3. 1. 3. 7
සත්වැන්නෙහි ජිගුවජ්තබ්බො යනු අශුචියක් මෙන් පිළිකුල් කටයුතුය. අථ ඛො නං යනු ඉක්බිති මොහුගේයි. කිත්තිසදේදා යනු කථා ශබ්දයයි. එවමෙච ඛො යනු මෙහි අශුචිවලක් මෙන් දුසිල්වත්බව දැක්වියයුතුය. දුසිල් පුගුලා අශුචිවළක වැටීසිටි ගැරඬි සර්‍පයකු මෙනි. අසූචිවලෙන් උඩට ගනුලබන ඒ සර්‍පයා විසින් පුරුෂයාගේ සිරුරට නැඟීමෙන් වුවද දෂ්ට නොකරන ලදබවමෙන් දුසිල් පුඟුලකු ඇසුරු කරන්නාගේ ඒ (දුසිල්) කටයතු නොකිරීම (දැක්විය යුතුයි.) සර්‍පයා විසින් සිරුර අසුචියෙන් තවරාගිය කාලයමෙන් දුසිල් තැනැත්තෙකු ඇසුරුකරනුලබන්නාට අපකීර්තිරාවය මතුව එනකාලය දතයුතුයි.
තින්‍දුකාලාතං යනු තිඹිරි ගිනිපෙනෙල්ලයි. භීය්‍යොසොමත්තාය චිච්චිටායති යනු දැවෙනුලබන එය ප්‍රකෘතියෙන්ම පතුරු විසුරුවමින් චිටිචිටියයි හඬනඟයි. (එකට) ගැටුණු එය වැඩියක් හඬනඟයි යන අර්‍ත්‍ථයි. එවමෙව ඛො යනු මෙසේම ක්‍රොධබහුලවූ තැනැත්තා තමාගේ ස්වභාවයෙන්ම උඩඟුවූයේ සැඩපරුෂවූයේ වී හැසිරෙයි. සුළු වචනයක්වුවද කීකල්හි මාවැන්නකුට මෙසේ කියයි. මෙසේ කියතියි. වැඩිමනත් උඩඟුව සැඩ පරුෂවී හැසිරෙයි. ගුථකූපො යනු අසූචියෙන් පිරුණු වලයි. අසූචි ගොඩමය. මෙහි උපමා සැසදීම මුල්ක්‍රමයෙන්ම දතයුතුය. තස්මා එවරූපො පුග්ගලො අජ්ක්‍ධුපෙක්‍ඛිතබ්බො න සෙවිතබ්බො යනු යම් යම්හෙයකින් ක්‍රොධබහුල පුද්ගලතෙමේ බෙහෙවින් ඇසුරුකරනුලබන්නේ බෙහෙවින් එළඹෙනුලබන්නේද කියේමය. එහෙයින් පිදුරුගින්නකටමෙන් මධ්‍යස්ථවියයුතුය. ඇසුරු නොකළයුතුය. සේවනය නොකළයුතුය. කිමෙක් කියනලද්දේවෙයිද? යමෙක් පිදුරුගින්නට ඉතා සමීපව ගිනිතපියිද ඔහුගේ සිරුර දැවෙයි. යමෙක් ඉතා ඈත්ව ගිනි තපියිද ඔහුගේ සීත දුරු නොවෙයි. ළනොවී ඈත් නොවී මැදිහත්බවින් ගිනි තපින්නාගේ සීත දුරුවෙයි. එබැවින් පිදුරුගින්නක් මෙන් ක්‍රෝධබහුල පුද්ගලයා මැදහත්බවින් සැළකියයුත්තේය. ඇසුරු නොකළයුත්තේය. භජනය නොකළයුත්තේය. සේවනය නොකළයුත්තේය.
කල්‍යාණමිත්තො යනු පිරිසුදු මිත්‍රයායි. කල්‍යාණසභායො යනු යහපත් යහළුවායි. යහළුවෝ නම් එකට යන්නෝයි. සමඟ හැසිරෙන්නෝයි. කල්‍යාණසම්පවඞ්කො යනු යහපත්වූ පිරිසුදු පුද්ගලයන් කෙරෙහි නතුවන්නායි. ඊට යොමුවූ නතුවූ නැඹුරුවූ සිතැත්තේය. යන අර්‍ත්‍ථයි.
3. 1. 3. 8
අටවැන්නෙහි ගුථභාණි යනු යමෙක් අශුචියක් මෙන් දුගඳ කතාකරන්නේද (ඔහුයි.) පුපඵභාණී යනු යමෙක් මල්මෙන් සුවදැති කතා කියයිද හෙතෙමේයි. මධුභාර්‍ණ යනු යමෙක් මීපැනිමෙන් මිහිරිකතා කියයිද හෙතෙමේයි. සභග්ගතො යනු සභාවෙහි සිටියේයි. පරිසගතො ගම්පිරිසෙහි සිටියේයි. ඤාතිමජක්‍ධගතො යනු දායාද දෙන්නවුන්ගේ මැදට ගියේයි. පූගමජක්‍ධගතො යනු සමූහයන් මැද සිටියේයි. රාජකුලමජක්‍ධගතො යනු රජකුලය මැද මහා විනිශ්චයෙහි සිටියේයි. අභිනීතො යනු විමසීම සඳහා කැඳවන ලද්දේයි. සක්‍ඛිපූටේඨා යනු සාක්‍ෂ්‍යකොට විමසනලද්දේයි. එහම්භෝ පුරිසෝ යනු මෙය ආමන්ත්‍රණයයි. අත්තහෙතු වා පරහෙතු වා යනු තමාගේ හෝ අනුන්ගේ හෝ අත්පා ආදී හෙතුවෙන් හෝ ධනය හේතුවෙන් හෝයි. ආමිසකිඤචික්‍ඛ හෙතු වා යනු මෙහි ආමිෂය යන්නෙන් අල්ලස අදහස් කරනලදී. කිඤචික්‍ඛං යනු යම්කිසි සුළුවූද දෙයකි. යටත්පිරිසෙයින් වටුබිජුවටක් සමවූ ගිතෙල් පිඬක් වෙඬරු පිඬක් ආදිය පමණවූද අල්ලසක් හේතුවෙනි. සම්පජානමුසා භාසිතා හොති යනු දනිමින්ම බොරුකීම කරන්නේවෙයි.
නෙලා යනු දොසය ඵලංයි කියනුලැබේ. මොහුට ඵලා නැත්තේනුයි නෙලායි නිදොස් තැනැත්තේ යන අරුත්ය. ‘නෙලඩ්ගො සෙතපච්ඡාදො’ යනමෙහි කියනලද සීලය මෙනි. කණ්ණසුඛා යනු ශබ්ද මධුරතාවෙන් කන්වලට සුවය දෙන්නාවූයි. ඉදිකටුවකින් විදීමක් මෙන් කන්හුලක් නොදනවයි. අත්‍ථිමධුරතාවෙන් සියල් සිරුරෙහි කෝපයක් නොදනවා ප්‍රේමය දනවයිනුයි පෙමනීයා නමි. හදවතට යයි, වෙහෙසට නොපමණුවමින් සැපසේ සිතට පිවිසේනුයි හදයඞ්ගමා නමි. ගුණයෙන් පිරිපුන්බැවින් පුරයෙහි (නගරයෙහි) වීනුයි පොරී නමි. නුවරෙහි වැඩුණු කාන්තාවක මෙන් සුකොමළය යන්නෙන්ද පොරී නමි. ‘පුරස්සඵසා’ යන්නෙන්ද පොරී නම්වේ. පුරස්සඵසා යනු නගරවාසීන්ගේ කථායන අරුත්යි. නගරවැසියන්ට වනාහි ගැලපෙන කතාවෙයි. පිතෘමාත්‍රයට පියායිද මාතෘමාත්‍රයට මවයිද හාතෘ මාත්‍රයට සොහොයුරායිද කියත්. මෙබඳුවූ කතා බොහෝදෙනාට සිත් අදනාසුලුවෙයි යන්නෙන් බහුජනකන්තා නමි. සිත් අදනාසුලුබවින්ම බොහෝදෙනාට මනාපය, සිත්වඩන්නේය යන්නෙන් බහුජනමනාපා නමි.
3. 1. 3. 9
නවවැන්නෙහි චක්‍ඛු න හොති යනු නුවණැස නොවෙයි. ඵාති කරෙය්‍ය යනු පිරුණක් වැඩුනක් කරන්නේය. සාවජ්ජානවජේජ යනු සදොස් නිදොස්හිය. හීනප්පණීතෙ යනු පහත් උතුම් දෙයෙහිය. කණ්භසුක්කසප්පටිභාගෙ යනු නරක හා හොඳම ඔවුනොවුන් වළහනබැවින් ප්‍රතිපක්‍ෂ (විරුද්ධ) වශයෙන් සප්පටිභාගයයි කියනු ලැබේ. මේවනාහි මෙය කෙටිවිවරණයයි. කුශල ධර්මයන්හි කුසල්දහමයයි දන්නේය, අකුශලධර්‍මයන්හි අකුසල්යයි දන්නේය. වැරදිසහිත දෙයෙහිද එම ක්‍රමයමයි. නරක හොඳ සප්‍රතිභාගයන්හි නරක දෙය හොඳ දෙයට විරුද්ධයයි දන්නේය. හොඳ දෙය නරක දයට විරුද්ධයයි දන්නේය. (මෙලෙසින්) යම් නුවණැසකින් දන්නේද එබඳුවූ නුවණැසක් නොවේයයි මේ ක්‍රමයෙන් සෙසුවාරයන්හිද අර්‍ත්‍ථය දතයුතුය. න චෙච භොගා තථාරූපා යනු එබඳුවූ භොගයෝද මොහුට නොවෙත්.