි. එබැවින් පිදුරුගින්නක් මෙන් ක්‍රෝධබහුල පුද්ගලයා මැදහත්බවින් සැළකියයුත්තේය. ඇසුරු නොකළයුත්තේය. භජනය නොකළයුත්තේය. සේවනය නොකළයුත්තේය.