භද්දා කුණ්ඩලකේසී තෙරණිය
නවවැන්නෙහි ඛිප්පාභිඤ්ඤාණං යන්නෙන් වහා වැටහෙන අභිඥා ඇති භික්ෂුණීන් අතුරෙන් භද්දා කුණ්ඩලකේසා තෙරණිය අග්රයයි දැක්වෙයි. මෝතොමෝත් පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නී ශාස්තෘන්වහන්සේගේ ධර්මකථාව අසා එක් භික්ෂුණියක වහා වැටහෙන අභිඥා ඇති භික්ෂුණීන් අතුරෙන් භද්දා කුණ්ඩලකේසා තෙරණිය අග්රයයි දැක්වෙයි. මෝතොමොත් පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නී ශාස්තෘන්වහන්සේගේ ධර්මකථාව අසා එක් භික්ෂුණියක වහා වැටහෙන අභිඥා ඇති භික්ෂුණීන් අතුරෙන් අගතන්හි තබන්නාවූ ශාස්තාන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවාය. ඒ තොමෝ කල්ප ලක්ෂයක් දෙවිමිනිසුන් අතර සැරිසරා කාශ්යප බුදුරජාණන්වහන්සේගේ කාලයෙහි කිකී කාසි රජුගේ ගෙහි සොහොයුරියන් සත්දෙනාට ඇතුළත්ව අවුරුදු විසිදහසක් දසසිලු සමාදන්වී කුමරි බඹසරෙහි හැසිරෙන්නී සංඝයාට විසීමට පිරිවෙණක් කරවා එක් බුද්ධාන්තරයක් දෙවිමිනිසුන් අතර සැරිසරා මේ බුද්ධෝත්පාදයෙහි රජගහ නුවර සිටු කුලයක පිළිසිඳ ගත්තාය. ඇයට ‘භද්දා’යි නම් කළාහුය.
එදිනයෙහිම එනුවර පුරෝහිත පුත්රයෙක්ද උපන්නේය. ඔහු උපන් වේලාවෙහි රජගෙදර ආදිකොට ඇති සියලු නගරයෙහි අවි දිළිසුනේය පුරෝහිත තෙමේ උදෑසනින්ම රජමාලිගයට ගොස් රජුගේ සුවින්ද විමසීය. රජතෙමේ, ‘ආචාර්ය්යය, සුවනින්දක් කොයින්ද? අද සියලු රැය රජ නිවහනෙහි දිලිසෙන ආවුධ දැක බියට පත් වූවාහු වෙමුයි කීවේය. මහරජතුමනි, එය හේතුකොටගෙන නොසිතනු මැනවි. නුඹවහන්සේගේ ගෙහි පමණක් ආවුධ නොදිලිසුණේය. සියලු නුවරෙහිම එසේ වීය’යි පුරෝහිතතෙමේ කීවේය. ‘ආචාර්ය්යයෙනි, කුමක් හෙයින්ද?’ ‘අපගේ ගෙදර සොර නැකතින් දරුවෙක් උපන්නේය. හෙතෙම සියලු නුවරට සතුරෙක්වී උපන්නේය. මෙය එයට පෙරනිමිත්තකි. නුඹවහන්සේට උවදුරක් නැත. ඉදින් ඔබවහන්සේ කැමැත්තහු නම් ඔහු භාර කරමු.’ ‘අපට පීඩාවක් නොමැති කල්හි ගෙන ඒමෙන් වැඩක් නැතැයි රජතුමා කීවේය. පුරෝහිත තෙමේ මගේ පුතා තම නම රැගෙන පැමිණියේයයි ඔහුට සත්තුකයයි නමක් කළේය. සිටුගෙහි භද්දා වැඩෙන්නීය. පුරෝහතිගෙහි සත්තුක වැඩෙයි. හෙතෙම තමන්ගේ දුව පැන ඇවිදිමින් ලෙස්සම් කිරීමට හැකි කල පටන් තමන් හැසිරෙන තන්හි යමක් දකීද? ඒ සියල්ල ගෙනවුත් මවුපියන්ගේ ගෙය පුරවයි. පියා ඔහුට කරුණු දහසක් කියාද වළක්වන්නට නොහැකි වූයේය.
මෑතකාලයෙහි වියපත් ඔහුව සියලු ආකාරයෙන්ම වැළැක්වීමට නොහැකි වන බව දැන නිල් සළු දෙකක් හන්දවා ගෙවල් බිඳින උපකරණද සිඞ්ඝාටක යන්ත්රයක්ද අතටදී ඔබ මේ වැඩෙන්ම ජීවත්වෙව’යි (පවසා) ඔහු මුදා හැරියේය. හෙතෙම එදින පටන් සිඞ්ඝාටක යන්ත්රය දමා ගසා (එමගින්) කුලගෙවලට නැග බිත්ති සිඳ වෙනත් කුලයන්හි බහා තැබූ බඩු තමා විසින් තබන ලද්දක් මෙන් ගෙනයයි. සියලු නුවරෙහි ඔහු විසින් සොරකම් නොකරනලද ගෙයක් නම් නොවීය. එක් දිනක් රජතුමා රියෙන් නුවර හැසිරෙන්නේ රියදුරාගෙන්, ‘මේ නුවරෙහි ඒ ඒ ගෙහි සිදුරක්ම පෙනෙන්නේ කිමෙක්දැ’යි ඇසුවේය. දේවයන්වහන්ස, මේ නගරයෙහි සත්තුක නම් සොරෙක් බිත්ති බිඳ කුලයන්ට අයත් දේ ගෙනයන්නේ’යයි (රියදුරා) කීවේය. රජතෙමේ නගරාරක්ෂකයා කැඳවා මේ නුවරෙහි මෙබඳු වූ සොරෙක් වෙයි. කුමක්හෙයින් ඔහු අල්ලා නොගත්තේහිදැයි ඇසුවේය. ‘දේවහන්වහන්ස, අපි සොරබඩු සහිතවූ මේසොරු දක්නට නොහැක්කෙමු’යි හෙතෙම කීය. අද ඒ සොරු අලවා ගන්නෙහි නම් ජීවත් වන්නෙහි, ඉදින් අල්ලා නොගන්නෙහි නම් ඔබට රාජඥාව කරන්නෙමි’යි රජතෙමේ කීවේය. එසේය, දේවයන්වහන්සැයි නගරාරක්ෂක තෙමේ මුළු නගරයෙහි මිනිසුන් හසුරුවා ඒ භික්ති බිඳ අනුන්ගේ බඩු පැහැර ගන්නාහු බඩුසහිතවුයේම අල්ලාගෙන රජුට දැක්වූයේය. රජතෙමේ මේ සොරු දකුණු දොරටුවෙන් පිට කොට නසව’යි පැවසීය. නගරාරක්ෂක තෙමේ රජුට පොරොන්දුවී ඒ සොරුට සිවුවර බැගින්වූ පහර දහසකින් තලා අල්වාගෙන දකුණු දොරටුවට යයි.
එකල්හි මේ භද්දා සිටුදියණිය මහජනයාගේ කෝලාහල ශබ්දයෙන් සිවුමැඳුරුකවුළුව හරවා බලන්නී සත්තුක සොරු එසේ ගෙනයනු ලබනු දැක දෙඅතින් ළෙහි හොවා ගෙන ගොස් සිරියහනෙහි යටිකරුව වැදහොත්තාය. ඒතොමෝත් ඒ කුලයට එකම දුවයි. එබැවින් ඇයගේ ඥාතීහු සුළුවූද මුඛවිකාරයක් උසුලන්නට නොහැක්කාහ. ඉක්බිති යහනෙහි හොත් ඇය දැක දරුව කුමක් කරහිදැයි ඇසූහ. මේ නැසිය යුත්තකු කොට ගෙනයනුලබන සොරු දැක්කහුද’යි ඇසුවාය. එසේය දරුව දටුවෙමුයි ඔවුහු කීහ. ඔහු ලබන මම ජීවත්වන්නෙමි. නොලබන්නාහු මගේ මරණයම වේයයි ඒ කීවාය. ඔවුහු ඇයට නොයෙක් අයුරින්ද හඟවන්නට නොහැක්කාහු මරණයට වඩා ජීවිතය යෙහෙකැයි සිතුවාහුය. ඉක්බිති ඇයගේ පියා නගරාරක්ෂකයා වෙතට ගොස් දහසක අල්ලසක්දී මගේ දුව සොරු කෙරෙහි පිළිබඳ සිතැත්තීය. යම්කිසි උපායකින් මොහු මුදවයි කීය. හෙතෙම මැනවැයි සිටාණන්ට පිළිණදී සොරුගෙන හිරු අවරට යනතුරු ඔබිමොබ ලතවී හිරු අවරට යනකල්හි සිරගෙයින් එක් මිනිසකු ගෙන්වා ගෙන සත්තුකගේ බැඳුම් ලිහා ඔහු සිටු ගෙදරට යවා ඒ බැඳුමෙන් අනෙකා බැඳ දකුණු දොරටුවෙන් ගෙන ගොස් නැසුවේය. සිදුදාසයෝද සත්තුක රැගෙන සිටු නිවසට ගියාහුය. ඔහු දැක සිටු තෙමේ දියණියගේ සිත සතුටු කරන්නෙමැයි සත්තුකව සුවඳ දියෙන් නහවා සියලු අබරණින් සැරසුනකු කොට පහයට යැව්වේය. භද්දාතොමෝ මගේ අදහස සපිරිණැයි අතිරේකවූ අලංකරණයන්ගෙන් සරසී ඔහුට සේවය කරමින් හැසිරෙයි.