499. සම්යක්ප්රධානයෝ සතර දෙනෙකි: මෙ සස්නෙහි මහණ නූපන් ලාමක අකුශලධර්මයන් නො ඉපදීම පිණිස කුශලච්ඡන්දය උපදවයි, ව්යායාම කෙරෙයි, වැර අරඹයි, සිත නඟාසිටුවයි, ප්රධන්වීර්ය්යය කෙරේ. උපන් ලාමක අකුශලධර්මයන් ප්රහාණය කිරීම පිණිස ... නූපන් කුශලධර්මයන් ඉපදීම පිණිස ... උපන් කුශලධර්මයන් සිටීම පිණිස නො නැසීම පිණිස පුනපුනා ඉපදීම පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූර්ණ වීම පිණිස කුශලච්ඡන්දය උපදවයි, ව්යායාම කෙරෙයි, වැර අරඹයි. සිත නඟාසිටුවයි, ප්රධන්වීර්ය්ය කෙරේ.
500. සතර සම්යක්ප්රධානයන් අතුරෙහි කුශලයෝ කෙතෙක් ද, අකුශලයෝ කෙතෙක් ද, අව්යාකෘතයෝ කෙතෙක් ද ... සරණයෝ කෙතෙක් ද, අරණයෝ කෙතෙක් ද යත්:
501. (සතර සම්යක්ප්රධානයෝ) කුශලයෝ මැ යි.
සුඛවේදනාව හා සම්ප්රයුක්ත ද වන්නාහ, උපේක්ෂාවේදනාව හා සම්ප්රයුක්ත ද වන්නාහු ය.
විපාකස්වභාවධර්මයෝ ය.
අනුපාදින්නඅනුපාදානියයෝ ය.
අසංක්ලිෂ්ටඅසාංක්ලේශිකයහ.
සවිතර්කසවිචාර ද වන්නාහ, අවිතර්කවිචාරමාත්ර ද වන්නාහ, අවිතර්කඅවිචාර ද වන්නාහු ය.
ප්රීතිසහගත ද වන්නාහ, සුඛසහගත ද වන්නාහ, උපේක්ෂාසහගත ද වන්නාහු ය.
නො ම දර්ශනයෙන් නො ද භාවනායෙන් ප්රහාතව්යයෝ ය.
නො ම දර්ශනයෙන් නො ද භාවනායෙන් ප්රහාතව්යහේතු ඇත්තාහු ය.
අපචයගාමීහු ය.
ශෛක්ෂයෝ ය.
අප්රමාණයෝ ය.
අප්රමාණාලම්බනයෝ ය.
ප්රණීතයෝ ය.
සම්යක්ත්වනියතයෝ ය.
මාර්ගාලම්බනයෝ නො වෙති, මාර්ගහේතුකයහ, මාර්ගාධිපති ද වන්නාහ, ‘මාර්ගාධිපති’ යි නො කියයුතු ද වන්නාහු ය.
උත්පන්න ද වන්නාහ, අනුත්පන්න ද වන්නාහ, උත්පාදීහුයි නො කියයුත්තාහුය.
අතීත ද වන්නාහ, අනාගත ද වන්නාහ, ප්රත්යුත්පන්න ද වන්නාහු ය.
අතීතාලම්බනහ යි ද අනාගතාලම්බනහ යි ද ප්රත්යුත්පන්නාලම්බනහ යි ද නො කියයුත්තාහු ය.
අධ්යාත්ම ද වන්නාහ, බාහිර ද වන්නාහ, අධ්යාත්මබාහිර ද වන්නාහු ය.
බාහිරාලම්බනයෝ ය.
අනිදර්ශන අප්රතිඝයෝ යි.
502. (සතර සම්යක්ප්රධානයෝ) හේතූහු නො වෙති.
සහේතුකයෝ ය.
හේතුසම්ප්රයුක්තයෝ ය.
හේතු ද වූම සහේතුකහ යි නො කියයුත්තාහ, සහේතුක ද වූවාහු ම නො ද හේතු වෙති.
හේතු ද වූ ම හේතුසම්ප්රයුක්තහ යි නො කියයුත්තාහ, හේතුසම්ප්රයුක්ත ද වූවාහු ම නො ද හේතුහු වෙති.
හේතු නො වූ සහේතුකයෝ යි.