ජීවක කොමාරභච්ච
නවවැන්නෙහි පුග්ගලප්පසන්නානං යන්නේන් පෞද්ගලික ප්රසාදයෙන් යුක්තවූ උපාසකවරුන් අතුරින් ජීවක කොමාරකභවච්තෙමේ අග්රයයි දැක්වෙයි. හෙතෙමේත් පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නේ ශාස්තෘන්වහන්සේගේ ධර්මකථාව අසමින් එක් උවසුවකු පෞද්ගලික ප්රසාදයෙන් යුක්තවූවන් අතුරින් අගතනතුරෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒතනතුර පැතුවේය. හෙතෙම කල්පලක්ෂයක් දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරන්නේ මේ බුද්ධොත්පාදයෙහි රජගහනුවර අභයරාජ කුමරු නිසා සාලවතී නම් රූපයෙන් ජීවත්වන්නිය (වෙසඟන) කගේ කුසෙහි උපන්නේය. වෙසඟනෝ නම් (දරුවෙකු) වැදූ කල්හි ඉදින් පුතෙක් වේ නම් ඉවත දමත්, ඉදින් දියණියක් නම් පෝෂණය කරති. මෙසේ ඕතොමෝ ඒ දරුවා පොළන කුල්ලකින් (ගෙනගොස්) කසළගොඩෙහි දැම්මෙව්වාය. ඉක්බිති අභයරාජකුමාර තෙමේ රාජොපස්ථානය සඳහා යන්නේ ඒ දරුවා දැක ‘යහළුවනි, කවුඩන්විසින් වටකර ගන්නාලද මේ කිමෙක්දැයි මිනිසුන් යවා ‘දරුවෙක් දේවයිනි’ යහළුවනි, ජීවත්වේද? ‘දේවයිනි ජීවත්වේ’ යයි අසා තමන්ගේ අන්තඃපුරයට යැව්වේය. ජීවත්වේ (යන අරුතින්) ඔහුට ජීවකයයි නම් කළාහුය. කුමරුවිසින් පෝෂණය කරන ලද්දේයි කොමාරභවච්යිද නම් කළාහුය.
හෙතෙම තමන්ගේ සොළොස්වියැති කාලයෙහි තක්සලාවට ගොස් වෛද්යශිල්පය උගෙන බිමිබිසාර රජු සමීපයෙන් සත්කාර ලබා චණ්ඩප්රද්යොත රජුගේ රෝගය සුව කළේය. ඒ රජතෙමේ ඔහුට සහල්ගැල් පන්සියයක්ද කහවණු සොළොස් දහසක්ද වස්ත්ර රූපදහසක් පිරිවර කොට ඇති අනගි සීවෙය්යක වස්ත්ර යුගලයක්ද යැව්වේය. එසමයෙහි ශාස්තෘන්වහන්සේ රජගහනුවර ඇසුරුකොට ගිජුකුළු පව්වෙහි වාසය කරනසේක. ජීවක තෙමේ ශාස්තෘන්වහන්සේගේ ශරීරය උත්සන්නධාතුකවූ කල්හි විරෙචනයක් දී බෙහෙත් කරන්නේ සිවුපසය මා අයත් වූවක්ම වේවායි ශාස්තෘන්වහන්සේ තම වාහාරයෙහි වැඩහිඳුවා උන්වහන්සේට බෙහෙත් කොට ඒ වස්ත්ර යුගලය එළවා ‘ස්වාමීනි, මෙය ඔබවහන්සේම පරිභොග කරනු මැනවැ’යි පවසා එය සමඟ ලද වස්ත්ර රූප දහස භික්ෂුසංඝයාට දුන්නේය. මේ මෙහි සංක්ෂේපයයි. ජීවක කථාවස්තුව විස්තර වශයෙන් බන්ධකයෙහි ආයේමය. හාස්තෘන්වහන්සේ පසුකාලයෙහි දෙව්රම්හි වාසය කරනසේක් ජීවකකොමාරභච්ච පෞද්ගලික ප්රසාදය ඇත්තවුන් අතුරින් අගතැන්හි තැබූසේක.
නකුලපිතා
දසවැන්නෙහි විස්සාසිකානං යන්නෙන් විශ්වාසීකථා කියන්නවුන් අතුරෙන් නකුලපිතා ගෘහපති තෙමේ අග්රයයි දැක්වෙයි. හෙතෙම වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නේ ශාස්තෘන්වහන්සේගේ ධර්මදේශනය අසමින් එක් උවසුවකු විශ්වාසවන්තයන් අතුරෙනි අගතන්හි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතීය. හෙතෙම කල්ප ලක්ෂයක් දෙවිමිනිසුන් අතුරෙහි සරිසරා මේ බුද්ධොත්පාදයෙහි භග්ගරටෙහි සුංසුමාරගිර නගරයෙහි සිටු කුලයෙහි උපන්නේය. ශාස්තෘන්වහන්සේද බික්සඟන විසින් පිරිවරනලද සේක් චාරිකාවෙහි හැසිරෙමින් ඒ නගරයට පැමිණ හෙසකලා වනයෙහි වසනසේක. ඉක්බිති මේ නකුලපිතා ගෘහපතිතෙමේ සුංසුමාරගිර වැසියන් සමඟ ශාස්තෘන්වහන්සේ වෙත ගොස් පළමු දැකීමෙන්ම හෙතෙමේත් ඔහුගේ බිරියන් භාග්යවතුවහන්සේ තමන්ගේ පුතායයි හැඟීම් උපදවා දෙදෙනාම භාග්යවතුන්වහන්සේගේ පාලඟ වැටී දරුව නුඹ මෙතෙක් කල් අප අතහලේ කොහි හැසුරුනෙහිදැයි ඇසුවාහුය. මේ නකුල පිතා ගෘහපති තෙමේ පෙර ජාති පන්සියයක භාග්යවතුන්වහන්සේට පියා වූයේය. ජාතිපන්සියයක සුළුපියාද ජාතිපන්සියයක මහපියාණන්ද ජාතිපන්සියයක මාමාද වූයේය. නකුල මාතාවද ජාතිපන්සියයක මවවූවාය. ජාති පන්සියයක සුළුමවද ජාතිපන්සියයක මහම්මාද ජාතිපන්සියයක නැන්දනියද වූවාය. මෙසේ දිගුකලක් අනුව පැමිණි සෙනෙහෙ ඇති බැවින් භාග්යවතුන්වහන්සේ දැක පුතායයි හැඟීම් ඇතිකොට (සිහියෙහි) පිහිටන්නට නොහැකිවූවාහුය. ශාස්තෘන්වහන්සේ ඔවුන්ගේ සිත අවබෝධයට පැමිණෙන තුරු ඉවත්වන්නැයි නොවදාළහ. ඉක්බිති මනසින්ම සිහි ලැබ මධ්යස්ථවූ ඔවුන්ගේ සිතේ ආකාරය දැන දහම් දෙසූසේක. දෙසුම කෙළවර දෙදෙනාම සෝවාන් පෙලෙහි පිහිටියාහුය.
ශාස්තෘන්වහන්සේ මෑතකාලයෙහි ඔවුන්ගේ මහළුකල යළි ඒ නුවරට වැඩිසේක. ඔවුහු ශාස්තෘන්වහන්සේ වැඩිසේකැයි අසා උන්වහන්සේ වෙතට ගොස් පසඟ පිහිටුවීමෙන් වැඳ හෙට (පිණ්ඩපාතය) සඳහා නිමන්ත්රණයකොට දෙවැනි දිනයෙහි තම නිවසෙහි බුදුපාමොක් බික් සඟන නොයෙක් අග්රරසයන්ගෙන් වළඳවා කරනලද බත්කිස ඇති ශාස්තෘන්වහන්සේ වෙත එළඹ එකත්පසෙක හුන්නාහුය. එකත් පසෙක හුන්නාවූ නකුල පිතා ගෘහපති තෙමේ භාග්යවතුන්වහන්සේට මෙසේ කීවේය: ‘ස්වාමීනි, යම්හෙයකින් ඉතා තරුණවියෙහිවූ මාවිසින් ඉතා තරුණවූ නකුලමාතා ගැහැවිණිය ගෙනෙන ලද්දීය. නකුලමාතා ගැහැවිණිය මනසිනුදු ඉක්මවා හැසිරුනෙමියි නොදනිමි. කයින් වනාහා කෙසේ වේද? ස්වාමීනි, අපි මෙලොවදී ඔවුනොවුන් දැකීමට මෙන්ම පරලොවදී ඔවුනොවුන් දැකීමටද කැමැත්තෙමු. නකුලමාතා ගැහැවිණියද තථාගතයන්වහන්සේට මෙසේ කීවාය: ‘ස්වාමීනි, යම් හෙයකින් ඉතා තරුණුවූ නකුලපිතා ගැහැවියාට ඉතා තරුණවූ මම ගෙනෙන ලද්දීවෙම්ද නකුලපිතා ගැහහැවියා මනසින්ද ඉක්මවා හැසුරුනෙමැයි නොදනිමි. කෙසේනම් කයින් වේද? අපි ස්වාමීනි, මෙලොව ඔවුනොවුන් දැකීමටද පරලොවදී ඔවුනොවුන් දැකීමටද කැමැත්තෙමු’ ඉක්බිති ශාස්තෘන්වහන්සේ පසුකාලයෙහි දෙව්රම්හි වැඩහිඳ උවසුවන් පළිවෙළින් තනතුරුවල තබනසේක් මේ දෙදෙනාගේම කථාව අර්ත්ථොත්පත්ති කොට මේ නකුලපිතා ගැහැවි විශ්වාස ඇත්තවුන් අතුරින් අගතැන්හි තැබූසේක.