සූත්‍රාන්තභාජනිය යි.
467. ස්මෘතිප්‍රස්ථානයෝ සතර දෙනෙකි: මෙ සස්නෙහි මහණ තෙම (රූප) කයෙහි කය අනුව බලමින් වෙසෙයි, වේදනාවන්හි වේදනා අනුව බලමින් වෙසෙයි, සිතෙහි සිත අනුව බලමින් වෙසෙයි, (නීවරණාදි) ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වෙසේ.
468. කිසෙයින් මහණ තෙම කයෙහි කය අනුව බලමින් වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථම භූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කයෙහි කය අනුව බලමින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුක් වූ පිළිවෙත් ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ස්මෘතියක් අනුස්මෘතියක් සම්‍යක් ස්මෘතියක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘ස්මෘතිප්‍රස්ථාන’ යි කියනු ලැබේ. අවශේෂ ධර්‍මයෝ ‘ස්මෘතිප්‍රස්ථානසම්ප්‍රයුක්තයෝ’ යි.
469. කිසෙයින් මහණ තෙම වේදනාවන්හි වේදනා අනුව බලමින් වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථම භූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණිකවූ අපචයගාමීවූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, වේදනාවන්හි වේදනා අනුව බලමින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුක් වූ පිළිවෙත් ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ස්මෘතියක් අනුස්මෘතියක් සම්‍යක් ස්මෘතියක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘ස්මෘතිප්‍රස්ථාන’ යි කියනු ලැබේ. අවශේෂ ධර්‍මයෝ ‘ස්මෘතිප්‍රස්ථානසම්ප්‍රයුක්තයෝ’ යි.
470. කිසෙයින් මහණ තෙම සිතෙහි සිත අනුව බලමින් වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථම භූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, සිතෙහි සිත අනුව බලමින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුක් වූ පිළිවෙත් ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ස්මෘතියක් අනුස්මෘතියක් සම්‍යක්ස්මෘතියක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘ස්මෘතිප්‍රස්ථාන’ යි කියනු ලැබේ. අවශේෂ ධර්‍මයෝ ස්මෘතිප්‍රස්ථානසම්ප්‍රයුක්තයෝ’ යි.
471. කිසෙයින් මහණ තෙම (නීවරණාදි) ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථම භූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුක් වූ පිළිවෙත් ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ග පර්‍ය්‍යාපන්න වූ යම් ස්මෘතියක් අනුස්මෘතියක් සම්‍යක්ස්මෘතියක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘ස්මෘතිප්‍රස්ථාන’ යි කියනු ලැබේ. අවශේෂ ධර්‍මයෝ ‘ස්මෘති ප්‍රස්ථානසම්ප්‍රයුක්තයෝ’ යි.
472. එහි ‘ස්මෘතිප්‍රස්ථාන’ කවරෙ යත්: මෙ සස්නෙහි මහණ තෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථම භූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, ධර්‍මයන්හි ධර්‍මානුදර්ශී ව කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ස්මෘතියක් අනුස්මෘතියක් සම්‍යක්ස්මෘතියක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘ස්මෘතිප්‍රස්ථාන’ යි කියනු ලැබේ. අවශේෂ ධර්‍මයෝ ස්මෘතිප්‍රස්ථානසම්ප්‍රයුක්තයෝ යි.
473. සතිපට්ඨානයෝ සතර දෙනෙකි: මෙ සස්නෙහි මහණ තෙම කයෙහි කය අනුව බලමින් වෙසෙයි, වේදනාවන්හි ... චිත්තයෙහි ... ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වෙසේ.
474. කිසෙයින් මහණ කයෙහි කය අනුව බලමින් වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථම භූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛ වූ ප්‍රතිපදා ඇති දන්‍ධ වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තර කුශලධ්‍යානය කළ බැවින් වැඩු බැවින් කයෙහි කය අනුව බලමින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛ වූ ප්‍රතිපදා ඇති දන්‍ධ වූ අභිඥා ඇති ශුන්‍යත වූ විපාකප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ස්මෘතියක් අනුස්මෘතියක් සම්‍යක් ස්මෘතියක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සතිපට්ඨාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ සතිපට්ඨානසම්ප්‍රයුක්තයෝ යි.
475. කිසෙයින් මහණ වේදනාවන්හි වේදනා අනුව බලමින් වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථම භූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛ වූ ප්‍රතිපදා ඇති දන්‍ධ වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින් වැඩු බැවින් වේදනාවන්හි වේදනා අනුව බලමින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛ වූ ප්‍රතිපදා ඇති දන්‍ධ වූ අභිඥා ඇති ශුන්‍යත වූ විපාකප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ස්මෘතියක් අනුස්මෘතියක් සම්‍යක්ස්මෘතියක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සතිපට්ඨාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ‘සතිපට්ඨානසම්ප්‍රයුක්තයෝ’ යි.