494. සම්‍යක්ප්‍රධානයෝ සතර දෙනෙකි. මෙ සස්නෙහි මහණ තෙම නූපන් ලාමක අකුශලධර්‍මයන්ගේ නො ඉපදීම පිණිස කුශලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ. උපන් ලාමක අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍යකෙරේ. නූපන් කුශලධර්‍මයන්ගේ ඉපදීම පිණිස කුශලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත දිරි ගන්වයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ. උපන් කුශලධර්‍මයන්ගේ සිටීම පිණිස නො නැසීම පිණිස පුනපුනා ඉපදීම පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූර්‍ණ බව පිණිස කුශලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත දිරිගන්වයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ.
495. කිසෙයින් මහණ නූපන් ලාමක අකුශලධර්‍මයන්ගේ නො ඉපදීම පිණිස කුශලච්ඡන්‍දය උපදවා ද, වෑයම් කෙරේ ද, වැර අරඹා ද, සිත දිරිගන්වා ද, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුක්පිළිවෙත් ඇති ලැසි අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි නූපන් ලාමක අකුශලධර්‍මයන්ගේ නො ඉපදීම පිණිස කුශලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත දිරිගන්වයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ.
ඡන්‍දං ජනෙති යනු: එහි ‘ඡන්‍ද’ කවරෙ යත්: යම් ඡන්‍දයෙක් ඡන්‍දය කරන අයුරෙක් කරනු කැමැති බවෙක් කුශලයෙක් ස්වභාවඡන්‍දයෙක් වේ ද, මේ ‘ඡන්‍ද’ යි කියනු ලැබේ. මේ ඡන්‍දය උපදවයි, නිරතුරු උපදවයි, නඟාසිටුවයි, මොනොවට නඟාසිටුවයි, නිපදවයි, වෙසෙසින් නිපදවයි, එහෙයින් ‘ඡන්‍දං ජනෙති’ යි කියනු ලැබේ.
වායමති යනු: එහි ‘වායාම’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘වායාම’ යි කියනු ලැබේ. මේ වායාමයෙන් උපේත වූයේ සමුපේත වූයේ එළඹසිටියේ නො වෙන් වූයේ පිරිපුන් වූයේ සමන්‍විත වූයේ යි. එහෙයින් ‘වායමති’ යි කියනු ලැබේ.
විරියං ආරභති යනු: එහි ‘විරිය’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘විරිය’ යි කියනු ලැබේ. මේ වීර්‍ය්‍යය අරඹයි, මොනොවට අරඹයි, ආසෙවනය කෙරෙයි, භාවනා කෙරෙයි, පුනපුනා කෙරේ. එහෙයින් ‘විරියං ආරභති’ යි කියනු ලැබේ.
චිත්තං පග්ගණ්හාති යනු: එහි ‘චිත්ත’ කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය නඟාසිටුවයි, පුනපුනා නඟාසිටුවයි, රුකුල් දෙයි, පුනපුනා රුකුල් දෙයි, එහෙයින් ‘චිත්තං පග්ගණ්හාති’ යි කියනු ලැබේ.
පදහති යනු: එහි ‘සම්‍යක්ප්‍රධාන’ කවරෙ යත්: යම් චෛතසිකවීර්‍ය්‍යාරම්භයෙක් ... මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්‍යක්ප්‍රධාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ සම්‍යක් ප්‍රධාන සම්ප්‍රයුක්ත යෝ යි.
496. කිසෙයින් මහණ උපන් ලාමක අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශලච්ඡන්‍දය උපදවා ද, වෑයම් කෙරේ ද, වැර අරඹා ද, සිත නඟාසිටුවා ද, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථම භූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යධානයට පැමිණ වෙසේ ද, එසමයෙහි උපන් ලාමක අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ.
ඡන්‍දං ජනෙති යනු: ... වායමති යනු: ... විරියං ආරභති යනු: ... චිත්තං පග්ගණ්හාති යනු: ... පදහති යනු: එහි ‘සම්‍යක්ප්‍රධාන’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්‍යක්ප්‍රධාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ සම්‍යක්ප්‍රධානසම්ප්‍රයුක්තයෝ යි.
497. කිසෙයින් මහණ නූපන් කුශලධර්‍මයන්ගේ උත්පාදය පිණිස කුශලච්ඡන්‍දය උපදවා ද, වෑයම් කෙරේ ද, වැර අරඹා ද, චිත්තය නඟාසිටුවා ද, ප්‍රධන්වීර්‍ය්‍යකෙරේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධ - අභිඥා ඇති ප්‍රථමධ්‍යධානයට පැමිණ වෙසේ ද, එසමයෙහි නූපන් කුශලධර්‍මයන්ගේ උත්පාදය පිණිස කුශලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, චිත්තය නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ.
ඡන්‍දං ජනෙති යනු: ... වායමති යනු: ... විරියං ආරභති යනු: ... චිත්තංපග්ගණ්හාති යනු: ... පදහති යනු: එහි ‘සම්මප්පධාන’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්මප්පධාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ සම්මප්පධාන සම්ප්‍රයුක්තයෝ යි.
498. කිසෙයින් මහණ උපන් කුශලධර්‍මයන් සිටීම පිණිස නො නැසීම පිණිස පුනපුනා ඉපදීම පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූර්‍ණ බව පිණිස කුශලච්ඡන්‍දය උපදවා ද, වෑයම් කෙරේ ද, වැර අරඹා ද, සිත නඟාසිටුවා ද, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධ – අභිඥා ඇති ප්‍රථමධ්‍යධානයට පැමිණ වෙසේ ද, එසමයෙහි උපන් කුශලධර්‍මයන් සිටීම පිණිස නො නැසීම පිණිස පුනපුනා ඉපදීම පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූර්‍ණ බව පිණිස කුශලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ.