4. ථෙර වර්ගය
1-3. බාහුන ආදි සූත්ර වර්ණනා
සිවුවැනි වර්ගයේ පළමු සූත්රයෙහි විමරියාදිකතෙන යනු කෙලෙස් සීමාව බිඳ සීමාව නැති කිරීමෙනි, දෙවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය. තෙවැන්නෙහි නො ච පයිරුපාසිතා යනු නොඑළඹෙයි,
4. බ්යාකරණ සූත්ර වර්ණනාව
සිවුවැන්නෙහි ඣායී සමාපත්තිකුසලො යනු ධ්යානයන්ගෙන් යුක්තවූයේ සමවත්හි දක්ෂවූයේ ද වෙයි. ඉරීණං යනු හිස්බවයි, විපිනං යනු ගුණයෙන් තොර වූ ගුණ නැති බවයි. නැතහොත් ඉරීණ සංඛ්යාත වූ අරණට විපින සංඛ්යාත වූ මහා ගහනයට පැමිණියෙකු මෙන් වෙයි, අනයං යන අවැඩයි, ව්යසනං යනු විනාශයයි, අනයව්යසනං යනු ඇවැඩ හා විනාශයයි. කින්නුඛො යනු කවර කරුණකින්?
5. කත්ථී සූත්ර වර්ණනාව
පස්වැන්නෙහි කත්ථි හොති විකත්ථි යනු කියවන සුලු වූයේ නිවන (ගැන) කියයි, න සන්තතකාරි යනු තහවුරුව නොකරන්නේයි.
6. අධිමාන සූත්ර වර්ණනාව
[missing trans]
7. අධිකරණික සූත්ර වර්ණනාව
සත්වැන්නෙහි අධිකරණිකො හොති යනු අධිකරණය කරන්නෙක් වෙයි, න පියත්තාය යනු ප්රියභාවය සඳහා නොවේ. න ගරුත්තාය යනු ගරුභාවය සඳහා නොවේ, න සාමඤ්ඤාය යනු මහණදම්බව සඳහා නොවේ, න එකීභාවාය යනු නිරතුරුබව සඳහා නොවේ, ධම්මානං න නිසාමකජාතියො යනු නවලොවුතුරු දහමට කන්නොදෙන සුලුබවයි, නොසැලකිලිමත් ස්වභාවයයි, න පටිසල්ලාණො යනු හුදෙකලාවූයේ නොවේ, සාඨෙය්යානි යනු වංචනිකභාවයයි, කුටෙය්යානි යනු කූට භාවයයි, ජිම්හෙය්යානි සෘජු නොවන බවයි, වඞ්කෙය්යානි වඞ්කභාවයයි.
8. අක්කොසක සූත්ර වර්ණනාව
අටවැන්නෙහි අක්කොසකපරිභාසකො අරියූපවාදී සබ්රහ්මචාරීනං යන මෙහි ‘සබ්රහ්මචාරී’ පදය අක්කොසක පරිභාසක පදයන් සමඟ යෙදිය යුතුය. අක්කොසකො සබ්රහ්මචාරීනං පරිභාසකො සබ්රහ්මචාරීනං යනුවෙනි. ආර්ය්යයන්ගේ ගුණය නසන්නෙමැයි පරිජි ඇවැතකින් උපවාද නඟන්නා අරියූපවාදී නම් වෙයි. සද්ධම්මස්ස න වොදානයන්ති යනු ශික්ෂාත්රය සංඛ්යාත වූ ශාසන ධර්මයෝ මොහුගේ පවිත්රත්වයට නොයති. රොගොතඞ්කං යනු මෙහි රෝගයම දුෂ්කර ජීවිතයක් ඇතිකරවන බැවින් ආතඞ්කයි දතයුතුය.
9. කොකාලික සූත්ර වර්ණනාව
නවවැන්නෙහි කොකාලිකො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි යනු මේ කෝකාලික කවරෙක්ද? කුමක් හෙයින් එළැඹියේද? කොකාලික රටෙහි කොකාලික නගරයෙහි කොකාලික සිටුගේ පුත්වූ මෙතෙම පැවිදිව පියා විසින් කරවන ලද වෙහෙරෙහි චූලකොකාලික නමින් වෙසෙයි. දේවදත්ත පාක්ෂිකයෙක් නොවේ. හෙතෙම මහා කොකාලික නම් වූ බමුණු පුතෙකි. භාග්යවතුන් වහන්සේ සැවතෙහි වසන කල්හි අගසවු දෙනම පන්සියයක් පමණ හික්ෂූන් සමග දනවු සැරිසරන්නාහු එළැඹෙන වස් විසීම සඳහා විවේක විසීමෙන් වෙසෙනු කැමැත්තෝ ඒ (පිරිවර) භික්ෂූන් පිටත් කොට යවා තමන්ගේ පාසිවුරු ගෙන දනව්වෙහි ඒ නුවරට පැමිණ විහාරයට ගියාහුය. එහිදී ඔවුනට කොකාලික තෙමේ වත් සැපයීය. උන්වහන්සේලා ද ඔහු සමඟ සතුටු වී “ඇවැත්නි අපි මෙහි තෙමසක් වෙසෙන්නෙමු. අප ගැන කිසිවකුට නොදන්වන්නැයි පිළිණ ගෙන විසුවාහුය. වැස පවාරණ දිනයෙහි පවරා ඇවැත්නි, අපි යමුයි කොකාලිකට දැක්වූහ. කොකාලික තෙමේ ඇවැත්නි, අද එකදවසක් වැස හෙට වඩිනු මැනවැයි කියා දෙවැනි දිනයෙහි නුවරට පිවිස මිනිසුන්ට ඇවැත්නි, අගසව් දෙනම මෙහි පැමිණ වසනවිට නොදන්නහුය. කිසිවෙක් උන්වහන්සේලා ප්රත්යයෙන් ආරාධනය නොකරයි පැවසීය. “ස්වාමීනි තෙරවරු කොහිද? කුමක් හෙයින් අපට නොදැන්වුවහුදැ”යි මිනිස්සු ඇසූහ. “ඇවැත්නි, දැන්වීමෙන් කවර වැඩෙක්ද? භික්ෂූන් දෙනමක් ථෙරාසනයෙහි හිඳින විට ඔවුහු අගසව්වෝයි නොදක්නහුද?” ඒ මිනිස්සු වහා රැස්ව ගිතෙල් පැනි ආදිය මෙන්ම සිවුරු පිළි ද රැස්කළාහුය.