කිසාගොතමී තෙරණිය
දොළොස්වැන්නෙහි ලූඛචීවරධරානං යන්නෙන් තුන්රළු බවකින් යුත් පාංශුකූල දරන්නාවූ භික්‍ෂුණීන් අතුරෙන් කිසාගොතමී අග්‍රවන්නීයයි දැක්වෙයි. ගොතමී යනු ඇයගේ නමයි. මඳක් වැහැරුණු ස්වභාව ඇති බැවින් කිසාගොතමියි කියනුලැබේ. මෝතොමෝත් පියුමුතුරා බුදුන් කල හංසවතියෙහි කුලගෙයක උපන්නී ශාස්තෘන්වහන්සේගේ ධර්‍මදේශනය අසමින් එක්භක්‍ෂුණියක රළු සිවුරුදරන භික්‍ෂුණීන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තබන ශාස්තෘන්වහන්සේ දැක පින්දහම්කොට ඒ තනතුර පැතුවාය. ඕ කල්ප ලක්‍ෂයක් දෙව්මිනිසුන් අතර සැරිසරා මේ බුද්ධොත්පාදයෙහි සැවැත්නුවර දිළිඳුකුලයක උපන්නී වියපත් කල්හි එක් කුලයකට ගියාය. එහිදී ඇයට දිළිඳුකුලයක උපන්නී වියපත් කල්හි එක් කුලයකට ගියාය. එහිදී ඇයට දිළිඳුකුලයක දුවකැයි නින්දා කළාහුය.
මීතොමෝ මෑත කාලයෙහි පුතකු වැදුවාය. ඉක්බිති ඇයට ගෞරව කළාහුය. ඒ දරුවා වනාහි දුවපැන කෙළින වියෙහි සිටියේ කළුරිය කළේය. ඇයට දුකක් උපන්නේය. ඕතොමෝ, ‘මම මේ ගෙදරදීම පිරිහුණු ලාභසත්කාර ඇත්තියකවී පුතු උපන් කල්හි පටන් සත්කාරයට පැමිණියෙමි. මොවුහු මේ මගේ පුතු පිටත දැමීමටද උත්සාහ කරන්නහුය’යි පුතු ඇකයෙන් ගෙන මගේ පුතුට පිටත දැමීමටද උත්සාහ කරන්නහුය’යි පුතු ඇකයෙන් ගෙන මගේ පුතුට බෙහෙතක් දෙන්නැයි ගෙදොරෙහි පිළිවෙළින් හැසිරෙයි. දුටු දුටු තන්හි මිනිස්සු මියගිය ඔහුට කොහි බෙහෙත් දුටුවිරූදැයි අතින් ගසා නින්දා කරත්. ඒ තොමෝ ඔවුන්ගේ කථාව නොසලකමින් යයි. ඉකිබිති කිසියම් නුවණැති මිනිසෙක් ඇය දැක මෝ පුතුසොවින් සිත්වියවුලට පත්වූවාවන්නීයයි මැයට වනාහි බොහෙත් අනිකෙක් නොදනියි. බුදුරජාණන් වහන්සේම දන්නා සේකැයි සිතා මෙසේ කීවේය. දරුව, නුඹගේ පුතුට බෙහෙත් දන්නා අනෙකෙක් නම් නැත. දෙවියන් සහිත ලෝකයෙහි අග්‍ර පුද්ගලවූ බුදුරජාණන්වහන්සේ සමීප විහාරයෙහි වැඩවසන සේක. උන්වහන්සේ වෙතට ගොස් විමසුව.’ ඕතොමෝ (මේ) මිනිසා ඇත්තක් කියන්නේයයි පුතු රැගෙන බුදුරජාණන්වහන්සෙ බුද්ධාසනයෙහි හුන්වේලාවෙහි පිරිස කෙළවර සිට භාග්‍යවතුන්වහන්ස, මගේ පුතුට බෙහෙතක් දෙනු මැනවැයි කීවාය.
ශාස්තෘන්වහන්සේ ඇයගේ උපනිශ්‍රය දැක, ‘ගෝතමිය, බෙහෙත් සඳහා මෙහි පැමිණි ඔබ විසින් මනාදෙයක් කරනලදී. යන්න, නුවරට පිවිස කෙළවරෙහි පටන් සියලු නුවර හැසිර යම් ගෙයක කිසියම් මියගිය පුද්ගලයෙක් නැත්ද ඒ ගෙයින් අබ ගෙනෙව’යි පැවසූසේක. ඕ තොමෝ මැනවි ස්වාමීනිය සතුටු සිතැත්තී ඇතුල්නුවරට පිවිස පළමු ගෙහිදීම බුදුරජාණන්වහන්සේ මගේ පුතුට බෙහෙත් සඳහා අබ ගෙන්වන සේක. මට අබ දෙනු මැනවැයි කීවාය. මැනවි, ගෝතමියයි පවසා (අබ) ගෙනවුත් දුන්නාහුය. ‘මෙය මෙසේ ගැනීමට නොහැක. මේ ගෙහි කිසියම් පළපුද්ගලයෙක් නැත්දැ’යි ඇසුවාය. ‘ගෝතමිය, කුමක් කියෙහිද? කවරෙක් මෙහි මළවුන් ගණන් කිරීමට හැක්කේද? ඔවුහු කීහ. එසේ වීනම් මෙය මම නහමක් නොගනිමි. දශබලයන්වහන්සේ යම් තැනක මළකෙනෙක් ඇත්ද එම ගෙයින් අබ මා ලවා නොගන්වනසේකැයි ඇය කීවාය. ඕතොමේ මේ අයුරින්ම තෙවැනි ගෙයට ගොස් සිතුවාය: සියලු නගරයෙහි මේ ක්‍රමයම වන්නේය. මෙය හිතානුකම්පා ඇති බුදුරජාණන්වහන්සේ විසින් මෙය දක්නා ලද්දේ වන්නේයයි සංවේගය ලැබ එයින් පිටතට නික්ම අමුසොහොනට (මළපුතු) ගෙන ගොස් පුතු අතින් ගෙන ‘පුත, මම මේ මරණය නුඹටම උපන් දෙයකැයි සිතුවෙමි. මෙය නුඹට පමණක්වූවක් නොවේ. මේ ධර්‍මය මහජනයාට සාධාරණවූවකැයි පවසා පුතු අමු සොහොනෙහි දමා මේ ගාථාව කීවාය.
යම් මේ අනිත්‍යතාවක් වේද? එය ගමකට අයත් දහමක් නොවේ. නියම් ගමකට අයත් දහමක නොවේ. එක්කුලයකට උරුමවූ දහමක්ද නොවේ මෙය දෙවියන් සහිත සියලු ලෝකයේ ධර්‍මයයි.
මෙසේද කියා ශාස්තෘන්වහන්සේ සමීපයට ගියාය. ඉක්බිති ශාස්තෘන්වහන්සේ ඇයගෙන්, ගෝතමිය, ඔබවිසින් අබ ලබානලදදැයි ඇසූ සේක. ‘ස්වාමීනි, අබවලින් (ගතයුතු) වැඩය නිමාවිය. පිහිටක් දෙනුමැනවැයි ඕතොමෝ කීවාය. ඉක්බිති ඇයට ශාස්තෘන්වහන්සේ ධම්මපදයෙහි මේ ගාථාව දෙසූ සේක.
‘මහසැඬවතුරත් නිදිගත් ගමක් ගසාගෙන යන්නාක් මෙන් මාරයා පුතුන් හා ගයන් (හේතුවෙන්) මත්වූ තදින් ඇලුණු මනසක් ඇති මිනිසා රැගෙන යයි.’
ඔතොමෝ ගාථාව අවසන්හි සිටි පරිද්දෙන්ම සෝවාන්පෙලෙහි පිහිටා පැවිද්ද ඇයැද සිටියාය. ශාස්තෘන්වහන්සේ පැවිද්ද අනුදත්සේක. ඕතොමෝ තෙවරක් ශාස්තෘන්වහන්සේ පැදකුණු කොට වැඳ මෙහෙණවරකට ගොස් පැවිදි වූවාය. උපසපන් බව ලැබ නොබෝ දිනකින්ම නුවණින් මෙනෙහි කිරීමෙහි කටයුතු කරන්නී විදසුන් වැඩුවාය. ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ ඇයට මෙම ඔභාස ගාථාව පැවසූසේක.
‘අමා පදය (නිවන) නොදකිමින් යමෙක් අවුරුදු සියයක් ජීවත් වේද? අමාපදය දක්නහුගේ එක්දින ජීවිතය ශ්‍රේෂ්ඨය.’
ඕතොමෝ ගාථාවගේ අවසන්හි රහත්බව පැමිණියා පිරිකර පරිහරණයෙහි පරම උත්කෘෂ්ටවූවාවී තුන් රළුබවකින් යුත් සිවුරු පොරවා හැසිරුණාය. මෑත කාලයෙහි භාග්‍යවතුන්වහන්සේ දෙව්රමෙහි වැඩ හුන්සේක් භික්‍ෂුණීන් පිළිවෙළින් තනතුරුවල තබමින් මේ තෙරණිය රළු සිවුරුදරණ භික්‍ෂුණීන් අතුරින් අගතන්හි තැබූසේක.
සිගාලකමතා තෙරණිය
තෙළෙස්වැන්නෙහි සද්ධාධිමුත්තානං යන්නෙන් ශ්‍රද්ධාලක්‍ෂණයෙහි මනාව පිවිසි භික්‍ෂුණීන් අතුරින් සිගාලකමාතාව අග්‍රයයි දැක්වෙයි. අගුයයි දැක්වෙයි. මෝතොමෝ වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නී ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාව අසමින් එක් භික්‍ෂුණියක ශ්‍රද්ධාධිමුක්තකවූ භික්‍ෂුණීන් අතුරින් අග තන්හි තබන්නාවූ භාග්‍යවතුන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවාය. ඒ කල්ප ලක්‍ෂයක් දෙවිමිනිසුන් අතර සැරිසරා මේ බුද්ධොත්පාදයෙහි රජගහනුවර සිටුකුලයක උපන්නා සමානජාතික කුලයකට ගොස් එක් පුතෙකු වැදුවාය. ඔහුට සිගාලක කුමාරයයි නම් කළාහුය. ඕතොමෝද එකරුණින්ම සිගාලකමාතා නම් වූවාය. ඕතොමෝ එක් දිනක් ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාව අසා ලදශ්‍රද්ධාව ඇත්තී භාග්‍යවතුන්වහන්සේ සමීපයෙහි පැවිදිවූවාය. පැවිදිවූ කල පටන් සද්ධින්‍ද්‍රිය අධිමාත්‍රව (ශද්ධා නැමති ඉන්‍ද්‍රිය ඉතා අධික ලෙස) ලැබුවාය. ඕතොමේ දහම් ඇසීම සඳහා විහාරයට ගොස් භාග්‍යවතුන්වහන්සේගේ ශරීරනිෂ්පත්තිය බලමින්ම සිටින්නීය. ශාස්තෘන්වහන්සේ ඇයගේ ශ්‍රද්ධාලක්‍ෂණයෙහි දැඩිසේ පිවිසුණුබව දැන යෝග්‍ය දෙයක්කොට පැහැදෙනසුලුවූම දහමක් දෙසනසේක. ඒ තෙරණියද ශ්‍රද්ධා ලක්‍ෂණයම ධුරයකොට රහත්බවට පැමිණියාය. ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ මෑතකාලයෙහි දෙව්රම වැඩ හිඳ භික්‍ෂුණීන් පිළිවෙළින් තනතුරුවල තබනසේක් මෙම තෙරණිය ශ්‍රද්ධාධිමුක්තකවූ භික්‍ෂුණීන් අතුරින් අගතනතුරෙහි තැබූසේක.