6. කොකනද සූත්‍ර වර්ණනාව
සවැන්නෙහි පුබ්බාපයමානො යනු පෙර සමාන වූ දියරහිතවූවන් කරනු ලබන්නේයි, කොත්‍ථ ආවුසො යනු ඇවැත්නි මෙහි කවරෙක්ද? යාවතා ආවුසො දිට්ඨි යනු යම්පමණ දෙසැට වැදෑරුම් වූ දෘෂ්ටි නම් ඇත්ද? යාවතා දිට්ඨිට්ඨානං යනු “ඛන්‍ධාපි දිට්ඨිට්ඨානං අවිජ්ජාපි ඵස්සොපි විතක්කොපි අයොනිසො මනසිකාරොපි පාපමිත්තොපි පරතොඝොසොපි දිට්ඨිට්ඨානං”යි මෙසේ යම්තාක් සත්වැදෑරුම් වූද, දෘෂ්ටිස්ථාන දෘෂ්ටිකාරණා නම් ඇත්ද? දිට්ඨාධිට්ඨානං යනු දැඩිව සිට බලවත්වී පැවති දෘෂ්ටියට මේ නමෙකි. දිට්ඨිපරියුට්ඨානං යනු ‘කතමානි අට්ඨාරස දිට්ඨිපරියුට්ඨානානි යා දිට්ඨි දිට්ඨිගතං දිට්ඨිගහනං දිට්ඨිකන්තාරං දිට්ඨිවිසූකං දිට්ඨිවිප්ඵන්‍දිතං දිට්ඨිසංයොජනං දිට්ඨිසල්ලං දිට්ඨිසම්බාධො දිට්ඨිපලිබොධො දිට්ඨිබන්‍ධනං දිට්ඨිපපාතො දිට්ඨානුසයො දිට්ඨිසන්තාපො දිට්ඨිපරිළාහො දිට්ඨිගබ්හො දිට්ඨූපාදානං දිට්ඨාභිනිවෙසො දිට්ඨිපරාමාසො ඉමානි අට්ඨාරස දිට්ඨිපරියුට්ඨානානි” යනුවෙන් මෙසේ කියනලද දිට්ඨිපරියුට්ඨානය (දෘෂ්ටි මතුවී ඒම) යි, සමුට්ඨානං යනු දෘෂ්ටිහේතුවටම නමකි. ස්කන්‍ධයෝ දෘෂ්ටීන් ඇසුරුකොට හටගැනීමේ අර්‍ත්‍ථයෙන් මෙය කියන ලදි යන ඒ සියල්ල විස්තර කළ යුතුය. සෝවාන් මග සියලු දෘෂ්ටීන් සහමුලින් වනසන බැවින් දිට්ඨිසමුග්ඝාත නමි. තමහං යනු ඒ සියල්ල මම දනිමි. ක්‍යාහං වක්‍ඛාමි යනු කුමන කරුණින් මම කියමිද?
7-8. ආහුනෙය්‍ය ආදි සූත්‍ර වර්ණනා
සත්වැන්නෙහි සම්මාදිට්ඨිකො යනු ඇති සැටියෙන් දකියි, අටවැන්නෙහි අධිකරණසමුප්පාදවුපසමකුසලො යන සතර අධිකරණයන්ගේ මුලෙන් මුල ගෙන සංසිඳීමෙන් හටගැනීම සංසිඳවීමෙහි දක්ෂයෙක් වෙයි.
9. උපාලි සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි දුරභිසම්හවානි යනු හටගැනීමට දුෂ්කර වූ ඉවසිය නොහැකිවූයි, අල්පෙශාක්‍යයන් විසින් බැස ගැන්මට නොහැකියි කියන ලද්දේ වෙයි. අරඤ්ඤෙ වනපත්‍ථානි යනු වනපෙත් දයි, ආරණ්‍යකාංගය ඉපදවීමෙන් අරණ්‍යයි (වනයි), ගම්කෙළවර ඉක්මවා මිනිසුන්ට සමීපස්ථාන නොවන බැවින් වනපෙත්ය. පන්තානි යනු පර්‍ය්‍යන්තයෝයි, ඉතා දුරවූයි. දුක්කරං පචිවෙකං යනු කායවිවේකය දුෂ්කරය, දුරභිරමං යනු සිත් ඇලවීමට සුකර නොවේ, එකන්තෙ යනු හුදෙකලා බවෙහියි, කුමක් දක්වයිද? කායවිවේකය කළ කල්හි ද එහි සිත ඇලවිමට දුෂ්කරය. මේ ලෝකය දෙදෙනා දෙදෙනා බැගින් සතුටුවන්නේ වෙයි. හරන්ති මඤ්ඤෙ යනු ගෙනයන්නකු මෙන් කන්නකු මෙනි. මනො යනු සිතයි. සමාධිං අලභමානස්ස යනු උපචාර සමාධිය හෝ අප්පනාසමාධිය හෝ නොලබන්නාගේයි, (මෙයින්) කුමක් දක්වයිද? මෙබඳු වු භික්ෂුවගේ සිත තණපත් මුව ආදී හඬින් ද නොයෙක් බියකරු දෙයින් ද විසිර යතියි හඟියි, සංසීදිස්සති යනු කාම විතර්‍කයන්ගෙන් ගිලා බසියි, උප්පිලවිස්සති යනු ව්‍යාපාද විහිංසා විතර්‍කයන්ගෙන් උඩට උලුප්පවන්නේය,
කණ්ණසන්‍ධොපිකං යනු කණ දෙවීමෙන් ක්‍රීඩා කළයුතුයි, පිට්ඨසන්‍ධොපිකං යනු පිට දෙවීමෙන් ක්‍රීඩාකළ යුතුයි, එහි දිය සොඬින ගෙන දෙකන්හි වත්කිරීම කණ්ණසන්‍ධොපික නමි. පිටට වත්කිරීම පිට්ඨිසන්‍ධොපික නමි. ගාධං වින්‍දති යනු පිටක් ලබයි, කො වාහං කො ච හත්‍ථිනාගො යනු මම කවරෙක්ද ඇතා කවරෙක්ද? මම ද තිරිසන්ගිය කෙනෙකි, මෙතෙමේ ද (එසේය) මගේ ද මොහුගේ ද සිවුපාය, අපි දෙදෙනාම සමසම නොවෙමුද?
වඞ්කකං යනු කුඩා දරුවන්ගේ ක්‍රීඩාව සඳහා වූ කුඩා නඟුලයි, ඝටිකං යනු දිග දණ්ඩකින් කෙටි දණ්ඩකට ගැසීමේ ක්‍රීඩාවයි, මොක්‍ඛචිකං යනු පෙරළෙන ක්‍රීඩාවකි, අහසෙහි දණ්ඩක් අල්ලාගෙන හිස බිම තබා උඩුයටි වශයෙන් පෙරළෙන ක්‍රීඩාවකැයි කියන ලද්දේ වෙයි. විඞ්ගුලකං යනු තල් කොල ආදියෙන් කළ සුළං බලයෙන් කැරකෙන චක්‍රයකි. පත්තාළ්හකං යනු කොල නැළියයි කියනු ලැබේ. ඒ සැළි ආදියෙන් මනිමින් ක්‍රීඩා කරති. රථකං යනු කුඩා රියකි, ධනුකං කුඩා දුන්නක්මය.