479. ස්මෘතිප්රස්ථානයෝ සතර දෙනෙකි: මෙ සස්නෙහි මහණ තෙම කෙලෙස් තවන වැර ඇති ව සම්යග්ඥාන ඇති ව සිහි ඇති ව කාය සඞ්ඛ්යාත ලෝකයෙහි අභිධ්යාව හා දොම්නස දුරු කොට කයෙහි කය අනුව බලමින් වෙසෙයි, කෙලෙස් තවන වැර ඇති ව සම්යග්ඥාන ඇති ව සිහි ඇති ව වේදනා සඞ්ඛ්යාත ලෝකයෙහි අභිධ්යාව හා දොම්නස දුරු කොට වේදනාවන්හි වේදනා අනුව බලමින් වෙසෙයි, කෙලෙස් තවන වැර ඇති ව සම්යග්ඥාන ඇති ව සිහි ඇති ව චිත්ත සඞ්ඛ්යාත ලෝකයෙහි අභිධ්යාව හා දොම්නස දුරු කොට සිතෙහි සිත අනුව බලමින් වෙසෙයි, කෙලෙස් තවන වැර ඇති ව සම්යග්ඥාන ඇති ව සිහි ඇති ව ධර්ම සඞ්ඛ්යාත ලෝකයෙහි අභිධ්යාව හා දොම්නස දුරු කොට ධර්මයන්හි ධර්මය අනුව බලමින් වෙසේ.
480. සතර සතිපට්ඨානයන් අතුරෙහි කෙතෙක් කුශලයෝ ද කෙතෙක් අකුශලයෝ ද කෙතෙක් අව්යාකෘතයෝ ද ... කෙතෙක් සරණයෝ ද කෙතෙක් අරණයෝ ද යත්:
481. (සතර සතිපට්ඨානයෝ) කුසල් ද වන්නාහ, අව්යාකෘත ද වන්නාහු ය.
සුඛවේදනාව හා සම්ප්රයුක්ත ද වන්නාහ, උපේක්ෂාවේදනාව හා සම්ප්රයුක්ත ද වන්නාහු ය.
විපාක ද වන්නාහ, විපාකස්වභාවධර්ම ද වන්නාහු ය.
අනුපාදින්නෝපාදානියහ.
අසංක්ලිෂ්ටඅසාංක්ලේශිකයහ.
සවිතර්කසවිචාර ද වන්නාහ, අවිතර්කවිචාරමාත්ර ද වන්නාහ, අවිතර්කඅවිචාර ද වන්නාහු ය.
ප්රීතිසහගත ද වන්නාහ, සුඛසහගත ද වන්නාහ, උපේක්ෂාසහගත ද වන්නාහු ය.
නො ම දර්ශනයෙන් නො ද භාවනායෙන් ප්රහාතව්ය හ.
නො ම දර්ශනයෙන් නො ද භාවනායෙන් ප්රහාතව්ය හේතු ඇතියහ.
අපචයගාමී ද වන්නාහ, නො ම ආචයගාමී නො ද අපචයගාමී ද වන්නාහු ය.
ශෛක්ෂ ද වන්නාහ, අශෛක්ෂ ද වන්නාහු ය.
අප්රමාණයහ.
අප්රමාණාලම්බනයහ.
ප්රණීතයහ.
සම්යක්ත්වනියත ද වන්නාහ, අනියත ද වන්නාහු ය.
මාර්ගාලම්බනයෝ නො වෙති, මාර්ගහේතුක ද වන්නාහ, මාර්ගාධිපති ද වන්නාහ, මාර්ගහේතුකහ යි ද මාර්ගාධිපති යි ද නො කියයුතු ද වන්නාහු ය.
උත්පන්න ද වන්නාහ, අනුත්පන්න ද වන්නාහ, උත්පාදී ද වන්නාහු ය.
අතීත ද වන්නාහ, අනාගත ද වන්නාහ, ප්රත්යුත්පන්න ද වන්නාහු ය.
අතීතාලම්බනහ යි ද අනාගතාලම්බනහ යි ද ප්රත්යුත්පන්නාලම්බනහ යි ද නො කිය යුත්තාහ.
අධ්යාත්ම ද වන්නාහ, බාහිර ද වන්නාහ, අධ්යාත්මබාහිර ද වන්නාහු ය.
බාහිරාලම්බනයහ.
අනිදර්ශනඅප්රතිඝයහ.
482. හේතූහු නො වෙති.
සහේතුකයහ.
හේතුසම්ප්රයුක්තයහ.
හේතු ද වූ ම සහේතුකහ යි ද නො කියයුත්තාහ,
සහේතුක ද වූවාහු ම නො ද හේතූහු වෙති.