භද්දාකච්චානා තෙරණිය
එකොළොස්වැන්නෙහි මහාභිඤ්ඤාප්පත්තානං යන්නෙන් මහත් අභිඥාවන්ට පත්වූ භික්ෂුණීන් අතුරින් බද්දාකච්චානා අග්රයයි දැක්වෙයි. එක් බුදුවරයෙකුට සතර දෙනෙක් පමණක්ම මහා අභිඥා ඇත්තෝ වෙත්. ඉතිරි ශ්රාවකයෝ එසේ නොවෙත්, අවශේෂ ශ්රාවකයෝ වනාහි කල්පලක්ෂයක්ම සිහිකිරීමට හැක්කෝ වෙත්. එයින් මත්තෙහි නොවෙත්. මහා අභිඥාප්රාප්ත ශ්රාවකයෝ වනාහි කල්පලක්ෂයක් අධික කොට ඇති අසංක්යයක් සිහිකරති. අපගේ ශාස්තෘ ශාසනයෙහිද අගසව් දෙනම බක්කුල තෙරුන්වහන්සේ භද්දාකච්චානා තෙරණිය යන සතරදෙනා එපමණක් සිහි කිරීමට සමත් වූවාහුය. එබැවින් මෙම තෙරණිය මහා අභිඥාප්රාප්ත භික්ෂුණීන් අතුරින් අගුනම් වූහ. භද්දාකච්චානා යනු ඇයගේ නමයි. මනොඥ කාංචනයක මෙන්ද උතුම් ස්වර්ණයක මෙන්ද ඇයගේ ශරීරවර්ණය විය. ඕතොමෝ එබැවින් භද්දාකංචනායි නමක් ලැබුවාය. ඕතොමෝ පසුව කච්චානායි පළට වූවාය. මේ රාහුලමාතාවට පර්ය්යාය නාමයකි.
ඕ තොමෝ වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක පිළිසිඳගෙන පසුකලෙක ශාස්තෘන්වහන්සේගේ ධර්මකථාව අසා එක්භික්ෂුණියක මහා අභිඥාප්රාප්ත භික්ෂුණීන් අතුරින් අග්රස්ථානයෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවාය. ඕ කල්ප ලක්ෂයක් දෙව්මිනිසුන් අතුරෙහි සැරිසරා මේ බුද්ධෝත්පාදයෙහි සුප්පබුද්ධ ශාක්යයාගේ නිවසෙහි පිළිසිඳ ගත්තාය. භද්දාකච්චානායි ඇයට නම් කළාහුය.
ඕ වියපත් වූවා බෝසතුන්ගේ නිවසට ගියාය. පසුකලෙක රාහුලකුමරු නම් පුතකු වැදුවාය. ඔහු උපන් දිනයේම බෝසත්තෙමේ නික්ම ගොස් බෝමැඬෙහි සර්වඥතාවට පත්ව ලෝකානුග්රහය කරන්නේ අනුපිළිවෙළින් කිඹුල්වතට පැමිණ ඥාතීන්ට සංග්රහ කළේය. පසුකලෙක සුදොවුන් මහරජු පිරිනිවන් පෑකල්හි මහාප්රජාපතී ගෝතමිය පන්සියයක් මාගමුන් සමඟ පැවිදි වූවාය. රහල්මවද ජනපදකල්යාණියද (මහාප්රජාපතී) තෙරණිය වෙතට ගොස් පැවිදිවූහ. ඕ පැවිදිවූ කාලයෙහි පටන් භද්දකච්චානතෙරෙණියයි ප්රසිද්ධ වූවාය. මෑතකාලයෙහි විදසුන් වඩා රහත් බවට පත්වූවා අභිඥාවන්හි පුරුදුකරන ලද වසඟබව ඇත්තී වූවාය. එක් පළඟක වැඩහුන්නා එක් සිහිකිරීමකින් කල්පලක්ෂයක් අධික කොට ඇති අසංඛ්යයක් සිහි කරන්නීය. ඇයගේ එම ගුණය ප්රකට වූ කල්හි ශාස්තෘන්වහන්සේ දෙව්රමෙහි වැඩ හිඳ භික්ෂුණීන් පිළිවෙළින් තනතුරුවල පිහිටුවමින් මේ තෙරණිය මහාඅභිඥාප්රාප්ත භික්ෂුණීන් අතුරින් අගතනතුරෙහි තැබූසේක.
කිසාගොතමී තෙරණිය
දොළොස්වැන්නෙහි ලූඛචීවරධරානං යන්නෙන් තුන්රළු බවකින් යුත් පාංශුකූල දරන්නාවූ භික්ෂුණීන් අතුරෙන් කිසාගොතමී අග්රවන්නීයයි දැක්වෙයි. ගොතමී යනු ඇයගේ නමයි. මඳක් වැහැරුණු ස්වභාව ඇති බැවින් කිසාගොතමියි කියනුලැබේ. මෝතොමෝත් පියුමුතුරා බුදුන් කල හංසවතියෙහි කුලගෙයක උපන්නී ශාස්තෘන්වහන්සේගේ ධර්මදේශනය අසමින් එක්භක්ෂුණියක රළු සිවුරුදරන භික්ෂුණීන් අතුරෙන් අග්රස්ථානයෙහි තබන ශාස්තෘන්වහන්සේ දැක පින්දහම්කොට ඒ තනතුර පැතුවාය. ඕ කල්ප ලක්ෂයක් දෙව්මිනිසුන් අතර සැරිසරා මේ බුද්ධොත්පාදයෙහි සැවැත්නුවර දිළිඳුකුලයක උපන්නී වියපත් කල්හි එක් කුලයකට ගියාය. එහිදී ඇයට දිළිඳුකුලයක උපන්නී වියපත් කල්හි එක් කුලයකට ගියාය. එහිදී ඇයට දිළිඳුකුලයක දුවකැයි නින්දා කළාහුය.
මීතොමෝ මෑත කාලයෙහි පුතකු වැදුවාය. ඉක්බිති ඇයට ගෞරව කළාහුය. ඒ දරුවා වනාහි දුවපැන කෙළින වියෙහි සිටියේ කළුරිය කළේය. ඇයට දුකක් උපන්නේය. ඕතොමෝ, ‘මම මේ ගෙදරදීම පිරිහුණු ලාභසත්කාර ඇත්තියකවී පුතු උපන් කල්හි පටන් සත්කාරයට පැමිණියෙමි. මොවුහු මේ මගේ පුතු පිටත දැමීමටද උත්සාහ කරන්නහුය’යි පුතු ඇකයෙන් ගෙන මගේ පුතුට පිටත දැමීමටද උත්සාහ කරන්නහුය’යි පුතු ඇකයෙන් ගෙන මගේ පුතුට බෙහෙතක් දෙන්නැයි ගෙදොරෙහි පිළිවෙළින් හැසිරෙයි. දුටු දුටු තන්හි මිනිස්සු මියගිය ඔහුට කොහි බෙහෙත් දුටුවිරූදැයි අතින් ගසා නින්දා කරත්. ඒ තොමෝ ඔවුන්ගේ කථාව නොසලකමින් යයි. ඉකිබිති කිසියම් නුවණැති මිනිසෙක් ඇය දැක මෝ පුතුසොවින් සිත්වියවුලට පත්වූවාවන්නීයයි මැයට වනාහි බොහෙත් අනිකෙක් නොදනියි. බුදුරජාණන් වහන්සේම දන්නා සේකැයි සිතා මෙසේ කීවේය. දරුව, නුඹගේ පුතුට බෙහෙත් දන්නා අනෙකෙක් නම් නැත. දෙවියන් සහිත ලෝකයෙහි අග්ර පුද්ගලවූ බුදුරජාණන්වහන්සේ සමීප විහාරයෙහි වැඩවසන සේක. උන්වහන්සේ වෙතට ගොස් විමසුව.’ ඕතොමෝ (මේ) මිනිසා ඇත්තක් කියන්නේයයි පුතු රැගෙන බුදුරජාණන්වහන්සෙ බුද්ධාසනයෙහි හුන්වේලාවෙහි පිරිස කෙළවර සිට භාග්යවතුන්වහන්ස, මගේ පුතුට බෙහෙතක් දෙනු මැනවැයි කීවාය.
ශාස්තෘන්වහන්සේ ඇයගේ උපනිශ්රය දැක, ‘ගෝතමිය, බෙහෙත් සඳහා මෙහි පැමිණි ඔබ විසින් මනාදෙයක් කරනලදී. යන්න, නුවරට පිවිස කෙළවරෙහි පටන් සියලු නුවර හැසිර යම් ගෙයක කිසියම් මියගිය පුද්ගලයෙක් නැත්ද ඒ ගෙයින් අබ ගෙනෙව’යි පැවසූසේක. ඕ තොමෝ මැනවි ස්වාමීනිය සතුටු සිතැත්තී ඇතුල්නුවරට පිවිස පළමු ගෙහිදීම බුදුරජාණන්වහන්සේ මගේ පුතුට බෙහෙත් සඳහා අබ ගෙන්වන සේක. මට අබ දෙනු මැනවැයි කීවාය. මැනවි, ගෝතමියයි පවසා (අබ) ගෙනවුත් දුන්නාහුය. ‘මෙය මෙසේ ගැනීමට නොහැක. මේ ගෙහි කිසියම් පළපුද්ගලයෙක් නැත්දැ’යි ඇසුවාය. ‘ගෝතමිය, කුමක් කියෙහිද? කවරෙක් මෙහි මළවුන් ගණන් කිරීමට හැක්කේද? ඔවුහු කීහ. එසේ වීනම් මෙය මම නහමක් නොගනිමි. දශබලයන්වහන්සේ යම් තැනක මළකෙනෙක් ඇත්ද එම ගෙයින් අබ මා ලවා නොගන්වනසේකැයි ඇය කීවාය. ඕතොමේ මේ අයුරින්ම තෙවැනි ගෙයට ගොස් සිතුවාය: සියලු නගරයෙහි මේ ක්රමයම වන්නේය. මෙය හිතානුකම්පා ඇති බුදුරජාණන්වහන්සේ විසින් මෙය දක්නා ලද්දේ වන්නේයයි සංවේගය ලැබ එයින් පිටතට නික්ම අමුසොහොනට (මළපුතු) ගෙන ගොස් පුතු අතින් ගෙන ‘පුත, මම මේ මරණය නුඹටම උපන් දෙයකැයි සිතුවෙමි. මෙය නුඹට පමණක්වූවක් නොවේ. මේ ධර්මය මහජනයාට සාධාරණවූවකැයි පවසා පුතු අමු සොහොනෙහි දමා මේ ගාථාව කීවාය.