3. 1. 3. 3
තෙවැන්නෙහි සව්‍යාපජක්‍ධං යනු දුක්සහිතවූයි. කායසඞඛාරං යනු කායද්වාරයට අදාළ චේතනා රාශියයි. අභිසංඛරොත් යනු රැස්කරයි. ගොඩවල් කරයි. පිඬු කරයි. වාග්මනොද්වාරයන්හිද මෙම ක්‍රමයමයි. සව්‍යාපජක්‍ධං ලොකං යනු දුක්සහිත ලෝකයයි. සව්‍යාපජක්‍ධා ඵස්සා ඵුස්න්ති යනු දුක්සහිත විපාකස්පර්‍ශයෝ ගැටෙති. සව්‍යාපජක්‍ධං වෙදනං වෙදීයති යනු දුක්සහිත විපාකවේදනාව විඳිනුලැබෙයි. ආබාධ සහිත ආස්වාදරහිත (දුක්‍ඛවේදනාවය) යන අර්‍ත්‍ථයි. සෙය්‍යාථාපි සත්තා නෙරයිකා යනු නිරයෙහි උපන් සත්වයෝ යම්සේ ඒකාන්ත දුක් ඇති වේදනාව විඳිත්ද එසේ විඳියි යන අර්‍ත්‍ථයි. කිම? එහි උපෙක්‍ෂා වේදනාව නැත්? ඇත. දුක්වේදනාවෙහි බලවත්බවින් ඒ උපෙක්‍ෂා වේදනාව නොසැලකියයුතු තත්වයෙහි සිටියේය. මෙසේ නිරයම නිරයට උපමාකොට ගෙනෙනලදී. එහි මෙය පටිභාග (සමාන) උපමාව නමි.
සෙය්‍යථාපි දේවා සුභකිණ්භා යනු මෙහිද දෙව්ලොව දෙව්ලොවට උපමා කොට ගෙනෙනලදී. යම්යෙහකින් වනාහි යට බ්‍රහ්මලෝකයන්හි ප්‍රීතිය සහිත ධ්‍යානවිපාකය පවතීද සුභකිණ්භ බ්‍රහ්මලෝකයන්හි ප්‍රීතිය රහිත ඒකාන්ත සුඛයමවේ. එහෙයින් ඒමා නොගෙන සුභකිණ්භ දෙවියෝම කියනලද්දාහයි මෙයද එහි ප්‍රතිභාග උපමාව නමැයි දතයුතුය.
වොකිණ්ණසුඛදුක්‍ඛං යනු මුසුවූ සැපදුක්ය. සෙය්‍යථාපි මනුස්සා යනු මිනිසුන්ට වනාහි කලෙක සැපවෙයි. කලෙක දුකවෙයි. එකචේච ච දෙවා යනු කාමාවචර දෙවියෝයි. ඔවුනටද කලෙක සැප වෙයි. කලෙක දුක වෙයි. ඒ පහත් දෙවිවරුනට මහොසාඛ්‍ය දෙවිවරුන් දැක අසුනෙන් නැඟීසිටිය යුතවෙයි. මගින් ඉවත්විය යුතුවෙයි. පොරවනලද වස්ත්‍රය ඉවත්කළ යුතුවෙයි. වැඳීම් කළයුතුවෙයි. ඒ සියල්ලම දුක් නම් වෙයි. එකචේච ච විනිපාතිකා යනු විමානප්‍රෙතයෝයි. ඔවුහුද කලක සැපත් අනුභව කරති. කලක කම්මං යනු සැපදුක් මිශ්‍රවූවාහුමවෙත්. මෙසේ මේ සූත්‍රයෙහි ලෞකික ලෝකෝත්තර මිශ්‍රකවූ තුන් සුචරිතයෝ කියනලද්දාහුයයි දතයුතුය.
3. 1. 3. 4
සිවුවැන්නෙහි තයො මෙ භික්‍ඛවෙ පුග්ගලා යනු ආචාර්‍ය්‍ය පුද්ගලයෝ තිදෙනායි. පුග්ගලස්ස බහුකාරා යනු අතවැසි පුද්ගලයාට බොහෝ උපකාර ඇත්තෝයි. බුද්ධං යනු සර්‍වඥයන් වහන්සේයි. බුද්ධං සරණං ගතො හොති යනු පිහිටකොට ගියේවෙයි. ධම්මං යනු පිටකත්‍රයි සහිත නවලෝකෝත්තර ධර්‍මයයි. සඞ්ඝං යනු අෂ්ටාර්‍ය්‍ය පුද්ගල සමූහයායි. මේ සරණාගමනයද සරණ නොගිය විරූ ඇලීම් නොකළ පුද්ගලයාගේ වශයෙන් කියනලදී. මෙසේ මේ සූත්‍රයෙහි සරණ දායකයා, සෝවාන්මඟට පැමිණෙන්නා, අරහත් මඟට පැමිණෙන්නා යන ආචාර්‍ය්‍යවරු තිදෙනා බොහෝ උපකාර ඇත්තෝයයි ආවාහුය. පැවිද්ද දෙන්නා, බුදුවදන් දෙන්නා, කම්මවාචා ආචාර්‍ය්‍යවරයා, සකෘදාගාමිමාමාර්‍ගයට පැමිණෙන්නා, අනාගාමිමඟට පැමිණෙන්නා යන මේ ආචාර්‍ය්‍යවරු නොආවාහුය. කිමෙක්ද? ඔවුහු බොහෝ උපකාරවූවෝ නොවෙනත්ද? ඔවුහුද බොහෝ උපකාර ඇත්තෝයි. මේ දෙසුම දෙයාකාරයකින් පිරිසිඳුනේවෙයි. එහෙයින් මේ සියල්ලෝම බොහෝ උපකාර ඇත්තෝයි. ඔවුන් අතුරින් සරණාගමනයේදීම නොකළ ඇලීම්ඇත්තා වටියී. සිවුපිරිසුදුසිල්, කසිණ පරිකර්‍ම, විපස්සනා ඥානයෝ පළමුමග ඇසුරු කොට ඇත්තාහු වෙත්. මත්තෙහි මාර්‍ගදෙකද ඵල දෙකද අරහත්මාර්‍ගය ඇසුරුකොට ඇත්තේයයි දතයුතුය.
ඉමිනා පුග්ගලෙන යනු මේ අතවැසි පුද්ගලයා විසිනි. න සුප්පතිකාරං වදාමි යනු ප්‍රති (උප)කාර කිරීමට පහසු නොවේයයි කියමි. අභිවාදනාදියෙහි නොයෙක් සියවරක්, නොයෙක් දහස්වරකුදු පසඟ පිහිටුවා වැටී වඳින්නේ අසුනෙන් නැඟිට පෙරගමන් කරන්නේ දුටුදුටුවිට ආඳීලි බඳින්නේ සුදුසුවූ පිළිසඳර කරන්නේ දිනපතා සිවුරු සියයක් සිවුරුදහසක් පිණ්ඩපාත සියයක් පිණ්ඩපාත දහසක් දෙන්නේ සක්වළ කෙළවරින් සියල්ල රුවන්මයවූ ආවාසයක් කරන්නේ ගිතෙල් වෙඬරු ආදී නොයෙක් ආකාර ඇති බෙහෙත් දෙන්නේ ආචාර්‍ය්‍යවරයා විසින් කරනලද උපකාරයට ප්‍රතිඋපකාර කිරීමට නම් නොහැක්කේයයි මෙසේ අඅර්‍ත්‍ථය දතයුතුය.
3. 1. 3. 5
පස්වැන්නෙහි අරුකූපමචිත්තො යනු පැරණි වණ (තුවාල) වැනි සිත් ඇත්තේයි. විජ්ජූපමචිත්තො යනු සුළකලක් බැබළීමෙන් විදුලිය වැනි සිත් ඇත්තේයි. වජිරූපමචිත්තො යනු කෙලෙසුන් මුලසුන් කිරීමෙන් සමත් බැවින් විදුරක්වැනි සිත් ඇත්තේයි. අභිසජ්ජති යනු ලැගෙයි. කුප්පති යනු කිපීම්වශයෙන් කිපෙයි. ව්‍යාපජක්‍ධති යනු ප්‍රකෘතිභාවය අතතහරියි, කුණු බවට පැමිණෙයි. පතිත්‍ථියති යනු දැඩිබවට, තදබවට පැමිණෙයි. කොපං යනු දුර්‍වල ක්‍රොධයයි. දොසං යනු දුෂ්‍යවීම් වශයෙන් ඊටවඩා බලවත්බවයි. අප්පච්චයං යනු නොසතුටු ආකාරයයි. දොම්නසයි. දුට්ඨාරුකා යනු පැරණි වණයයි. කටේඨන යනු දඬු කෙළවරිනි. කඨලෙන යනු කැබලිත්තෙනි. ආසවං දෙති යනු වරින්වර වැගිරෙයි. පැරණි තුවාලයක් තමාගේ ස්වභාවයෙන්ම සැරව, ලේ, යුෂ යන මේතුන වගුරුවයි. ගැටුනේ වනාහි ඒහා වැඩියෙන්ම වගුරුවයි.