අභිධර්‍මපිටකයෙහි
ධම්මසඞ්ගණීප්‍රකරණය
මාතෘකා
අභිධර්‍මමාතෘකා
ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
1. කුශලධර්‍මයෝ යැ,
අකුශලධර්‍මයෝ යැ,
අව්‍යාකෘතධර්‍මයෝ යි.
2. සුඛවේදනාව හා සම්ප්‍රයුක්තධර්‍මයෝ යැ,
දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්තධර්‍මයෝ යැ,
අදුඃඛඅසුඛ වේදනාව හා සම්ප්‍රයුක්තධර්‍මයෝ යි.
3. විපාක ධර්‍මයෝ යැ,
විපාක ස්වභාවධර්‍මයෝය යැ,
නොමැවිපාක වූ විපාකස්වභාව නො වූ ධර්‍මයෝ යි.
4. උපාදින්නඋපාදානීයධර්‍මයෝ යැ,
අනුපාදින්නඋපාදානීයධර්‍මයෝ යැ,
අනුපාදින්නඅනුපාදානීයධර්‍මයෝ යි.
5. සඞ්කිලිට්ඨසඞ්කිලේසික ධර්‍මයෝ යැ,
අසඞ්කිලිට්ඨසඞ්කිලේසික ධර්‍මයෝ යැ,
අසඞ්කිලිට්ඨඅසඞ්කිලේසික ධර්‍මයෝ යි.
6. සවිතර්‍කසවිචාරධර්‍මයෝ යැ,
අවිතර්‍කවිචාරමාත්‍රධර්‍මයෝ යැ,
අවිතර්‍කඅවිචාරධර්‍මයෝ යි.
7. ප්‍රීතිසහගතධර්‍මයෝ යැ,
සුඛසහගතධර්‍මයෝ යැ,
උපේක්‍ෂාසහගත ධර්‍මයෝ යි.
8. දර්‍ශනයෙන් (සෝවාන් මගින්) ප්‍රහාතව්‍යධර්‍මයෝ යැ,
භාවනායෙන් (ශේෂමාර්‍ගත්‍රයෙන්) ප්‍රහාතව්‍යධර්‍මයෝ යැ,
නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයෝ යි.
9. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු ඇති ධර්‍මයෝ යැ,
භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇති ධර්‍මයෝ යැ,
නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයෝ යි.
10. ආචයගාමී (ප්‍රතිසන්‍ධි ච්‍යුති ගති ප්‍රවෘත්තීන්ට පමුණුවන) ධර්‍මයෝ යැ,
අපචයගාමී (නිවනට පමුණුවන) ධර්‍මයෝ යැ,
නො මැ ආචයගාමී නො ද අපචයගාමී ධර්‍මයෝ යි.
11. ශෛක්‍ෂධර්‍මයෝ යැ,
අශෛක්‍ෂධර්‍මයෝ යැ,
නො මැ ශෛක්‍ෂ වූ නො ද අශෛක්‍ෂ වූ ධර්‍මයෝ යි.
12. පරිත්ත (කාමාවචර) ධර්‍මයෝ යැ,
මහද්ගත (රූපාරූප) ධර්‍මයෝ යැ.
අප්‍රමාණ (ලෝකෝත්තර) ධර්‍මයෝ යි.
13. පරිත්තාලම්බනධර්‍මයෝ යැ,
මහද්ගතාලම්බනධර්‍මයෝ යැ,
අප්‍රමාණලම්බනධර්‍මයෝ යි.
14. හීන (ලාමකඅකුශල) ධර්‍මයෝ යැ,
මධ්‍යම (අවශේෂත්‍රෛභූමික) ධර්‍මයෝ යැ.
ප්‍රණීත (ලෝකෝත්තර) ධර්‍මයෝ යි.
15. මිථ්‍යාත්‍වනියත (මිථ්‍යාස්වභාව) ධර්‍මයෝ යැ,
සම්‍යක්ත්‍වනියතධර්‍මයෝ යැ,
අනියතධර්‍මයෝ යි.
16. මාර්‍ගාලම්බනධර්‍මයෝ යැ,
මාර්‍ගහේතුකධර්‍මයෝ යැ,
මාර්‍ගාධිපතිධර්‍මයෝ යි.
17. උත්පන්නධර්‍මයෝ යැ,
අනුත්පන්නධර්‍මයෝ යැ,
උත්පාදී (අවශ්‍යයෙන් උපදනා) ධර්‍මයෝ යි.
18. අතීතධර්‍මයෝ යැ,
අනාගතධර්‍මයෝ යැ,
ප්‍රත්‍යුත්පන්නධර්‍මයෝ යි.