3. 1. 3. 2
දෙවැන්නෙහි සප්පායානි යනු හිතවත්වූ, අභිවෘද්ධිකර දේයි. පතිරූපං යනු සුදුසුවූ දේයි. නොව වුට්ඨාති තම්භා ආබාධා යනු මෙයින් අසාධ්‍යවූ වාත අපස්මාරආදීහු රෝගයෙන් යුක්තවූ අවසානයටපත් ගිලනෙක් කියවෙයි. වුට්ඨාති තම්භා ආබාධා යන මෙයින් ඛිපිතක, දද, තිණපුප්ඵක, ජරා ආදී ප්‍රභේදඇති සුළුරෝගයක් කියවෙයි. ලභනේතා සප්පායානි භොජනානි නො අලභනේතා යනුවෙන් පිළිදැගුම් කිරීමෙන් යම් රෝගයක් පහසු (සුව) වේද ඒ සියලු ආබාධ කියනලදී. මෙහිද පතිරූපො උපට්ඨාකො නම් ගිලානොපස්ථායක අංගයන්ගෙන් සමන්විතවූ පණ්ඩිත, දක්‍ෂ නොකම්මැලි පුද්ගලයායි දතයුතුය. ගිලානුපට්ඨාකො අනුඤ්ඤාතො යනු භික්‍ෂුසංඝයා විසින් දියයුතුයයි අනුදන්නාලදී. ඔහු ගිලන්වූ කල්හි තමන්ගේ ස්වභාවයෙන් යැපීමට නොහැකිවිට භික්‍ෂුසංඝයා විසින් එම භික්‍ෂුවට එක් භික්‍ෂුවක්ද සාමණේරයෙක්ද ‘මොහු පිළිදැගුම් කරව’යි අවසර ගෙන දියයුත්තාහ. යම්තාක් ඔවුහු ගිලනා පිළිදැගුම් නොකරත්ද, ඒතාක් ගිලානාටද ඒ දෙදෙනාටද යමකින් ප්‍රයෝජනයක් වේද ඒ සියල්ල භික්‍ෂු සංඝයාටම භාරවෙයි.
අඤෙඤපි ගිලානා උපට්ඨාතබ්බා සෙසුගිලන් භික්‍ෂූහූ දෙදෙනාද උවටැන්කළ යුත්තාහ. කුමක් නිසාදයත්? යම් නිෂ්ටාවට පත් රෝගියෙක්වේද හෙතෙම උපස්ථාන නොකරනු ලබන්නේ, ‘ඉදින් මා පළිදැඟුම් කරන්නහු නම් මට පහසුවක් වන්නේය (මොවුහු) මා පිළිදැගුම් නොකරති’යි සිත දූෂණය කොටගෙන (ද්වේෂයක් ඇතිකොටගෙන) අපායෙහි උපදින්නේය. පිළිදැඟුම් කරනලබන්නාට වනාහි මෙසේ (අදහසක්) වෙයි. ‘භික්‍ෂු සංඝයා විසින් යමක් කළයුතුද එය කරනලදී. මගේ කර්‍මවිපාකය මෙබඳුය’යි හෙතෙම භික්‍ෂුසංඝයා කෙරෙහි මෛත්‍රිය පිහිටුවා ස්වර්‍ගයෙහි උපදියි. යමෙක් වනාහි සුළුරෝගයකින් යුක්තවූයේ වෙයිද (අපස්ථායකයෙකු) ලබන්නේද නොලබන්නේද ඔහුට බෙහෙතින් තොරවවුවද (රෝගයෙන්) නැඟී සිටින්නේමය. ලෙඩ සංසිඳුවන බෙහෙත් කළකල්හි ඉක්මණින්ම සංසිඳෙයි. එහෙයින් හෙතෙම බුද්ධවචනය ඉගෙනීමට හෝ මහණදම් කිරීමට හෝ හැකිවෙයි. මෙම කරුණින් සෙසු ගිලන් භික්‍ෂුහු දෙදෙනාද උවටැන් කළයුත්තාහයි. කියනලදී.
නෙව ඔක්කමති යනු නොපිවිසෙයි. නියාමං කුසලෙසු ධම්මේසු සම්මත්තං යනු කුහලධර්‍මයන්හි මගපිළිවෙළ නම්වූ නිවැරදි ස්වභාවයයි. මෙයින් පදපරම පුද්ගලයා (ගැන) කියනලදී. දෙවැනි වාරයෙන් උග්ඝටිතඤඤු පුද්ගලයා ගන්නාලදී. සසුනෙහි නාළක තෙරුන්වැනිවූ බුද්ධාන්තරයෙහි එක්වරක් පසේබුදුවරුන්ගේ සමීපයෙහි අවවාද ලැබ අවබෝධ කරනලද ප්‍රත්‍යෙකබොධිඥානය ඇත්තෙක්ද ගන්නාලදී. තෙවැනි වාරයෙන් විපචිතඤඤු පුද්ගලයා කියනලදී. නෙය්‍ය පුද්ගලයා වනාහි එය ඇසුරුකොට ඇත්තේමවෙයි.
ධම්මදෙසනා අනුඤ්ඤතා යනු මසකට අටවකර් දම්දෙසුම අනුමත කරනලදී. අඤෙඤසම්පි ධම්මො දෙසෙතබ්බො යනු සෙසු අයටද ධර්‍මය කිවයුතුය. කුමක් නිසාදයත්? මේ අත්බවෙහි ධර්‍මය අවබෝධ කිරීමට නොහැකිවන්නාවූ පදපරමයාටද අනාගතයෙහි ප්‍රත්‍යය වෙයි. යමෙක් වනාහි තථාගතයනවහන්සේගේ රූප දර්‍ශනයක් ලබනනේද නොලබන්නේද ධර්‍මවිනය ඇසීමට ලබන්නේද නොලබන්නේද ධර්‍මය වටහාගනියි. හෙතෙම (මේවා) නොලබන්නේවුවද වටහාගනියි. ලබන්නේවනාහි ඉක්මණින්ම අවබෝධ කරයි. යන මෙකරුණින් ඔවුනට ධර්‍මය දෙසියයුතුය. තෙවැන්නාට වනාහි යළියළිත් දෙසියයුතුය.
3. 1. 3. 3
තෙවැන්නෙහි සව්‍යාපජක්‍ධං යනු දුක්සහිතවූයි. කායසඞඛාරං යනු කායද්වාරයට අදාළ චේතනා රාශියයි. අභිසංඛරොත් යනු රැස්කරයි. ගොඩවල් කරයි. පිඬු කරයි. වාග්මනොද්වාරයන්හිද මෙම ක්‍රමයමයි. සව්‍යාපජක්‍ධං ලොකං යනු දුක්සහිත ලෝකයයි. සව්‍යාපජක්‍ධා ඵස්සා ඵුස්න්ති යනු දුක්සහිත විපාකස්පර්‍ශයෝ ගැටෙති. සව්‍යාපජක්‍ධං වෙදනං වෙදීයති යනු දුක්සහිත විපාකවේදනාව විඳිනුලැබෙයි. ආබාධ සහිත ආස්වාදරහිත (දුක්‍ඛවේදනාවය) යන අර්‍ත්‍ථයි. සෙය්‍යාථාපි සත්තා නෙරයිකා යනු නිරයෙහි උපන් සත්වයෝ යම්සේ ඒකාන්ත දුක් ඇති වේදනාව විඳිත්ද එසේ විඳියි යන අර්‍ත්‍ථයි. කිම? එහි උපෙක්‍ෂා වේදනාව නැත්? ඇත. දුක්වේදනාවෙහි බලවත්බවින් ඒ උපෙක්‍ෂා වේදනාව නොසැලකියයුතු තත්වයෙහි සිටියේය. මෙසේ නිරයම නිරයට උපමාකොට ගෙනෙනලදී. එහි මෙය පටිභාග (සමාන) උපමාව නමි.
සෙය්‍යථාපි දේවා සුභකිණ්භා යනු මෙහිද දෙව්ලොව දෙව්ලොවට උපමා කොට ගෙනෙනලදී. යම්යෙහකින් වනාහි යට බ්‍රහ්මලෝකයන්හි ප්‍රීතිය සහිත ධ්‍යානවිපාකය පවතීද සුභකිණ්භ බ්‍රහ්මලෝකයන්හි ප්‍රීතිය රහිත ඒකාන්ත සුඛයමවේ. එහෙයින් ඒමා නොගෙන සුභකිණ්භ දෙවියෝම කියනලද්දාහයි මෙයද එහි ප්‍රතිභාග උපමාව නමැයි දතයුතුය.
වොකිණ්ණසුඛදුක්‍ඛං යනු මුසුවූ සැපදුක්ය. සෙය්‍යථාපි මනුස්සා යනු මිනිසුන්ට වනාහි කලෙක සැපවෙයි. කලෙක දුකවෙයි. එකචේච ච දෙවා යනු කාමාවචර දෙවියෝයි. ඔවුනටද කලෙක සැප වෙයි. කලෙක දුක වෙයි. ඒ පහත් දෙවිවරුනට මහොසාඛ්‍ය දෙවිවරුන් දැක අසුනෙන් නැඟීසිටිය යුතවෙයි. මගින් ඉවත්විය යුතුවෙයි. පොරවනලද වස්ත්‍රය ඉවත්කළ යුතුවෙයි. වැඳීම් කළයුතුවෙයි. ඒ සියල්ලම දුක් නම් වෙයි. එකචේච ච විනිපාතිකා යනු විමානප්‍රෙතයෝයි. ඔවුහුද කලක සැපත් අනුභව කරති. කලක කම්මං යනු සැපදුක් මිශ්‍රවූවාහුමවෙත්. මෙසේ මේ සූත්‍රයෙහි ලෞකික ලෝකෝත්තර මිශ්‍රකවූ තුන් සුචරිතයෝ කියනලද්දාහුයයි දතයුතුය.