10. ඛීණාසවබල සූත්‍ර වර්ණනාව
දසවැන්න යටකියනලද ක්‍රමයෙන්ම දතයුතුය. සෙස්ස සියලු තැන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.
සිවුවැනි වූ ථෙරවර්ගයයි.
5. උපාලි වර්ගය
1-2. කාමභොගී ආදි සූත්‍ර වර්ණනා
පස්වැනි වර්ගයේ පළමු සූත්‍රයෙහි සාහසෙන යනු සාහසික කර්මයෙනි, දෙවැන්නෙහි භයානි යනු සිත තැති ගැනීමේ බියයි, වෙරානි අකුසල වෛරයෝයි, අරියො චස්ස ඤායො යනු විදසුන් සහිත මාර්ගයයි, ඉති ඉමස්මිං සති ඉදං හොති යනු මෙසේ මේ අවිද්‍යාදී කාරණය (හේතුව) ඇති කල්හි මේ සංස්කාර ආදි කොට ඇති ඵලය වෙයි. ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති යනු යමක් යමකට එක්ව හටගත් (සහජාත) ප්‍රත්‍යය වේද එය ඉපදීමෙන් සෙස්ස ඉපදෙයි නමි. ඉමස්මිං අසති යනු අවිද්‍යා ආදී වූ හේතුව නැති කල්හි සංකාර ආදීවූ ඵලය නොවෙයි, ඉමස්ස නිරොධා යනු හේතුව නොපැවතීමෙන් ඵලයේ නොපැවතීම වෙයි.
3. කිංදිට්ඨික සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි සණ්ඨපෙසුං යනු ඉරියව්වත් වචන පථයත් පිහිටෙව්වාහුය, අප්පසද්දවිනීතා යනු අඩු හඬකින් පමණ දැන කථාකරණ ශාස්තෲන් වහන්සේ විසින් හික්මවන ලද්දාවූයි, පරතොඝොසප්පච්චයා යනු අනුන්ගේ හෝ වචනය හේතුවෙන්, චෙතයිතා යනු කල්පනා කරනලද, මඞ්කුභූතා යනු දොම්නසට පැමිණියාහු තෙද නැත්තාවූයි, පත්තක්ඛන්ධා යනු ඇදහැළුණු සිරුර ඇත්තාවූයි, සහධම්මෙන යනු හේතුසහිතවූ කරුණු සහිත වූ වචනයෙනි.
4. වජ්ජියමාහිත සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි වජ්ජියමාහිතො යනු මෙබඳු නම් ඇත්තේයි, සබ්බං තපං යනු සියලුම දුෂ්කර ක්‍රියාවයි, සබ්බං තපස්සිං යනු තපස ඇසුරු කළ සියලු දෙයයි, ලුඛාජීවං යනු දුෂ්කරව කරන දිවිපැවැත්මෙහි යෙදුනාවූයි, ගාරය්හං යන ගැරහිය යුතුවූයි, පසංසියං යනු පැසසිය යුතුවූයි, වෙනයිකො යනු තෙමේ නොහික්මුනේ අනුන් විසින් හික්මවිය යුත්තේයි, අපඤ්ඤත්තිකො යනු කිසිවක් පැනවීමට නොහැකි වෙයි, නැතහොත් වෙනයිකො යනු සත්ත්වයන් විනාශ කරන්නායි, අපඤ්ඤත්තිකො යනු පසක් නොකළ නිවන පනවයි, සයංකත (සත්ත්වයා තෙමේ විසින්ම කරන ලදැයි යන මතය) යනාදියෙහි කිසිවක් පැනවීමට නොහැකි වෙයි. න සො භගවා වෙනයිකො යනු ඒ භාග්‍යවතුන් වහන්සේ තතු පරිද්දෙන් දැන කුසල් අකුසල් පනවමින් අනෙකකු විසින් හික්මවිය යුත්තෝ නොවෙති. ප්රත්යක්ෂයෙන්ම ධර්මයන් ගෙන පනවති. ඒවා පැනවීම නිසා සත්ත්ව විනාශකයෙක් නොවෙත්. සුවිනීත වූ මනාව හික්මුණු සත්ත්වයන් මෙහෙයවන්නෙකියි අරුත්ය. උන්වහන්සේගේ පැනවීම් ද මනාව පනවන ලද්දේමයයි දක්වයි. විමුත්තිං විමුච්චතො අකුසලා ධම්මා යනු මිථ්‍යාදෘෂ්ටි සංඛ්‍යාත වූ සිතේ හැඟීම් නැඹුරුවීමෙන් අකුසල් දහම් වැඩෙයි නමි. ඒ සඳහා කියන ලදි. සසුනෙහි වනාහි සිතේ විමුක්තිය නම් වූ විමුක්තිය කුසලයන්ටම ප්‍රත්‍යය වෙයි.
5. උත්තිය සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි තුණ්හී අහොසි යනු සත්ත්වයන් පහළ වීමෙහි සිට නොඇසියයුක්තක් අසතැයි නිශ්ශබ්ද වූයේය. සබ්බසාමුක්කංසිකං වත මෙ යනු මවිසින් සියලු ප්රශ්නයන් අතුරෙන් උතුම් ප්රශ්නය අසනලද ශ්‍රමණ ගෞතමයෝ පසකින් තබති. නොවිසඳති. බුහුටි නොවන්නෝ නොවෙත්ද, විසඳීමට නොහැකි වන්නේදැයි මෙබඳු පවිටු දෘෂ්ටියක් නොලැබිය යනුයි. තදස්ස යනු මෙසේ උපන්නා වූ දෘෂ්ටිගතයක් වන්නේය. පච්චන්තිමං යනු යම් හෙයකින් මධ්‍ය දේශයෙහි පවුරු පාදම් ආදිය ස්ථිර හෝ වේද දුබල හෝ වේද සියල්ලෙන් හෝ ඔවුනට පවුරක් වේද එහෙයින් එය නොගෙන පසල් (පිටිඝර) නුවරකැයි පැවසීය. දළ්හුද්දාපං යනු ස්ථිරප්රාකාර පාදයයි, දළ්හපාකාරතොරණං යනු ස්ථිරප්රාකාරය ද ස්ථිර දොරකණුව ද යනුයි, එකද්වාරං යනු කුමක් හෙයින් පැවසීද? බොහෝ දොරටු ඇති නුවරක බොහෝවූ නුවණැති දොරටුපල්ලන් වියයුතුය. එක් දොරටුවක එකෙක්ම ප්රමාණවත්ය. තථාගතයන් වහන්සේගේ ප්‍රඥාවට අන් සමානවූවෙක් නැත. එහෙයින් මනා නුවණැති බවට උපමාවනු සඳහා එකම දොරටුපල්ලකු දැක්වීමට එකද්වාරං”යි කීවේය. පණ්ඩිතො යනු පාණ්ඩිත්‍යයෙන් යුක්තවූයේයි, ව්යත්තො යනු වියත් බවින් යුක්තවූයේයි, මෙධාවී යනු ස්ථානොචිත ප්‍රඥා සංඛ්‍යාත නුවණින් යුක්තවූයේයි, අනුපරියායපථං යනු අනුපරියාය නම් වූ මාර්ගයයි, පාකාරසන්ධිං යනු ගඩොල් දෙකක් ඉවත්වූ තැනයි, පාකාරවිවරං යනු පවුරේ සිඳුණු තැනයි, තදෙවෙතං පඤ්හං යනු ඒ ලෝකය සදාකාලිකද යනාදී ක්‍රමයෙන් අසන ලද පසෙකින් තැබිය යුතු ප්රශ්නය නැවතද ඇසීය. සබ්බො ච තෙන ලොකො යනු සත්ත්වයන් ඇතිවීමෙහි සිට වෙනත් අයුරකින් අසතිය දක්වයි.
6. කොකනද සූත්‍ර වර්ණනාව
සවැන්නෙහි පුබ්බාපයමානො යනු පෙර සමාන වූ දියරහිතවූවන් කරනු ලබන්නේයි, කොත්ථ ආවුසො යනු ඇවැත්නි මෙහි කවරෙක්ද? යාවතා ආවුසො දිට්ඨි යනු යම්පමණ දෙසැට වැදෑරුම් වූ දෘෂ්ටි නම් ඇත්ද? යාවතා දිට්ඨිට්ඨානං යනු “ඛන්ධාපි දිට්ඨිට්ඨානං අවිජ්ජාපි ඵස්සොපි විතක්කොපි අයොනිසො මනසිකාරොපි පාපමිත්තොපි පරතොඝොසොපි දිට්ඨිට්ඨානං”යි මෙසේ යම්තාක් සත්වැදෑරුම් වූද, දෘෂ්ටිස්ථාන දෘෂ්ටිකාරණා නම් ඇත්ද? දිට්ඨාධිට්ඨානං යනු දැඩිව සිට බලවත්වී පැවති දෘෂ්ටියට මේ නමෙකි. දිට්ඨිපරියුට්ඨානං යනු ‘කතමානි අට්ඨාරස දිට්ඨිපරියුට්ඨානානි යා දිට්ඨි දිට්ඨිගතං දිට්ඨිගහනං දිට්ඨිකන්තාරං දිට්ඨිවිසූකං දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසංයොජනං දිට්ඨිසල්ලං දිට්ඨිසම්බාධො දිට්ඨිපලිබොධො දිට්ඨිබන්ධනං දිට්ඨිපපාතො දිට්ඨානුසයො දිට්ඨිසන්තාපො දිට්ඨිපරිළාහො දිට්ඨිගබ්හො දිට්ඨූපාදානං දිට්ඨාභිනිවෙසො දිට්ඨිපරාමාසො ඉමානි අට්ඨාරස දිට්ඨිපරියුට්ඨානානි” යනුවෙන් මෙසේ කියනලද දිට්ඨිපරියුට්ඨානය (දෘෂ්ටි මතුවී ඒම) යි, සමුට්ඨානං යනු දෘෂ්ටිහේතුවටම නමකි. ස්කන්ධයෝ දෘෂ්ටීන් ඇසුරුකොට හටගැනීමේ අර්ත්ථයෙන් මෙය කියන ලදි යන ඒ සියල්ල විස්තර කළ යුතුය. සෝවාන් මග සියලු දෘෂ්ටීන් සහමුලින් වනසන බැවින් දිට්ඨිසමුග්ඝාත නමි. තමහං යනු ඒ සියල්ල මම දනිමි. ක්යාහං වක්ඛාමි යනු කුමන කරුණින් මම කියමිද?